Naifmvlog

Naifm vlog Gossip and News

තත්පර තිහක් සබන් ගාලා අත් සේදුවේ නැත්නම්

කො-රෝනා වෛරසය නිසා මේ වන විට ශ්‍රී ලංකාවම බියට පත් වෙලා තියෙන වෙලාවක බොහෝ දෙනෙක් කියන කතාවක් තමා හොඳින් අත් දෙක සෝදන්න කියන එක.මේක අපේ රටෙන් විතරක් නෙමේ මුළු ලෝකෙන්ම ඇහෙන කතාවක්. මොකද වෛරස් එකෙන් බේරිලා ඉන්න නම් අත් දෙක සෝදන එක ඒ තරම් වැදගත් නිසා. කොහොමත් පොඩි කාලේ ඉඳලා අපිට කියලා දෙන හොඳ පුරුදුවලින් එකක් තමා අත් සෝදන එක.ඇත්තටම ඔබයි මමයි හරියටම අත් සෝදන හැටි දන්නවද ? ඇත්තටම අත් සෝදන එකෙන් විෂබීජ මැ-රෙ-නවද ?මෙන්න මේ ප්‍රශ්නය ආපු විදෙස් මාධ්‍යවේදියෙක් සහ දොස්තරවරු කිහිපදෙනෙක් සමඟ එකතුවෙලා පරීක්ෂණයක් කරලා.UV light එකක් තියෙන කැමරාවක් යොදාගෙන තමයි මේ පරීක්ෂණය සිදුකරලා තියෙන්නේ. මේ කැමරාවට අනුව පහත තියෙන අත්වල සුදු පාටට පෙන්නේ විෂබීජ තියෙන තැන්. ඡායාරුපයෙන් ඡායාරූපය බලනකොට ඔයාලට තේරුම් යයි අත් සෝදන්න ඕන ඇත්තම ක්‍රමය මොකක්ද කියලා.

දැන් ඔබට වැටහෙනවා ඇති අතේ තියෙන විෂබීජ ගොඩක් දුරට විනාශ වෙන්න නම් තත්පර තිහක් පමණ කාලයක් සබන් ගාලා අත් දෙක සෝදන ඒක ගොඩක් වැදගත් දෙයක් කියලා.