Naifmvlog

Naifm vlog Gossip and News

කුකුළන්ගේ බර වැඩි කරගන්න ෆාම්කාරයෝ ගහන අලුත්ම ගේම

මෙය අමුතු හැඩයක් සහිත ගම්මානයක් කීම නිවැරැදියි. මිනිස් වාසයක් තවත් අක්කර: අඩුම 25කින්වත් මුණගැහෙන ගම්මානයක්. ගම්කාරයෝ හැමවිටකදීම බරකාරයෝය. ඇති එකා ඇති පදමේය. නැති එකාගේ ලුණු පොල්කට්ටටත් හිස්ය. ගම්කාරයන් අතරින් මගේ හිත දිනාගත්තේ ගජංය. ගම්කාරයෙක් ලෙස ගජංගේ කෙරුවාව මහ කරුවලේ සිමෙන්ති ජනෙල් අස්සෙන් ගෙන් ගෙට රිංගීමද කියා නොදන්නා මුත්, ගජං මේ පළාතේ සිටින අති දක්ෂම උෟරන් අල්ලන්නා බව මම දැන සිටියෙමි. අක්කර 25ක අයිතිකාරයෙක් වන මගේ මිතුරා පිළිබඳ ගජං හැමවිටකදීම පුරසාරම් කීවේය. උෟරන් ඇල්ලීමට යන ගමන්වලදී ගජංගේ සහකාරයා මගේ මිතුරාය. ඒ නිසා ඔවුන් දෙදෙනා මැදිකරගෙන ගෙතුණු කයි කතන්දරද බොහෝයි. දඩයක්කාරයන් අතර ඉලක්කයට වෙඩි තැබීමේ හිටිවන තරගයක් තිබ්බොත් නුඹලාගෙන් කොයි එකා ජයග්‍රහණය කරාවිදැයි මම විමසා සිටි විටෙක දෙදෙනාම නිශ්ශබ්ද වුණා පමණයි. හරියට කැප් තුවක්කුවක්වත් අතින් අල්ලා නොමැති ලෙස.අක්කර කෑලි අතර මළ ගෙයක්, කොටහළුවක්, මඟුලක් වුණා කියමු. බ්‍රැන්ඩි බෝතල්වලට ගල් අරක්කු පුරවා තමන් රවටා ගන්නා ලෙස උෟරෙක් එක මොහොතකින් මුවෙක් කරන්නට නම් මොවුන් දෙදෙනාම රුසියෝ. පොලිසියත් මේවා වැඩිදුර තකන්නේ නැත්තේ කිලෝව 470 කුකුළු මස්වලට වියදම් කරනවාට වඩා පහසුවෙන් උෟරෙක් සඳහා බඳින කඳකට වියපැහැදම් කිරීම පහසු නිසයි.

