Naifmvlog

Naifm vlog Gossip and News

අනේ අපේ මාළු නැහැනෙ අපට යාළු

අනේ අපේ මාළු නැහැනෙ අපට යාළු”යුද්ධය ඉවරයි. ඒත් අපි තව යුද්දෙකට පැටලිලා…..මේ යුද්දෙදි අපිට සටන් කරන්න බෑ. අපි අසරණයි. අනේ අපේ මේ දුක්‌ ගැනවිල්ල අහලා අපේ ජීවිත රැක දෙන්න……….”එහෙම කියන්නේ මන්නාරමේ ධීවරයෝ. මන්නාරම වෙරළ තීරය දිගට සිය බෝට්‌ටු පෙළ ගස්‌සාගෙන මහ අව්වට කැකෑරෙන කරදිය රළ පිසගෙන එන සැඩ සුළඟට මුහුණ දීගෙන මහ හිස්‌ බැල්මකින් මහ මුහුද දෙස ඔවුන් බලා සිටින්නේ අනේ අපි දැන් අසරණයි නේද…වැනි පරාජිත සුන් වූ අපේක්‍ෂා ඇතිවමයි.මන්නාරම ප්‍රදේශයේ කළ සංචාරයකදී මට ඔවුන් මුණ ගැසුණා. ඔවුන්ගේ කතාව ඔවුන්ගේම හඬින් අසමු ඒ මොහොතේ ධීවර බෝට්‌ටු එකසිය පනහක්‌ (150) විතර එතැන තිබුණා.යුද්දෙ ඉවරයි තමයි ඒ හින්දම අපි සැනසිල්ලේ මාළුÊරස්‌සාව කරන්න පටන් ගත්තා. අපි ටික කාලයක්‌ හොඳට කරගෙන ආවා. මාළු මිල ටිකක්‌ බැස්‌සත් අපට වරදක්‌ වුණේ නැහැ. අපට ජීවත් වෙන්න මුදලක්‌ අපිට දෙයියෝ දුන්නා.ඒත් මෑත කාලෙක ඉඳලා අපිට ලොකුම හිරිහැරයක්‌, කරදරයක්‌ පාඩුවක්‌ සිද්ධ වෙනවා. ඒ ඉන්දියාවේ ඉඳලා එන ට්‍රොaලර් බෝට්‌ටු තුන් හාර දාහක්‌ අපේ මුහුදු සීමාවත් පැනලා ඇවිල්ලා අපේ මූදේ මාළු අල්ලාගෙන යන එක. උන් ට්‍රොaලර් දැල් දාලා පතුලේ ඉන්න කූනිස්‌සා පවා අල්ලාගෙන යනවා.අපි ඒ අයට කිව්වා මේක අපේ රටේ මූද, උඹලා පලයල්ලා උඹලගේ රටේ මූදට කියලා. එතකොට උන් රණ්‌ඩුවට එනවා. කඩු පොලු පිහි තියාගෙන එන්නේ.නේවි එකට අපි කිව්වා.

