Naifmvlog

Naifm vlog Gossip and News

නිදන් තියනව කියලා ඔප්පු කළදාටමා රැකියාවෙන් ඉවත් වෙනවා

– පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකඅමුතු ආකාරයේ ස්‌කෑන් යන්ත්‍ර අනුරාධපුර පොතානගමින් හමුවෙමින් තිබේ. “ස්‌කෑන්” කරන්නේ මහ පොළොවය. පොළොව “ස්‌කෑන්” කරමින් නිදන් හොයමින් සිටියදී කාලකන්ණි අපරාධකරුවෝ පොලිස්‌ අත්අඩංගුවට පත් වෙති. වාර්තා වන ආකාරයට මෙම “ස්‌කෑන්” යන්ත්‍ර “හයර්” කරනු ලබන්නේ දිනකට රුපියල් හැත්තෑ පන්දහස බැගිනි.විද්‍යාත්මක පදනමක්‌ මත පිහිටා මේ රටේ ප්‍රාමාණික විද්වත්හු යළි යළිත් මේ රටේ ජාතික උරුමයේ අප්‍රමාණ කෞතුක වටිනාකම් විනා මහා ධන නිධාන නොමැතිබව ඔප්පු කර පෙන්වූහ. එහෙත් මේ සමාජයේ ආකල්ප තවමත් මෙහෙයවනු ලබෙන්නේ මන්තර ගුරුකම්, ග්‍රහ තාරකා හා කට්‌ට`ඩින් සහිත මහා මිථ්‍යාවන් පිරි ගෝත්‍රික සංස්‌කෘතියක්‌ විසින් බව මීට වඩා පැහැදිලි වන අවස්‌ථාවන් නොවේ.මේ අතර සේරු නුවර හමුදා ක`දවුරෙන් ඉකුත් වසරේදී සොරාගන්නා ලද බිම් බෝම්බ සෙවීමට යොදා ගන්නා තාක්‌ෂණික උපකරණයක්‌ මුත්තුර් සාම්පූර්හි පාඨලීපුරම් කැලෑවේ ස`ගවා තිබී තෝපූර් පොලිස්‌ මුරපොළේ නිලධාරිහු විසින් ඉකුත් සතියේදී සොයා ගත්හ. මෙම යන්ත්‍රය මගින් සිදුවූයේත් යම් ආකාරයක පොළව යට නිරීක්‌ෂණය කිරීමකි. අඩි දෙකක්‌ තුනක්‌ යටින් වුවද වළලා ඇති බිම් බෝම්බ හ`ඳුනාගැනීමට මෙම යන්ත්‍රයට හැකි වී තිබිණි.සිරස කුඩු කරන ලදපොලොන්නරු පබළු වෙහෙරේ ප්‍රතිමාවක්‌සිද්ධිය මන්දබුද්ධික නොවන ඕනෑම එකෙකුට පැහැදිලිය.

මේ වසරේ මැයි මස 31 දා වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවස්‌තු විනාශය වැලැක්‌වීමේ විශේෂ පොලිස්‌ ඒකකයට වාර්තා වූ පුරාවස්‌තු විනාශ කිරීමේ අපරාධ ප්‍රමාණය පමණක්‌ 129 කි. වාර්තා නොවූ ප්‍රමාණය මේ සංඛ්‍යාවට වඩා බෙහෙවින්ම විශාලය. අප පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සමග මේ සංවාදයේ යෙදෙන්නේ මෙවැනි ආකල්ප සහිත සමාජ පරිසරයක්‌ නිර්මාණය වී ඇති මොහොතකය.* ඔබ පුරාවිද්‍යා චක්‍රවර්තීද?නෑ.* පුරාවිද්‍යා චක්‍රවර්තී කියන්නෙ විශ්ව විද්‍යාලයකින් පිරිනමන උපාධියක්‌ හෝ විෂය සම්බන්ධ ශාස්‌ත්‍රීය ඇගැයීමක්‌ද?නැහැ. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පිරිනමන අභිදානයක්‌* ඒ අභිදානය පිරිනැමුවේ කුමක්‌ නිමිතිකරගෙනදවර්ෂ 1990 දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සියවසක්‌ පිරුණු වෙලාවෙ එවකට අධ්‍යක්‌ෂ ජනරාල්ව සිටි රෝලන්ඩ් සිල්වා මහතා විසින් මෙම අභිදානය පිරිනමනු ලැබීමට තීරණය කළා. එය පිරිනැමුවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාහිර හා දෙපාර්තමේන්තු සේවයේ සිට විශ්‍රාමගිය අය අතරින් පුරාවිද්‍යාවට විශේෂ සේවයක්‌ කළ අය තෝරාගෙන මේ ගරුනාමය ලබා දී ඇගැයීමක්‌ කරන්න. මහාචාර්ය ටී. ජී. ප්‍රනාන්දු, එස්‌. කේ කරුණාරත්න, එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවන්, කෝට්‌ටේ ඩග්ලස්‌ රණසිංහ, කේ. ගුණරත්න ඇතුළු පිරිසක්‌ ඒ සඳහා යෝජනා උනා.

