Naifmvlog

Naifm vlog Gossip and News

රාවණා හි සුපර්ණිකා ලෙස ඔබ හමුවන රොෂෙල්

ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට වර්තමානයේ පත්ව ඇති දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂා දෙස රසිකයන් බලන්නෙ ආදරයෙන්ද අනාදරයෙන්ද? කවද හරි ඔය හිතුවක්කාරකම්, අහංකාරකම් නපුරුකම් ඇරිලා යයි. එහෙම හිතල ආක්ෂගෙ මේ ගතිපැවතුම්වලට සමාව දෙමින් ඇයට ආදරය කරන අය බොහොමයි. ආදරය කරන්න බැරි විදිහට නපුරු වුණත් අහක දාන්න බැරි තරම් ආදරයකින් රසිකයන්ගේ හිත්වල ඉන්න මේ පුංචි කෙල්ල කවුද ඇය නෙත්මි නිෂේකා රොෂෙල් රොජර්ස්, ඇය මේ දිනවල තවත් සුවිශේෂි වූ ටෙලි නිර්මාණයක් හරහා ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබේ. ඒ දෙරණ රූපවාහිනි නාළිකාවේම විකාශය වෙන ‘රාවණා’ දෙවැනි කොටසේය. ඒ පිළිබඳව ඇය අපිට දැක්වූයේ මෙවැනි අදහසක්.

‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයට අමතරව මේ දිනවල තවත් ටෙලි නාට්‍ය්‍යක් තුළින් මාව ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න පුළුවන්. ඒ දෙරණ රූපවාහිනි නාළිකාවේම විකාශය වෙන ‘රාවණා’ දෙවැනි කොටස රැගත් ටෙලි නාට්‍යය තුළින්. එහි මම නිරූපණය කරන්නේ ‘රාවණා’ රජතුමාගේ නැඟෙණිය ‘සුපර්ණිකා’ විදිහට. ඇත්තටම මේක මට ගොඩක්ම අභියෝගයක් වුණ චරිතයක්. මොකද මීට කළින් මම ‍ඵෛතිහාසික කතාවක් පාදක වුණ කලා නිර්මාණයකට සම්බන්ධ වුණේ නැති නිසා. මම බලාපොරොත්තු වෙනවා ‘දෙවෙනි ඉනිමේ’ ‘ආක්ෂා’ වගේම ‘රාවණා’ ටෙලි නාට්‍යයේ ‘සුපර්ණිකා’ කියන චරිතයට බොහෝ දෙනෙක් ආදරය කරයි කියලා.