ඒ අයත් කියනවා, මල්ලි අපි මොකද කරන්නේ මෙතනදී අපිටත් එක එක ප්‍රශ්න එනවා කියලා. මේවා රටවල් එක්‌ක තියෙන ප්‍රශ්නනේ. ඒ මට්‌ටමින් විස¹ ගන්න බලමු කියලා.ඒක එහෙම තමයි, දකුණු ඉන්දියාවේ ධීවරයෝ එහෙ ඉන්න දේශපාලකයන්ගේ බල පුළුවන්කාරකම්වලට තමයි මේ වගේ වැඩ කරලා අපිට චණ්‌ඩි පාට්‌ දාලා අපේ මාළු අල්ලගෙන යන්නේ. ඒත් මේක මේ විදියට අපි අසරණ වෙලා බලාගෙන හිටියොත්, උන් ඇවිල්ලා අපේ රට ඇතුළේ වැව්වල අනුරාධපුරේ නුවර වැවේ, යෝධ වැවේ ඉන්න තෙප්පිලි, ලූල්ලුත් අල්ලගෙන යයි චණ්‌ඩිකමින් ම.අපිටත් පුළුවනි උන් එක්‌ක මරා ගන්න ගහගන්න කපා ගන්න. ඒත් ඉවරයක්‌ වෙන්නේ නෑනේ. අන්තිමට ඉන්දියාවයි අපේ රටයි අතරේ ලොකු ප්‍රශ්නයකට මුල් වේවි.දැන් මේ දවස්‌වල වාරකන් අපිට මූදු යන්න බෑ. උන්ගේ ට්‍රොaලර් ගජරාමෙට මාළු අල්ලනවා. අපේ දරුවන්ට හුළං බඩගින්නේ. උන් කෑ මොර දෙනවා.ජනාධිපතිතුමා දෙමළ අයගේ ගෙවල්වලට, ලයිට්‌ දුන්නා, කැඩිච්ච පාලම් බෝක්‌කු හදලා දුන්නා. යාපනේට යන්න මන්නාරම තිරුකේතීස්‌වරම් කෝවිල් පාරත් හදනවා. ඒ හින්දා කෙටිදුර අඩු යාපන පාර හැදෙනවා. අපි හුඟක්‌ සතුටින් නිදහසේ තමයි හිටියේ.අපි අවුරුදු ගණනක්‌ යුද්දෙන් දෙපැත්තෙන්ම බැට කාලයි හිටියේ. එහෙන් ගහනවා මෙහෙන් ගහනවා, අපේ ගෑනු, ළමයි එහෙම බඩගින්නේ මරණයට බයෙන් තමයි හිsටියේ.

දැන් මොකද වෙලා තියෙන්නේ. අපිට ඉන්දියාවෙන් බලපෑම්. දැන් ඒ හින්දාත් බඩගින්නේ ඉන්න වෙලා.ජනාධිපතිතුමා අපේ ප්‍රශ්න ගොඩක්‌ විසඳුවා වගේම මේ ප්‍රශ්නෙත් විසඳලා දෙන්න නැත්නම් අපි බඩගින්නේ.ඔවුහු මා සමඟ මේ ප්‍රශ්නය කියාගෙන කියාගෙන යති. ඒ තරමට ඔවුනට මේ ප්‍රශ්නය බැරෑරුම්ය.මේ දවස්‌වල මාළුවල මිල කොහොමද?මම පීල්ල මාරු කිරීමට උත්සාහ කළෙමි.මේ දවස්‌වල ලොකු මාළු කිලෝව 250 – 300 ට යනවා. ඉස්‌සා 500 – 600, කක්‌කුට්‌ට්‌ (කකුළුවා) ගණන් 750 – 800 ට විතර කිලෝව යනවා. පේසාලෙන් පිටරට පටවනවා. ඒ හින්දා හොඳ මිලක්‌ තියෙනවා. ඒත් තව අඩුවට දීලා පිටරට පටවන්නත් පුළුවන්. ඉන්දියන් කාරයෝ එන්නේ නැතිනම් ඔවුහු යළිත් පීල්ලට ම වැටුණේය.මන්නාරම වෙරළද අද පාළුවට ගියා සේය. වෙනදා තිබූ කඩිසර රටාව ඇකී මැකී ගොසිනි. වාරකන් සමයද, ඉන්දියන් ධීවර ආක්‍රමණය ද මන්නාරම ධීවර තොටුපළටත් ධීවරයිනටත් එකසේ බල පා ඇත. සියල්ල හෝන්දු – මාන්දු වී ගොසිනි. කරවලද තරමක්‌ මිල වැඩි වී ඇත. කෙළ බේරන මන්නාරම් කරවල කෑල්ලක්‌ කන්නට තිබූ ආසාවද යටපත් කර ගන්නට සිදු විය.නගරයේ රාජ්‍ය ආයතන හා නගරය, කඩ සාප්පු සියල්ල අවදි වී කඩිසරව කටයුතු කරයි. යුද සමයේදී මා දුටු පරිදි පොලිසිය, හමුදාව පිරීගොස්‌ සිටියේ නැත. මන්නාරම බළකොටුවද විශාලතම කඳ ඇති බයොබැබ් ශාකයද ගිනි අව්ව කාගෙන සුපුරුදු ලෙසම සිටී. මාර්ග පද්ධතියම නවීකරණය වී ඇත.මන්නාරම නගරයේ ප්‍රධාන රෝහලද නවීකරණය වෙමින් පවතී. එය පහසුකම්වලින් සමන්විත රෝහලකි.

