Naifmvlog

Naifm vlog Gossip and News

කෑගල්ලේ පාසල් සිසුවකුගෙන් ඩ්‍රෝන කැමරාවක්

ලෝකයේ සංවර්ධිත රටවල අත්හදා බලමින් නව නිර්මාණ බිහි වෙද්දී සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් හඳුන්වන අපේ රටේද පසුගිය කාලයේ විවිධ නව නිර්මාණ බිහිවීම පැසසුමට ලක්විය යුතු කරුණකි. මේ සඳහා බොහෝ විට ඉදිරිපත් වී සිටින්නේ පාසල් සිසුන්වීම මෙහි ඇති විශේෂත්වයයි. මේ එවන් වූ නව නිර්මාණයක් වශයෙන් ඩ්‍රෝන කැමරාවක් නිර්මාණය කළ පාසල් සිසුවෙක් පිළිබඳ තොරතුරුය.කෑගල්ල මහා විද්‍යාලයේ 10 ශේ්‍රණියේ ඉගෙනුම ලබන තිමිර තිලංක වික්‍රමගේ සිසුවා මෙම ඩ්‍රෝන කැමරාව නිර්මාණය කර ඇත. වසර ගණනාවක් තිස්සේ තාක්ෂණය පිළිබඳව කරන ලද ස්වයං අධ්‍යයනයක් ඔස්සේ දේශීය හා අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබාගෙන, වරින් වර සිය මවුපියන් විසින් දෙනු ලැබූ මුදල් එකතුකරගෙන රුපියල් හතළිස් දහසක මුදලක් වැයකොට මෙම ඩ්‍රෝන කැමරාව නිර්මාණය කර ඇත.

ඩේ‍රා්න කැමරාවක් දැනට ගුවනේ රඳවා තැබිය හැකි කාලය මෙන් දෙගුණයක් රඳවා තැබිය හැකි ක්‍රමවේදයන් පිළිබඳව මේ වනවිට සැලසුම් සකසා ඇත. මෙම සැලසුමට අනුව භ්‍රමණ තල රාශියක් වෙනුවට එක භ්‍රමණ තලයක් පමණක් යොදා නව නිර්මාණය බිහිකිරීමට හැකිවන බවත් තිමිර තිලංක සිසුවා පැවැසීය. ඊළඟ අදියරේදී දවස පුරා සූර්ය තාපයෙන් ක්‍රියා කළහැකි යානයක් නිර්මාණය කිරීමට අවධානය යොමුකොට ඇති බව තිමිර තිලංක සිසුවා වැඩිදුරටත් පැවැසීය.තිමිරගේ පියා විශ්‍රාමික පිරිවෙන් ගුරුවරයෙකි. ඔහු තම පුතාගේ දස්කම් පිළිබඳව මෙසේ පැවසීය. “පුතා පොඩි කාලයේ සිටම මේවාගේ දේවල්වලට හරිම දක්ෂයි. සෙල්ලම් බඩු ගෙනත් දුන්විට පළමුව කරන්නේ ඒවා ගලවන එක. ඊට පස්සේ කොහොමද හැදිල තියෙන්නේ කියලා බලනවා. පස්සේ පස්සේ එහෙම කඩල ඒ විධියට හදල තියන්න හැකියාවක් ඇති වුණා.

ඉතිං පුතාගේ මේ හැකියාවට අපි බාධා කළේ නැහැ. උදවු කළා. මවුපියන් වශයෙන් පුතාගේ ඉදිරි ගමනට උදවු දෙනවා.” මව අලව්ව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කළමනාකාරිනියක් වශයෙන් කටයුතු කරයි. ඇය මෙසේ පැවැසුවාය.නාරම්මල – රෝහිත ශ්‍රී හේමන්ත“පුතා 1 ශේ‍ර්ණියේ සිට පහ ශේ්‍රණිය දක්වා ඉගෙන ගත්තේ පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් විද්‍යාලයේ. ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා කෑගල්ල මහා විද්‍යාලයට ඇතුළු වුණා. පුතා පොඩි කාලයේ සිටම මේවාගේ දේවල්වලට දස්කම් පෙන්නනවා. නිවසට ගෙනෙන සෑම සෙල්ලම් බඩුවක්ම කඩලා බලනවා. පස්සේ පස්සේ මේවා හදල බලන්න හැකියාව ඇති වුණා. එහෙම පුරුදුවෙලා තමයි මෙම නව නිර්මාණය බිහි කළේ. මේ සඳහා විදුහලේ තාක්ෂණ විෂය භාර ගුරුතුමා ගොඩක් උදවු කළා. ඒවගේම මොරටුව විශ්වවිද්‍යාලයේ පුතාගේ හිතවතුන්ගෙන් උපදෙස් ගත්තා. මවුපියන් වශයෙන් මේවාගේ නව නිර්මාණ බිහිකරන දරුවන්ට උදවුදීම අපේ යුතුකමක්. එනිසා අපට හැකි අයුරින් පුතාට උදවු කරනවා.”