ඇරැත්; කඳ උසාවි දැම්මත් දඩය රුපියල් 500 පනීයැ.අල්ලපු අක්කර කෑල්ලේ තණගොල්ල බුර බුරා ඇවිළෙද්දී දෙව්ලොවින් පාදූර්භූත වුණාක් මෙන් අහසේ සිවුදෙසින් පියාඹා ආ මයිනන්, දුම් බොන්නන් සහ කවුඩු පනික්කියන් විසින් ගිනි දැල්ලෙන් ගැලවීමට ඉහළට නඟින පළඟැටි රංචු ගිල දමමින් සිටින විටකදී මම ගජංගෙන් විමසා සිටියේ අක්කර කෑල්ලක් තුළ පැතිරුණු ගින්න ඉන් පිටතට පැතිර ගියහොත් මෙවන් කාලයකදී සිදුවන අලාභය කෙබඳුද කියා.“අපේ කෑලේලේ වැඩිපුර කජු ගස්. ගස් යට කොළ තට්ටුවක්. ගිනි කාස්ටේ හින්දා හැම ගහක්ම හේ බෑවිලා. කටු පඳුරු ඇතිල්ලුණත් ගිනි ගන්නවා. ඉත්තෑවන්ට රස්නේ දවස්වල ඇස් පේන්නේ නැහැ. උෟරු රංචු හිටියොත් ගම දෙවනත් කරගෙන දුවාවි. දැන් අක්කර කෑලි ගොඩක කුකුළු ෆාම්. එකකට ගින්දර පැතිරුණා කියමු. නිවාගන්න බැරි වුණොත් වෙන්නේ ගිනි ගන්නා ෆාම් එකේ අයිතිකාරයා ගින්නට රුකුල් දෙන එක. ගිය පෑවිල්ලේ එහෙම වුණා. සම්පූර්ණ ෆාම් දෙකක් විතර විනාශ වුණා. හැබැයි භාගෙට තැම්බිලා මැරුණු කුකුල්ලු රෝස් චිකන් විදිහට හැදිලා හවසට කඩවලට ආවා. සම්පූර්ණ කුකුළා 150යි. ගින්න නිවන්න උදව්වට ආපු අයත් හවස් වෙද්දී 150ක් දීලා රෝස් කුකුළෙක් කඩෙන් අරගෙන ගියා. එහෙම දේවලුත් සිදුවේවි. හැමදාම සිද්ධ වුණු විදිහට මිනිස්සු විනාඩියෙන් හැමදේම අමතක කරනවා.”ගම්කාරයන් සියලුදෙනා උසස් කුලයකට අයත් යැයි මෙම අක්කර කෑලි අතර පතළ කතාවක්ද වේ. උසස් කුල සම්පන්න මිනිසුන් හැමදෙනෙක්ටම උප්පත්තියෙන් උරුම වුණු උස් දිගැටි සිරුර ගජංටද තිබේ. නමුත් මා සිතන ආකාරයට ඒ ඔහුගේ මවුපියන්ගේ ජාන පරම්පරාව එකිනෙකට විරුද්ධව තිබියදී.

ගජංගේ මව හලාවත සිංහල-දෙමළ ජාන සම්මිශ්‍රණයකි. පියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වන්නියෙකි. ඔහුගේ පියා අක්කර කෑලි කීපයක් බලහත්කාරයෙන් අල්ලා ගත්තා යැයි කියැවේ. එකල රජය ලයිසන් මඟින් ලබාදුන් මෙම භූමියේ මුල් ඉඩම් හිමිකරුවන්ද ඇත්තේ පත්තර කන්තෝරුවල කෙරුමන්ය. ඔවුන් ඉඩම් අතහැර දැමීම මට පුදුමයට කරුණක් නොවුණත් ගජංලාට එය පුදුමයකි. කජු මහත්තයා, කිරි මහත්තයා, පොල් මහත්තයා, බලු මහත්තයා, ග්‍රාමසේවක මහත්තයා, පියුම් මහත්තයා, කොන්‍ෙදාස්තර-ඩ්‍රයිවර් මහත්තයා වැනි රජයේ සේවක මහතැන් පරපුරක් බිහිකර දීමෙන් පසු පත්තර මහත්තුරු අක්කර කෑලිවලින් තොලොංචි වීලු. නිවැරැදි ලෙස ගම්කාරයන් ඉඩම් පංගුකාරයන්ගේ පරම්පරාව කොන් කරන්නේ මේ නිසාය.ගජං ළඟ නිමල් නම් හවුල්කාරයෙක් සිටී. නිමල් දකුණේ අයෙක් බවත් මෙහි පැමිණ ඇත්තේ මෝඩ ගඩොල් බේ‍රා්කර්වරයකු ලෙස සේවය කිරීමට බවත්, මෝඩ ගඩොල් ලොරියකට පටවා ගන්නා නිමල් ඒ ගඩොල් රැගෙන පෑලියගොඩට ගොස් විකිණීම සිදුකළ බවත්; ඉන් සෑහෙන ලාභයක් උපයා ගත් නිමල් පස්සට පහු අක්කර කෑල්ලක් මිලට ගෙන කුකුළු ෆාම් එකක්ද තවත් අක්කර කෑල්ලක් මිලට ගෙන කුකුළු ෆාම් දෙකක්ද දමා ගත් බව කීවේ මගේ මිතුරාය. ඒ කුකුළු ෆාම් කොටින්ම මැසි මදුරු රජදහන් බවත් මහ දවාලේ වුව සරම අස්සේ මැස්සෝ රිංගන්නේ කුකුළු ෆාම්කාරයන්ගේ කෙරුවාව නිසා බවත් මට පැවැසූ මිතුරා අවැසි නම් ගජං සමඟ ගොස් එකී කුකුළු ෆාමයන් නැරැඹීමට හැකි බවත් පවසා සිටියා.මෙලෝ හසරක් මා පිළිබඳ නොදන්නා නිමල්ගේ කුකුළු ෆාම් සාප්පුවට මාව රැගෙන ගියා කියමුකෝ. නිමල් වැන්නන්ට මෙම අක්කර කෑලිවලදී වඩා වැදගත් වන්නේ මුදල්. පළමුව දෙවනුව සහ තෙවනුවත් මුදල්. එලෙස නොමැතිව ඔවුන්ට පැවැතියද නොහැකියි. අක්කර කෑලිවලට ආ පිටගම්කාරයෝනේ.

