Naifmvlog

Naifm vlog Gossip and News

කාටවත් ළං වෙන්න බැරි අබි-රහස් රැසක් සැඟවුණු අද්භූත දූපතක්

ගිනි කඳු පුපුරා යෑමෙන් 1965 දී පිහිටුවන ලද සර්ට්සි දූපතට කිසිවකුට ප්‍රවේශ විය නොහැකිය. නමුත් වඩාත්ම පුහුණුව ලත් විද්‍යාඥයන් දූපතෙහි කිසිදු මාරාන්තික දෙයක් නොමැති බව පවසති. එහෙත් අයිස්ලන්තයේ තෝරාගත් කිහිප දෙනකුට පමණක් සංචාරය කිරීමට ඉඩදීම නිසා සියුම් හා අතිශය මතභේදාත්මක කාරණයක් බවට පත්වී තිබේ.සර්ට්සි දූපතේ සියුම් පරිසර පද්ධතිය මිනිසුන් විසින් විනාශ කරනු ඇතැයි යන බිය නිසා එසේ කළ බවත් කියැවේ.

එහෙත් ගිනි කන්දෙහි නව පිපිරීම් සමඟ නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී. මෙම ගිනි කඳු දූපත අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් අපේක්ෂා කරන අතර අනෙක් පුද්ගලයන්ට සංචාරය කිරීමට අවසර නැත.දිවයිනේ නව ශාක හා සත්ත්ව විශේෂ වර්ධනය වෙමින් පවතින අතර මිනිසුන් ඒවා සමඟ නිරන්තරයෙන් කටයුතු කළේ නම් ඒවා වර්ධනය වීමට නොහැකි වනු ඇත. දිවයිනට පැමිණීමට අවසර ඇති ඉහළ පුහුණුව ලත් විද්‍යාඥයන් මෙම නව ජීවීන් විනාශ නොකර ඒවා නැරැඹිය හැකි ආකාරය දන්නා නිසා එහි සුරක්ෂිත බවක් තිබෙන බවත් කියැවෙයි.

අයිස්ලන්ත වෙරළට ඔබ්බෙන් වූ පාළු දූපතක ඇති මෙම විශේෂත්වය කුමක්ද? නිසැකවම, එය දිවයිනේ ශාක හා සත්ත්ව විශේෂ නිසා පමණක් නොවේ. මුලින් විශ්වාස කළ ප්‍රමාණයට වඩා සර්ට්සි දූපතේ බොහෝ දේ තිබිය හැකි යැයි විශ්වාස කෙරේ. මෙම දූපත රහසක් ලෙස තබා ඇත්තේ මන්ද සහ කිසිවකුට සංචාරය කිරීමට ඉඩ නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳ කතා බොහෝය. ඇතැමුන් කියන්නේ එය විශ්වය හා සම්බන්ධ සුවිශේෂ තැනක් බවය. තවත් සමහරුන් කියන්නේ එය අද්භූත තැනක් බවය. මිනිසුන්ට හිතකර නොවන රහස් රැසක් එහි ඇති බවත් කියැවේ.