* මේ රටේ මහා ධන සම්පත් සහිත නිදන් තියනවද?එහෙම නිධන් නෑ. කිසිකලෙකත් එහෙම නිධන් කාටවත් හමුවෙලත් නෑ. හමුවුණ අය අපට මුණගැහිලත් නෑ. මේක අමූලික මිථ්‍යාවක්‌.* එහෙමනම් මොනවා හෝ නිදන් කියලා ජාතියක්‌ තියනවද?මේකට එකපාරට දෙන්න තියන උත්තරය තරමක පැහැදිලි කිරීමක්‌ සහිත එකක්‌ විය යුතුයි. සාමාන්‍ය ජන ව්‍යවහාරය අනුවත් ඔවුන්ගේ ආකල්ප අනුවත් නිධන් කියල කියන්නෙ අතීතයෙදී වළදමන ලද යම් වස්‌තුවක්‌නෙ. මේක සංකල්පයක්‌ විතරයි. ඒ අර්ථයෙනුත් මේවා පුරාවස්‌තු. මේ රටේ ඉතිහාසය හා උරුමය ආරක්‌ෂා කරන්න ජීවත්වන අපට පොළොව යටින් හමුවන පරණ වළං කැබැල්ලක්‌ පැරණි මානවයෙකුගෙ දතක්‌, කවදාවත් හමුනොවුන එහෙත් හමුවෙතැයි මිනිස්‌සුන් විසින් විශ්වාස කරන රත්තරන් හෝ වෙනයම් අගනා ද්‍රව්‍යයන්ගෙන් කළ මාලයකට වඩා වටිනා නිධානයක්‌.* ඒ කියන්නෙ කවදාවත් අපේ සමාජය තුළ වස්‌තුව නිදන් කිරීමේ සම්ප්‍රදායක්‌ තිබුණෙ නැද්ද?මේක පටලව ගන්න එපා. නිධන් කිරීමේ සම්ප්‍රදායක්‌ තිබුණා. සමහර අවස්‌ථාවලදි ද්‍රව්‍ය නිධන් කළා. දාගැබක්‌ හදනකොට ප්‍රතිමාවක්‌ හදනකොට යම් යම් ද්‍රව්‍ය නිධන් කළා. හැබැයි ඒ නිධන් කළේ මහා වස්‌තු සම්භාරයක්‌ නෙමෙයි. යම් යම් මංගල සම්මත වස්‌තු. ඒවා නිධන් කළේ විශේෂයෙන් ගලින් තැනූ ගර්භ පාත්‍ර නමින් හඳුන්වන පුවරුවක . මේ පුවරුවෙ කුටිර නවය දහසය විසිපහ වගේ තිබෙනවා. ඒ කුටීරවල තැන්පත් කළේ මුතු මැණික්‌ නොවෙයි. සමාජ සම්මත ශුද්ධ වූ මංගල වස්‌තු. අපට මෙතෙක්‌ නිරුපද්‍රිතව ආරක්‌ෂා වෙච්චි ගර්භ පාත්‍ර සිය ගණනක්‌ ලැබිලා තියනවා. මේ එකකින්වත් ඔය කියන රන් රිදී මුතු මැජික්‌ ලැබුණෙ නෑ. ලෝහ වලට තිබුණෙ තඹ හෝ ලෝකඩ විතරයි.* ඔබ කියන විදිහට දාගැබ් වල රත්තරන් නිදන් කරල තිබිලම නැද්ද?දාගැබක වටිනාම පූජාගර්භම වස්‌තුව තමයි ඒ දාගැබේ ධාතු කරඬුව. අඩි සිය ගණන් උස දාගැබ් හදන්නෙ, ඊට ගම්වර පූජා කරන්නේ ඒ ආශ්‍රිතව මහා ශාන්තියක්‌ හා ආශ්චර්යයක්‌ සහිත පරිසරයක්‌ නිර්මාණය කරන්නෙ කාරණා වශයෙන් මේ දාගැබේ නිධන් කර ඇති ධාතූන් වහන්සේලාට ගෞරව කරන්න. එහෙම මහා ආශ්චර්යමත් ලෙස පූජාගර්භවූ ඒ ධාතූන්වහන්සේලා නිධන් කරන සමහර කුඩා කරඬු සියුම් රන්පත්වලින් නිර්මාණය කරලා තිබුණා.