අක්කර කෑලිවල දිළින්දන් නිමල් වැන්නවුන්ට පාරම්බාමින් ඔවුන්ගේ දහදුරා වැඩ සියල්ලටම අනගිභවනීය සහායක් ලබාදේ. එයත් ගම්කාරයන්ගේ කුල පාරිශුද්ධතාව සෝදා නොහරින හැඩයි. නිමල් වැන්නවුන් තේරුම් බේරුම් කර ගැනීමට අප විද්‍යාත්මක ලෙස ඔහුගේ වචන අතර ඇති හිස්තැනට අවදානය යොමුකළ යුතුයි.මේ අක්කර කෑලි සල්ලිවලට ගන්න එක ලේසි වැඩක් වුණේ නැහැ. මොකද මේවා සින්නක්කර ඉඩම් නොවන නිසා. ඒත් මම කොහොම හරි කියලා අක්කර කෑලි දෙකක්ම මිලට අරගෙන කුකුළු ෆාම් පටන් ගත්තා. කුකුළු ෆාම් පටන් ගැනිල්ලත් ඉඩම් මිලට ගන්නවාට වඩා අසීරු වැඩක්. මොකද ලංකාවේ කුකුළු ෆාම් ව්‍යාපාරය කියන්නේ කීප දෙනෙක් අතර තියෙන රස්සාවකට. පිටස්තරයෝ ඒ රස්සාවට කඩාපාත් වෙනවට ලොකු ව්‍යාපාරිකයෝ කැමැති නැහැ. බීජ සත්තු මිලට ගද්දී ඒ සත්තුන්ට අවශ්‍ය කෑම බීම, බෙහෙත් හේත් මිලට ගද්දී හැම වෙලාවකදීම අපට කුඩුකේඩුකම් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි බල්ලෝ මරන්නේ නැතිව සල්ලි හොයන්න හොඳම විදිහ කුකුළු ෆාම් පවත්වාගෙන යන එක. සාමාන්‍යයෙන් ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෝ කුකුළෙක් නිෂ්පාදනය කරන්නේ බරෙන් වැඩි ප්‍රමාණයෙන් අඩු සහ ප්‍රමාණයෙන් අඩු බරෙන් වැඩි කුකුල්ලු විදිහට. ඒක පොඩි මැජික් එකක්. සාමාන්‍යයෙන් ඉස්සර සිද්ධ වුණේ කුකුළෙක් පැකට් කරද්දී කුකුළා ඇතුළට වතුර ගහලා බරෙන් ලාභයක් ගත්ත එක. හැබැයි දැන් පැකට් කරපු කුකුළෝ අඩු නිසාත් එහෙම පැකට් කරපු කුකුළෝ මිලට ගන්න පරිභෝගිකයෝ කැමැති නිසාත් වතුර ගහලා කුකුල්ලු විකුණන්න බැහැ. දැන් සාමාන්‍යයෙන් කුකුළෙක්ගේ ආයු කාලය දවස් 14 ඉඳලා දවස් 21 දක්වා. දවස් 14 කුකුල්ලු කියන්නේ ඩී ෆිෂර් කුකුල්ලු. ඒ කියන්නේ හීතල ඇතුළේ හදන කුකුල්ලු. ඒ කුකුලන්ට බොහොම අඩුවෙන් තමයි කෑම ජාති දෙන්නේ. හැබැයි වැඩිපුර බෙහෙත් විදිනවා.