උසස්‌ තත්ත්වයේ වාට්‌ටු, ශල්‍යාගාර ආදී පහසුකම් රැසකි.එහිදී මට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. එච්. එම්. පී අනුරුද්ධ මහතා මුණගැසුණි. ඔහු ආනමඩුව ප්‍රදේශයෙන් වෛද්‍ය සේවාවට පැමිණි උගත්, බුද්ධිමත්, නිහතමානී නිරහංකාර තරුණයකු විය. ජපානයේ – ටෝකියෝ හි ජාත්‍යන්තර පිළිකා මධ්‍යස්‌ථානය ද විශ්වවිද්‍යාලයේ උසස්‌, පුහුණුවෙන් පසු ඔහු මෙරටේ දී අනුයුක්‌ත කොට තිබුණේ මන්නාරම රෝහලටයි.මෙහි කවුරුත් සහයෝගයෙන් වෙසෙනවා. ඒත් ඇතැමුන්ගේ සිත්වල සැක සංකා නැතුවාම නොවේ. මේ තුවාල කාලයත් සමඟ සුවපත් වී යාවි.සැත්කම් සඳහා විශේෂයෙන්ම දරුණු විශැති මත්ස්‍යයන්ගෙන් පහර කෑ ධීවරයින් බහුලව එනවා දරුණු ලෙස තුවාල වී ඉදිමී අසාධ්‍ය මට්‌ටමින් එනවා.තවත් වලසුන් පහරදී තුවාල ලැබූ අය එනවා. දැනට 5 – 6 දෙනෙක්‌ තුවාල ලබා ආවා. වරක්‌ පැමිණි අයකුගේ හිස හපා කා වලස්‌ නියපොතුවලින් දරුණු ලෙස සූරා තිබුණා. එතැනදී සිදුවී තිබුණේ ඒ අය කැලේ මී පැණි කැඩීමට යැමේදී වලසෙක්‌ මී පැණි කමින් සිටියදී ඌ එළවා දමා මිනිසා මී වද කඩමින් සිටි මොහොතේ වලසා පිටු පසින් පැමිණ මිනිසාගේ හිස සපා නියපොතුවලින් සූරා දැමීමයි.තවත් ධීවරයකුගේ උගුරේ අඟල් පහක්‌ පමණ දිගැති මාළු කටුවක්‌ සිරවී පපුව කපා ශල්‍යකර්මයක්‌ කර කටුව ගැනීමට සිදු වුණා.