එබඳු පුංචි රන් කරඬුවක බර පවුම් අරික්‌කාලකට වඩා වැඩි නෑ. මහා විශාල දාගැබක තැන්පත් කළ මහා අනර්ඝ වස්‌තුව එයයි.* ඒත් මේ රටේ හැම පුරාණ දාගැබක්‌ම කොල්ලකාල හමාරයි නේද?.ඒක තමයි කරුමෙ. මේ රට පුදුමාකාර විදිහට මිථ්‍යාවෙ ගිලුන රටක්‌. තවමත් එහෙමයි. දැන් මේ රටේ හැම පුරාණ දාගැබක්‌ම කොල්ල කාල ඒ කුඩා ධාතු කරඬුත් හොරකම් කරලා හමාරයි. මම කියන්නේ බොහොම වගකීමකින්. රුවන්වැලි සෑය අභයගිරිය ෙ-තවනය පවා මීට දශක ගාණකට ඉහතදී කොල්ලකාපු දාගැබ්. ඒ පුරාවස්‌තු සංහාරකයින්ට හසු නොවී තිබුනෙ දැදිගම සූතිඝර චෛත්‍යය. ඒක ලෞකික චෛත්‍යයක්‌. මෙහෙම එකක තමයි නිධන් කරනවානම් මහා ධන සම්භාර නිධන් කරන්න ඕන. එතැනින් රන් පිළිම කියලා හමුඋනා කුඩා පිළිම පහක්‌. ඒව සෙන්ටිමීටර දෙකහමාරකට වඩා උස නෑ. ඉතා තුනී රන් පත් වලින් කරලා ඇතුළට සුවඳ කැවූ මැටි පුරවලයි ඒ ප්‍රතිමා නිර්මාණය වෙලා තිබුණෙ. මේ කුඩා පිළිම පහේම රන්බර පවුමක්‌ වත් නෑ. මෙතනින් මැණික්‌ කියලා හමුවන රබස්‌ කිලෝ එකක්‌වත් වෙළෙඳපළේ රුපියල් තුන්දාහකට අලෙවි කරගන්න බෑ.* එහෙනම් මොනවද දඹරන් පිළිම කියන්නෙ?දඹරන් පිළිම කියලා ජාතියක්‌ නෑ. තියෙන්නෙ රන් ආලේප කරපු ලෝකඩ පිළිම* ඔබ කියන විදිහට මහා අනර්ඝ වස්‌තුව කොහෙවත් නිදන් කරලත් නෑ.කොහෙත්ම නෑ.* නිධානයක්‌ අරගෙන කෝටිපතියෙක්‌ වෙච්චි කිසිවෙක්‌ හෝ ඔබට හමුවෙලා තියනවද?.

එහෙම කෙනෙක්‌ ගැන දන්නවද?මම ඒකට මෙහෙම උත්තරයක්‌ දෙන්නම්. මට මගෙ රස්‌සාව ගොඩක්‌ වැදගත්. මම ඒකට ගොඩක්‌ ගරු කරනවා. ඒ හින්දා මම මේ කතාව කියන්නෙ බොහොම වගකීමකින්. අපිට අහන්න ලැබෙන්නෙ නිධානයක්‌ දැක්‌කලු, ගත්තලු, විකිණුවලු වගේ කතානෙ. එහෙම දැක්‌ක කෙනෙක්‌ දඹරන් පිළිම දැක්‌ක කෙනෙක්‌, අඩුම තරමින් නිධානයක්‌ දැක්‌ක කෙනෙක්‌ ඉන්නවානම් මට ඒ ගැන සහේතුකව කියන්න. එදාට මම එක මොහොතක්‌ ඉන්නෙ නැතිව මේ රස්‌සාවෙන් ඉල්ලල අස්‌වෙනවා.අපි අවුරුදු එකසිය විස්‌සක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදිහට පුරාවස්‌තුත් එක්‌ක වැඩ කරනවා. කෞතුකාගාර දෙපාර්තමේන්තුව අවුරුදු එකසිය පනහක්‌ විතර වැඩ කරනවා. මධ්‍යම සංස්‌කෘතික අරමුදල අවුරුදු තිහක්‌ විතර වැඩ කරනවා. දැනටත් අපි අවුරුද්දකට ව්‍යාපෘති හයසීයක්‌ කරනවා. ඔහොම ධන නිධාන මේ රටේ තිබ්බනම් ඒව වලින් අපේ කෞතුකාගාර පිරී යා යුතුයි.* එහෙමනම් නිදන් හා පුරාවස්‌තු කියලා දෙකොටසක්‌ තියනවා කියලා කරන ප්‍රකාශ වල පදනමක්‌ තියනවද?. නැද්ද?පදනමක්‌ නෑ.* එසේනම් මේ කරන ප්‍රකාශ රටට හානිකරයි කියල ඔබ පිළිගන්නවද?.මේ ගතවෙන්නේ පුරාවස්‌තු විනාශය පිළිබඳ රැල්ලක්‌ ඇතිවෙලා තියන කාලයක්‌. මිනිස්‌සු නිදන් කියලා ජාතියක්‌ හොයන්න ඉතාම බරපතල විනාශයක්‌ කරමින් ඉන්නවා. එහෙම වෙලාවකදි කෙරෙන මේ ප්‍රකාශ ඇත්තටම රටට ඉතාම හානිකරයි. හානිකර වෙන්නෙ පැති දෙකකින්. එකක්‌ හොරාගෙ උනත් කාලය, ධනය හා ශ්‍රමය අපරාදෙ. අනික්‌ පැත්තෙන් යළි කිසිම කලෙක ගොඩනැගිය නොහැකි ලෙස මේ රටේ උරුමයට වන හානිය අපරාදෙ.