ඉල්ලුමට සැපයුම දෙනවා නම් දවස් 14 කුකුල්ලු තමයි වැදගත්. මොකද පෙළක් වෙලාවට අපට බිස්නස් එක අල්ලාගෙන යන්න උදව් වෙන්නේ දවස් 14 – 15 කුකුල්ලු. හොඳ මිලකට වැඩිපුර ඉල්ලුමක් ආවම ඒ කුකුලන්ගෙන් තමයි අපි ඉල්ලුම සපුරන්නේ. අනික් කුකුල්ලු සාමාන්‍ය කුකුල්ලු. සාමාන්‍යයෙන් කඩවල කපලා කරලා ගන්න තියෙන ජාතියේ සත්තු. ඒ කියන්නේ මේ වගේ කුකුළු කොටුවල හදන සත්තු. දැන් මේ කුකුළු කොටුවල හදන සත්තුන්ගේ බර වැඩි කරගන්න ඩී ෆ්‍රිෂර් සත්තුන්ට වගේ කෙමිකල් ජාති දීලා බැහැ. සාමාන්‍යයෙන් එක ෆාම් යාඩ් එකක කුකුල්ලු 1000ක් විතර ඉන්නවා නම් ඒ එක කුකුළෙක්ගේ බර ග්‍රෑම් 150ක් විතර දවසක් 2ක් ඇතුළත වැඩි කරගන්න තියෙනවා නම් එතෙන ලොකු ලාභයක්. ඒක දැන් කරන්නේ මෙහෙමයි. අපි කොටුකරලා හදන කුකුලන්ගේ ෆාම් යාඩ් පොළොවට දාන්නේ කුඩු ගල්. කුඩු ගල් කියන්නේ සාමාන්‍යයෙන් කුකුළෙක් උගෙ හොටෙන් කෙටුවම කුඩුවෙලා යන තරමේ ගල්වලට. කුකුළා මරන්න දවස් දෙක තුනකට කලින් වෙළෙඳපොළේ ගන්න තියෙන පොඩි කෙමිකල් එකක් ඒ අයගේ කෑමවලට එකතු කරනවා. ඒ එකතු කරන්නේ බඩගින්න වැඩිවෙන්න. ඊට පස්සේ මරන්න කලින් දවස් දෙක තුනක් කෑම ජාති දෙන්නෙම නෑ. බෙහෙත් හේත් දෙන්නෙත් නෑ. එතකොට බඩගින්න දරාගන්න බැරිව කුකුළා කරන්නේ අර කුඩු ගල්වලට කොටලා කුඩු ගල් පස් කන්න ගන්න එක. දවස් දෙකක් කුඩු ගල් පස් කෑවොත් එක කුකුළෙක්ගේ වැලි බොක්ක ග්‍රෑම් 150කින් විතර බර වැඩි වෙනවා. ඕක තමයි අද වෙද්දී කුකුළු ෆාම් යාඩ්කාරයෝ කුකුලන්ගේ බර වැඩි කරගන්න කරන්නේ. මම කියන්නේ නැහැ හැම කුකුළු ෆාම් යාඩ්කාරයෙක්ම මේ වැඩේ කරනවා ඇති කියලා. හැබැයි වැලි බොක්ක අයින් නොකර කඩවල්වලට දාන හැම කුකුළෙක්ම කඩකාරයෝ දෙපාරක් නොසිතා මිලට ගන්නවා. එතැන තමයි තැන.