Naifmvlog

Naifm vlog Gossip and News

ඩැඩී කණ්ඩායම හැරගිය ගයාන් කාලෙකට පස්සේ නැවතත් කරළියට

අද වෙද්දී ලංකාවේ අතිශය ජනප්‍රියතාවයක් උසුලන Daddy සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් වුන ගයාන් පෙරේරා පසු කාලීනව කණ්ඩායමෙන් ඉවත්වෙලා විදේශ ගතවීම කාලයත් එක්ක ගොඩක් අයට අමතක වෙලා ගියා කිව්වොත් හරි. නමුත් නැවතත් කාලයකට පස්සේ ගොඩක් අය නැවත වතාවක් ගොඩක් අය ඔහු ගැන කතා කරන්න පටන් අරගෙන තියනවා.ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ පහුගිය දවසක ඔහු කරපු එක්තරා යූ ටියුබ් විදියෝ එකක්. ඒ වීඩියෝ එකත් එක්ක ගයාන් කාලෙකට පස්සේ නැවත වතාවක් කරළියට එන්නේ තමන් අලුතෙන් පටන් ගන්න යන යූ ටියුබ් චැනල් එක ගැන ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් දෙන්න.

අවුරුදු 6ක් වගේ කාලයක් එළියට පේන්න සංගීත කටයුතුවල නියැලුනේ නැති වුනත් ඒ හිස්තැන පුරවමින් තමන්ගේ ඉදිරි සංගීත කටයුතු ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්න මේ යූ ටියුබ් චැනල් එක පටන් ගත්තා කියලා තමයි ගයාන් කියන්නේ.කොහොම වුනත් මේ හඳුන්වාදීමේ වීඩියෝ එක දාලා දින කිහිපයක් ඇතුලත ගයාන් කරපු අලුත් නිර්මාණයක වීඩියෝ එකක් දාන්නත් අමතක කරලා තිබුනේ නෑ වගේම ලෝකය පුර විසිරිලා ඉන්න ගයාන්ගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඒ වෙනුවෙන් ලැබිලා තිබුනේ හිතාගන්නවත් බැරි තරමේ ප්‍රතිචාර කියලා කියන්න පුළුවන්. වීඩියෝ දෙකම පහළින් තියනවා ගිහින් බලන්න.