යම් පුරාවස්‌තුවක්‌ අර්ථ නිරූපණය වන්නෙ ඒ පරිසරයේ තියන සියලුම සන්ධර්භයන් එක්‌ක. ඒ සන්ධර්භයේ තියන එක කොටසක්‌ විනාශ කරල මොනවහරි යමක්‌ කොල්ලකෑවොත් ඒ තැනැත්තා හානිය කරන්නෙ භෞතිකව පෙනෙන පුරාවස්‌තුවකට විතරක්‌ නෙමෙයි. ඒ සමග අර්ථ විවරණය කරගත හැකි මහා ඉතිහාස කතාවකට.* ඔබ විශ්වාස කරන විදියට මේ පුරාවස්‌තු විනාශ කිරීමේ රැල්ල ඇතිවෙන්නෙ කොහොමද?මෙහෙම රැළි ගොඩක්‌ අපි අත්විඳලා තියනවනෙ. පුරාවස්‌තු නිධන් වස්‌තු කියලා කියන මේ කතාව මිථ්‍යාවත් එක්‌ක ඇති වුණ මිථ්‍යාව මුල් වෙච්චි වදුළු වගේ දේවල් එක්‌ක ඇතිවුණ දෙයක්‌නෙ. මේ රැල්ල නිර්මාණය කිරීමේ එක කොටසක්‌ කරන්නේ මාධ්‍යය විසින්. මේ ජාතික ව්‍යසනයේදී මාධ්‍ය තමුන්ගේ වගකීම් සහගත භාවය ගැන සහතික විය යුතුයි.* මෙය වළක්‌වාගන්න ඔබ ක්‍රියාත්මකද?අපේ පැත්තෙන් අපි පුළුවන් උපරිමයෙන් ක්‍රියාත්මකයි. මුලින්ම පුරාවිද්‍යා ආඥපණත සංශෝධනය කරලා නීති පද්ධතිය ශක්‌තිමත් කරලා තියනවා. පුරාවස්‌තුවල අයිතිය හිමි හා ඒවා පිළිගත් පදනමක්‌ මත සන්තකයේ තබාගන්නන් ලියාපදිංචි කරන, පුරාවස්‌තු විනාශ කරන උන් අනිවාර්ය සිර දඬුවමකට යටත් කරන, මේ විනාශයට අනුබල දෙන්නන් නීතිය ඉදිරියට රැගෙන එන, මේ විනාශයන් සඳහා භාවිත කරන දේපල රාජ සන්තක කරන නීති ප්‍රතිපාදන ගෙනත් තියනවා. අපි මෙහෙම කරන්නෙ මේ අපරාධ මෙහෙයවන්නේ මේ රටේ මහා ධනයක්‌ හිමි පිරිසක්‌ නිසයි. ඔවුන් ඕන දඩයක්‌ ගෙවයි. නමුත් හිර දඬුවම් විඳින්න කැමති නෑ. දැන් ඒ මහත්වරුන් වෙනුවෙනුත් බන්ධනාගාර විවෘත වෙනවා. අවසාන වශයෙන් මිනිස්‌සු දැනුවත් කරලා මේ මහා විනාශය නවත්තන්න, අපේ උරුමය ආරක්‌ෂා කරගන්න, කියන පණිවුඩය අරගෙන අපි පාරට බහිනවා. මේ පොසොන් පෝය දා මිහින්තලෙන්, සිතුල් පව්වෙන් අපි ඒ කටයුත්ත පටන් ගන්නවා. මේ සාධනීය ජාතික කටයුත්ත එක්‌ක එකතු වෙන්න කියලා අපි මාධ්‍ය වලට ආයාචනා කරනවා.සාකච්ඡා කළේජානක ලියනආරච්චි