Naifmvlog

Naifm vlog Gossip and News

අඩි තියන්නවත් බය හිතෙන ලෝකයේ බියකරුම පාලම්

1. රෝයල් ගෝජ් බි්‍රජ් – කොලරාඩෝ.ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම පාලම දැනට ඇමරිකාවේ බිම් මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටා ඇති පාලම ලෙස සැලකෙනවා. 1929 මුලින්ම මෙම පාලම ඉදි කළ අවස්ථාවේ එය කේබල්වලින් පාලමේ දෙපස කණුවලට සවිකොට තිබුණේ නැහැ. එම කේබල් ස්ථාපිත කළේ පාලම ඉදිකොට වසර 50කට පසුවයි. 2. මංකි බි්‍රජ් _ වියට්නාමයමංකි බි්‍රජ් කියන්නේ තනි පාලමක් නෙමෙයි, වියට්නාම් වැසියන් විසින් අටවා ගන්නා අවිධිමත් පාලම් විශේෂයක්. මීකොං ඩෙල්ටාව හරහා විවිධ ස්ථානවල ඉදිකොට ඇති මේවා මංකි බි්‍රජ් යනුුවෙන් හඳුන්වන්නේ වඳුරකුට පමණක් ඉන් එගොඩ විය හැකි යැයි බැලූ බැල්මට පෙනෙන හින්දා සහ මේවායින් එගොඩ වීමේදී මිනිසුන් වඳුරන් මෙන් එම ක්‍රියාවේ නිරත වන හින්දයි. ඒත් තනි උණ බම්බුවක් පමණක් යොදා ගෙන නිර්මාණය කෙරෙන මෙම අවදානම් පාලම් ඩෙල්ටාව අවට වෙසෙන වියට්නාම් වැසියන් අතර ඉතා ජනප්‍රියයි.3. හුසේනි එල්ලෙන පාලම _ පාකිස්තානයමෙම පාලම බොහෝ දෙනා හඳුන්වන්නේ ලෝකයේ භයානකම පාලම ලෙසයි.

මේ පාලමේ අඩි 10ක් දුර ගමන් කරන්න වුණත් හැකියාව ඇත්තේ සෑහෙන හිත හයිය කෙනකුට විතරයි. පාලමේ බිම හිඩැස් අතරින් පහළින් ගලාගෙන යන හුන්සා ගඟට වැටුණොත් කෙනකුට ජීවිතය ගැන හිතන්න තත්පර ගණනක්වත් ලැබෙන්නේ නැහැ.4. ලංකාවි ස්කයි බි්‍රජ් _ මැලේසියාවමැලේසියාවේ කෙඩා ප්‍රාන්තයේ ලංකාවි දූපතේ බිම් මට්ටමේ සිට අඩි 400ක් උසින් ඉදිකොට ඇති මෙම දර්ශනීය පාලම බැලූබැල්මට නම් අනතුරුදායක බවක් පෙනෙන්නට නැහැ. නමුත් මෙය නඩත්තු කටයුතුවලට බව පවසමින් විටින් විට වසර, වසර 2 වැනි කාල පරාසයන් වසා තැබුවා. ඒත් නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ එය කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් මෙසේ විටින් විට වසා තබන බවයි.5. මවුන්ට්ටිට්ලිස් බි්‍රජ් – ස්විට්සර්ලන්තයස්විට් සර්ලන්තයයේ ඇල්ප්ස් කඳු මායිමේ හිම මිදෙන සීතල සුළඟට පැද්දෙන, බිම් මට්ටමේ සිට මීටර් 3000ක් ඉහළින් පිහිටා ඇති පාලමක ගමන් කිරීමට ඔබට කෙතරම් හිතේ හයියක් තියෙනවද? කොහොම වුණත් වසරක් පාසා ඒ ගැන නොතකා හිම ක්‍රීඩකයන් මේ පාලම තරණය කරන්නේ දහස් ගණනින්. 6. විටිම් රිවර් බි්‍රජ් _ රුසියාවරුසියාවේ සයිබීරියාවේ පිහිටි මේ අබලන් පාලම සාර්ථකව තරණය කළ අයට වඩා නොකළ අය වැඩි බවයි සඳහන් වන්නේ.

මෙහි දෙපස ආධාරක වැට නොමැති අතර පාලමේ ලෑලිද බොහෝ සෙයින් දිරාපත් වූ ඒවායි. සමහර තැන්වල ලෑලි ඇත්තේම නැහැ. අඩි 6ක් පමණක් පළලින් සහ මීටර් 570ක දිගින් යුත් මේ පාලමේ දුර තරණය කරන්න රියැදුරන් යෙදෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකයි.7. පුවෙන්ටි ඩි ඔයුඒලා – මෙක්සිකෝවකලක් මෙක්සිකෝවේ පිහිටි පතල් නගරයකට ඉහළින් ඉදිකරන ලද මෙම පාලම අද භාවිත වන්නේ පදිකයන් සඳහා පමණයි. පදිකයන් සඳහා වුවද ඉතා අවදානම් තත්ත්වයක පවතින මෙය වර්තමානයේ ඉතා ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක්.8. කිව්පොස් බි්‍රජ් – කොස්ටරිකාමර උගුලක් ලෙස සැලකෙන මෙම අවදානම් පාලම ස්වදේශිකයන් හඳුන්වන්නේ ‘මරණයේ පාලම’ ලෙසයි. පාලමේ බිමට ලෑලි අතුරා ඇති නමුත් බොහෝ තැන්වල ලෑලි ගැලවී ගිහින්. 9. ද බි්‍රජ් ඔෆ් ඉමෝර්ටල්ස් – චීනයචීනයේ හුවාන්ග් ෂැන්ග්් හි පිහිටි උස් ගල් කුළු දෙකක් යා කරමින් මෙම පාලම පිහිටා ඇත්තේ වලාකුළුවලටත් වඩා ඉහළින් බවයි පැවැසෙන්නේ. පාලම පමණක් නෙමෙයි, පාලමට ළඟා වෙන්න තියෙන මාර්ගයත් ඉතා අවදානම් බව සඳහන් වෙනවා.10. කැරික්-අ-රිඩි රෝප් බි්‍රජ් _ උතුරු අයර්ලන්තයකළු ගල්, මුහුදු වෙරළ සහ මුහුදට මීටර් 30ක් ඉහළින් රැහැන් ආධාරයෙන් එල්ලෙන මෙම පාලම තරණය කොට සුන්දර දූපත නැරඹීමට යන අයට දැනෙන බිය කෙතරම්ද යත් නැවත ඔවුන් දූපතේ සිට මෙගොඩට පැමිණෙන්නේ පාලම මතින් නොව යාත්‍රාවකින් බවයි පැවසෙන්නේ.