Naifmvlog

Naifm vlog Gossip and News

සිදුවන්නට තියෙන දෙයක් කලින්ම දැනෙන හැටි

කිසියම් දෙයක් සිද්ධ වෙන්න ඉස්සර කෙනකුට දැනගන්න පුළුවනි නම් ඔබ කියාවි එය කොයිතරම් වටින දෙයක්ද කියලා. තවත් සමහරු කියාවි එහෙම දැනගන්න බැරිය කියලා. අපි හිතමු ඇත්තටම දැනගන්න පුළුවන් වුණා කියලා. එවිට ඔබ සිතාවි එය පිළිගන්න අමාරු දෙයක් බව.ඔබ කොයි විධියට සිතුවත් නොදන්නා රහසක් හා ඇත්තක් මේ කාරණාව ගැන කියන්න තියෙනවා. එය සවිස්තරව කියන්න ඉස්සර මුල් ප්‍රශ්නයට උත්තරයක් හැටියට කියන්න තියෙන්නේ කිසියම් දෙයක් වෙන්නට ඉස්සර එම දෙයම දකින්නට, දැනගන්නට හැකියාවක් ඇති අයත් ඉන්නා බවයි. ඒ අය එය ඇත්තක් බවට ඔප්පු කර පෙන්වා තිබෙන බවයි.අපි හිතමු ඔබේ බිරිය දරුවා ප්‍රසූතියට රෝහල්ගත කර ඉන්නවා කියලා. ඔබට වෛද්‍යවරයා කියන්නෙ අද හවස් වෙනකොට දරුවා හම්බවේවි කියලයි. ඔබ බිරිය රෝහල් ගත කළේ ඊට පෙරදා රාත්‍රියේ කියා හිතමු. හිටි ගමන් ඔබට දැනෙනවා ඔබේ මනසේ ඇඳෙනවා, ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ඔබේ බිරිය මළ දරුවෙක් ප්‍රසූත කරලා ඔබ වෙත පානවා. මෙහෙම සිද්ධියක් 1610දී ප්‍රකට කවියකු වූ ජෝන් ඩොන්ට සිදුවුණා. ප්‍රංශයේ ඉන්නා අතරේදී ජෝන් ඩොන් ඒ වගේ දෙයක් සිතින් දැක්කා. දින කිහිපයක් ගියාම හරියටම ඒ වෙලාවටම සිය බිරිය මළ දරු උපතක් බිහි කළ වග පසුව ජෝන් ඩොන්ට දැනගන්නට පුළුවන් වුණා.

මේ සිද්ධිය අනුව එංගලන්තයේ දී ඇත්තටම දරුවා මළ දරු උපතක් හැටියට බිහි කරන්නට වූ වෙලාවේම ප්‍රංශයේ හිටි ජෝන්ට එය පෙනුණේ – දැනුණේ කොහොමද කියලා ඔබට ප්‍රශ්නයක් වේවි නේද?තවත් සිද්ධියක් තියෙනවා ඇමෙරිකාවෙ ‘ඔහිමි’ ප්‍රාන්තයෙන්. එහි ‘සින් සිනාටි’වල පදිංචි වෙලා හිටිය බූත් කියන මනුස්සය දවසක් සිහිනයක් දැක්කා, ඇන්ජින් තුනකින් යුත් ලොකු ඇමෙරිකානු ජෙට් ගුවන් යානයක්. ඔහු දැක්ක එම යානය බැස්සවීමට පටන් අරන් තියෙනවා. යානයේ ශබ්දය වෙනස් ආකාරයකට තමයි ඔහුට දැනිලා තියෙන්නේ. බිමට පහත් කරනවාත් එක්කම යානය පෙරළී ගිනි ගොඩක් බවට පත්වෙන හැටි ඔහු දුටුවා. ඔහුට මේ සිහිනය එක දිගට දින හතක් එක විධියටම පෙනුණා. මෙහි යම්කිසි දෙයක් සිදුවන්නට ඇතැයි ඉවෙන් මෙන් දැනිල බූත් ඇමෙරිකන් එයාර් ලයින්ස්ටත්, දි ෆෙඩරල් ඒවියේෂන් ඇඩ්මිනිස්ට්‍රේෂන් කාර්යාලයටත්, සිනාටි ගුවන් තොටේ පාලක මැදිරියටත් දුරකථනයෙන් දන්වා සිටියා. වාර්තාව ලබාගත් අය එය එකෙණෙහිම විහිළුවක් විධියට බැහැර කළෙත් නැහැ. ඔහු සිහිනය දුටුවේ 1979 මැයි 15 රාත්‍රියේ. තොරතුරු දැන්වූයේ මැයි 22දායි. පාලක මැදිරියෙ ජේ. පින්ක්ටර්න් මේ විස්තර හොඳින් විමසා පැය හතරක් විතර බූත් හා දුරකථනයෙන් සංවාදයක යෙදුණා.

