Naifmvlog

Naifm vlog Gossip and News

වෛරසයෙන් ගැලවීමට ගවමුත්‍රා බොන ඉන්දියානුවෝ

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල පුද්ගල කණ්ඩායම් කොරෝනා වෛරසයෙන් ගැලවීමට ගව මුත්‍රා පානය කිරීමේ වැඩසටහන් සංවිධානය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අග්‍රාමාත්‍ය මෝදිගේ පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීන් ගව මුත්‍රා සහ අසූචි කොරෝනා වෛරසය වලක්වා ගැනීමට හා ප්‍රතිකාර සඳහා යෝග්‍ය බව පවසා ඇතැයි සඳහන්. අකිල් භාරත් හින්දු මහසභා නම් සංවිධානය පසුගිය සෙනසුරාදා ගවමුත්‍රා පානය කිරීමේ වැඩසටහනක් දිල්ලි අගනුවර දී සංවිධානය කර තිබුණා. බොහෝ හින්දු ජාතිකයන් ගවයා පූජනීය වස්තුවක් වශයෙන් සලකනවා. මෝදිගේ හින්දු ජනතාවාදී පක්ෂයේ සාමාජිකයන් බොහොමයක් ද ගව මුත්‍රා සහ අසූචි රෝග සුව කිරීමේ අරමුණින් බොහෝ කාලයක් තිස්සේ භාවිතා කරනවා.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික විශ්වාසයන් මත භාවිතයට ගන්නා මෙවැනි ද්‍රව්‍ය කොරෝනා වෛරසය පාලනය කිරීමට දායක නොවන බව වෛද්‍ය විශේෂඥයන් නැවත නැවතත් අවධාරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය පාලනය කිරීමට මේ වනතෙක් කිසිඳු නිශ්චිත පිළියමක් සොයාගෙන නැහැ. එසේම එළදෙනුන්ගේ මුත‍්‍ර පානය කිරීම දැන් ඉන්දියාව පුරා ක‍්‍රමයෙන් ව්‍යාප්තව යමින් පවතින පුරුද්දක් වී තිබේ.මැදහත් මතධාරීන් පවසනුයේ මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව හින්දු ආගමික නායකයින්ගේ බලපෑම බවයි. මුත‍්‍ර බොනවායැයි කියා ඕනෑම එළදෙනකුගේ මුත‍්‍ර පානය නොකළ හැකි අතර ඒ සදහා එළදෙන කිසිදිනෙක දරු උපතක් සිදුනොකළ සත්ත්වයෙකු විය යුතු අතර මුත‍්‍ර ලබා ගත යුත්තේද ඉර නැගෙන විටය.