බීමත් මිනිසුන් කාන්තාවන්ට පහරදී තුවාල සිදු කර පැමිණීම්ද ඉහළයි. පරිසර බලපෑම්, යුද්ධය නිසා ඇතිවූ පීඩාවන් නිසාද තවමත් යහපත් මානසික මට්‌ටමක ඔවුන් නැතිවා වගේ. ඒත් සියල්ල ඉදිරියේදී යහපත් වේවි කියා විශ්aවාස කරනවා.ජනතාව පෙළන ප්‍රශ්න අතර නිවාස, ජලය, ඉඩම් බරපතළ ප්‍රශ්නයන්ය. යුද සමයේ අනාථ වූවන් ලෙස පිටව ගිය පසු ඔවුන්ගේ ගේදොර, හරකා -බාන ගහකොළ පමණක්‌ නොව උන්හිටි ඉඩම්කඩම් පවා අහිමි වී ඇත. වෙනත් අය අල්ලා ගෙනය. ඉඩම් තණ්‌හාවද, අල්ලා ගැනීම්ද ඉඩම් ආරවුල් ද බෙහෙවින් වැඩි වී ඇත. පංඩාරවෙල් මුස්‌ලිම් දේවස්‌ථානයේ සභාපති එම්. පසීල් මහතා පැවැසුවේ සතියක්‌ පාසා ඉඩම් ආරවුල් ඇති බවත් ඒවා විසඳීමට කාලය කැප කරන බවත්ය. වරක්‌ ඉඩමක්‌ නිසා මිනී මරා ගත් බවක්‌ද ඔහු කීය.මා මන්නාරමට පැමිණියේ පුත්තලම සිට වනාතවිල්ලුව කලා ඔය හරහා විල්පත්තු කැලයත් (වනෝද්‍යානය) හරහා වැටී ඇති බොරලු දූවිලි මාර්ගයේ මල්වතු ඔය නව පාලම උඩිනි.විල්පත්තු මහ වනය මේ දිනවල කහ වර්ණයෙන් සැරසිලාය. ඒ මහ වනයේ පිහිටි ලක්‍ෂ ගණනාවක්‌ වූ පලු ගස්‌වල පලු ගෙඩී ඉදී මුළු ගසම කහ පාටින් පෙනෙන්නට ඇති නිසාය. පලු අතු කපා ගෙඩි කෑමට පිරිස්‌ පැමිණියද වනෝද්‍යානය නිසා ඊටද බාධා තිබේ. ඒ මහ වනය ඇතුළත අපූරු රසැති වාජීකරණ ගුණ ඇති පලු පල කෝටි ගණනාවක්‌ මහ පොළොවටම වැටී පස්‌ වෙමින් තිබේ. කුරුලු, සතුන්ට ඒවා කොපමණ කෑමට හැකිද…?

වනය විසින් ඉපිද වූ දේ වනයම යළි සඟවාගෙන තිබේ.නිදන් හෑරීම ගැනද අපට කතා රැසක්‌ම ඇසුණි. හෙළ රාජ වංශයේ උපත ද වූ අපගේ ඉපැරැණි ජනාවාස ගම් බිම් වෙහෙර විහාරද තිබූ බිම්වල නිදන් සොරු රජ කරමින් අපගේ ඉපැරැණි සංස්‌කෘතිය, ඉතිහාසය සියල්ල අකා මකා දමති. සැබැවින්ම අකා මකා දැමිය යුත්තේ මෙවන් ජාති භ්‍රෂ්ටයන්ය. ජාති, දේශ ෙද්‍රdaහීන්ය. පරිස්‌සමට තිබූ දේ ඈලියාවට ගියාක්‌ මෙන් කටුගෙයි තිබූ රන් කඩු, කාසි පිල්ලි යන රටෙක මහ වනයේ මහ ඉපැරැණි බුදු පිළිම, බෞද්ධ නටබුන් කඩා බිඳ දැමීම මහ කඡ්ජක්‌ද….?එක අතකට කොටි ත්‍රස්‌තවාදීන් සිටි සමයේ මේවා ආරක්‍ෂා වී තිබිණි. නදන් හොරු ආවේ නැත. ලී හොරු වැවිලිකරුවන් පැත්ත පළාතේ ආවේ නැත. මහ වනය ,සතුන් ඉබේම ආරක්‍ෂා වුණි. කොටි ත්‍රස්‌තයන් මුහුද ද රැකවල් කළ නිසා පිටස්‌තරයින්, ඉන්දියාවෙන් අපේ මාළු බෑමට පැමිණියේ නැත.සියල්ලෝම ඔවුනට බයය. අද සියල්ලෝ චණ්‌ඩින්ය.මෙවන් හිරිහැර, අපරාධ සිදුවන විට බහුතරයක්‌ සිතන්නට ඉඩ ඇත්තේ කොටි ත්‍රස්‌තවාදීන් අදත් සිටියා නම් හොඳයි කියාය. එලෙස සිතීමට ඉඩ ඇත්තේ අප රාෂ්ට්‍ර පාලකයන් අප රට රැක ගැනුමට නොව පිටස්‌තර බලවේගවලට රට සූරා කෑමට ඉඩදී නිහඬව දුර්මුඛව නිද්‍රාශීලීව සිටිනවාක්‌ මෙන් කාටත් පෙනෙන නිසාය. සැබැවින්ම එය එසේ ද….?ටෙරන්ස්‌ වනිගසිංහමන්නාරමේ සංචාරයකින් පසු