මේ කතාබහ සිදුවූයේ මැයි 24දායි. හරියටම මැයි 25 සවස 5ට එන්ජින් 3ක් ඇති ච්ඛ් 10 ගුවන් යානය අහසට නඟිනවාත් එක්කම බූත් සිහිනයෙන් දුටුවා වගේම උඩුකුරුව පෙරළී ගිහින් ගිනි ගත්තා. ගුවන් අනතුර සිදුවීමට දින ගණනකට පෙර මේ විධියට බූත්ට පෙනුණේ කොහොමද? එය ප්‍රශ්නයක් නේද? මේ සාමාන්‍ය මිනිස්සු දැක්ක දේවල්. ඔබ දන්නා ජනප්‍රිය සිද්ධියක්ද අපි විමසා බලමු. ඔබ දන්නවා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කළ බව. දවසක් ලින්කන් ජනාධිපතිවරයා ධවල මන්දිරයේ රාජකාරි කටයුතුවල යෙදී ඉන්නව සිහිනෙන් දැක්කා. මන්දිරය මැදින් ඔහු ගමන් කරමින් ඉන්නකොට ඇමෙරිකානු ධජයෙන් වැසූ මිනී පෙට්ටියක් ඔසවාගෙන එතැනින් පිරිසක් යනවා. ජනාධිපතිවරයා ඒ දිහා බලලා ‘මේ කවුද?’ කියලා අහනවා. එතකොට ඒකට උත්තර හැටියට ‘ජනාධිපති’ කියලා ලැබෙනවා. මේ සිහිනය දැකීමෙන් දින කිහිපයකට පස්සේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාව ඝාතනය කරනු ලැබුවා. මේ සිදුවීම් සියල්ල තුළම ගුප්ත බවක් ඇති බව ඔබ දන්නවා. නමුත් මේ සියලු සිදුවීම් මෙන්ම ඇතැම් විට ඔබ පෞද්ගලිකවම අත්දැක ඇත්තක් බවට පත්වූ දේවල්ද සත්‍යතාවක් ඇති බව ඔප්පු වී තියෙනවා. නමුත් ප්‍රශ්නය එය එසේ වූයේ කොහොමද කියන එකයි.ඔබ දන්නවා පෙරදා මෙන් නොව ඔබට ඕනෑම තැනක සිට වයරයකින් සම්බන්ධ නොකර සෙලියුලර් දුරකථනයකින් අදහස් ලබාගන්නත් කතා කරන්නත් පුළුවන් බව. ද්‍රව්‍යමය සන්නායකයන් නැතිව ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණ ලබා ගන්නට පුළුවන් බව ඔබ දන්නවා. එසේම විවිධ තරංග ඔස්සේ පණිණඳඩයක් යවා අපට අවශ්‍ය දේ කරවා ගන්නට තරම් දියුණු වූ බවක් දැන් පවතින බව ඔබ දන්නවා.

විද්‍යුත් චුම්බක තරංග දියුණුවීම් නිසා තවත් වැඩ කටයුතු පහසුවී තියෙනවා. මෙවැනි ශක්ති විශේෂයක් මඟින් යමක් විය හැකි නම්, තවමත් සොයා ගනිමින් පවතින මනසේ ක්‍රියාකාරීත්වය අනුව කරුණු ලබා ගැනීම හා ඒ අනුව ක්‍රියාකාරී වීමද පිළිගන්නට බැරි දෙයක් බව කෙනකුට කියන්නට බැරි වෙනවා.දිබ්බසෝත: මෙම ශක්තිය උපදවාගත් කෙනකුට කොයිතරම් අෑතක හෝ කොයිතරම් සියුම් වූ හෝ ශබ්දයක් අහන්න පුළුවන්. ශබ්දය කොයි තරම් දුර වුණත් එය දිව්‍යා ආත්මයේ එකක් වුණත් තේරුම් ගන්න පුළුවන්. එම ශබ්දයට තම සිතෙන් නිකුත් කෙරෙන සියුම් තරංගයක් සම්බන්ධ කිරීමෙන් උපදවා ගන්න පුළුවන්. ගුවන් විදුලි සම්ප්‍රේෂණයකින් අධික ආවර්තයක් ඇති ශබ්ද නිකුත් වුණත් මේ හැකියාව උපදවාගත් කෙනකුට කිසිම සීමාවක් නැතිව කොතැනක හෝ කවර ප්‍රමාණයක හෝ උපදින ශබ්ද අහන්න පුළුවන්. (යෝගියා තම සිත අවශ්‍ය තැනට යොමු කරන විට එහි ඇති ශබ්ද ශ්‍රවණය කළ හැකියි.)පරචිත්ත විජානනය: මෙයින් කියන්නේ කෙනකු සිතන විට ඔහු හෝ ඇය සිතූ දෙයය දැන ගැනීමේ හැකියාවටයි. (චිත්ත ශක්තිය යෝගියාගේ අනුව සිතනදේත්, සිතූදේත්, ඉදිරියට සිතිය හැකිදේත් තේරුම් ගනී.)පුබ්බේ නිවාසානුස්සති: තමන් මෙයට පෙර ජාතියේ ජීවත් වූයේ කොහිද? ඊටත් පෙර ජාතිවල ජීවත් වුණේ කොහිද? එතැනට ආවේ කොහි සිටද? කියා දැනගන්නට පුළුවන්කමයි මින් කියැවෙන්නේ.

තමන් සිටි ආත්මභාව දහස් ගණන්, ලක්‍ෂ ගණන්, කෝටි ගණන් හෝ දැනගන්නට හැකියාව මින් ලැබෙනවා. (මෙයත් යෝගියාගේ චිත්ත ශක්තිය අනුවයි.)දිබ්බචක්ඛු: ඇසට පෙනෙන දේ මෙන්ම නොපෙනෙන ඉසව්වක වෙසෙන තියෙන දෙයක් දැක ගැනීමේ හැකියාවයි. එය එක දෙයක් පමණක් නොව කරුණු රාශියක් එකවර දැක ගැනීමේ හැකියාවයි. අප දකින්නේ පියවි ඇසට පෙනෙන දේ මොළය හරහා අවබෝධ කරගනිමින් වුණත් මෙය ඊට වඩා ඉදිරියට ගිය තත්ත්වයක්. (ආවරණය වී ඇති තැන්ද අනාවරණය කරගත හැකි නුවණකි.)මේ ආකාරයට පඤ්ව අභිඥා උපදවාගත් කෙනකු නොවුණත්, පෙර ආත්මවල උපදවාගත් ශක්තීන් අරන් ආපු ඇතැම් සිත දියුණු කරගත් මනුෂ්‍යයන්ට සෙසු අයට වඩා යමක් දැන හඳුනා ගැනීමේ ශක්තීන් ඇති බව පෙනෙනවා.කිසියම් දෙයක් වන්නට පෙර එය දැන ගැනීමේ හැකියාව එදා ගුප්ත දෙයක් වගේම විශ්වාස කළ නොහැකි දෙයක් හැටියට පිළිගත්තත් අද එය එසේ නොවන තැනට කරුණු පැහැදිලි වෙමින් තියෙනවා. දිව්‍යමය තත්ත්වයක ඇති දෙයක් වුවත් සිත දියුණු කරගත් කෙනකුට දැන ගන්නට හැකි ශක්තියක් ඇත්නම් සිතෙන් නිකුත් කෙරෙන තරංගයන් තුළින් දේවාත්මයක් හා සම්බන්ධ වෙන්න හැකිනම්, දෙවියන්ගේ තත්ත්වය මෙන්ම දෙවියන්ගේ ආකර්ෂණය උපදවා ගන්නට බැරි වෙන්නෙ නෑ.මෙයින් එක දෙයක් පැහැදිලි වෙනවා. තමන් සිතින් පිරිසුදුව මොනයම් දෙයක් ගැන හෝ අධිෂ්ඨානය කරගෙන සිතුවිලි මුදා හරින්නට උත්සාහ ගත්තොත් දෙවියන්ගෙන් මෙන්ම වෙනත් දිව්‍යමය බලවේගයන්ගෙන්ද ආකර්ෂණයක් ලබාගන්නට හැකි බවයි.(බෙල්ලන ශ්‍රී ඥානවිමල නාහිමියන්ගේ දෙසුමක් ඇසුරිනි)