Naifmvlog

Naifm vlog Gossip and News

ලෝකයේ මිල අධිකතම හොඳම සිතුවම් 5 ගැන ඔබ දන්නවාද

5 පැක්සන් පොලොක් නම් චිත්‍ර ශිල්පියාගේ මේ සිතුවම ඩොලර් මිලියන 200කි. ජැක්සන් පොලොක්ගේ 1948 දී අඳින ලද මේ සිතුවම 2015දී හෙජ් අරමුදල් කළමනාකරු වන කෙනෙත් සී. ග්‍රිෆින් විසින් ඩොලර් මිලියන 200ක මුදලකට මිලදී ගත් දෙවැනි කලා කෘතියයි.මුල්ම කෘතිය මහජන ප්‍රදර්ශනයට තබා නොමැති වුව නිව්යෝර්ක්හි නූතන කලා කෞතුකාගාරය (මෝමා) ඇතුළු ලොව පුරා කෞතුකාගාරවල සුවිශේෂී පොලොක් එකතුවක් ලෙස ප්‍රතිනිර්මාණය කොට ප්‍රදර්ශනය කෙරේ.4. ‘නෆියා ෆා ඉපොයිපෝ’ නමින් නම් කෙරුණු පෝල් ගෝගුයින් විසින් සිතුවම් කළ මේ සිතුවම ඩොලර් මිලියන 210කට අලෙවි විය. ප්‍රංශයේ පශ්චාත් නිරූපණ ශිල්පි පෝල් ගෝගුයින් ටහිටිහි පළමු සංචාරයේ යෙදී සිටියදී මෙම කොටස පින්තාරු කර ඇති බැව් කියැවේ.ඔහු දිවයිනේ ස්වදේශික කාන්තාවන් පින්තාරු කළ බොහෝ දේවලින් එකක් වන අතර එහි මාතෘකාව “ඔබ විවාහ වන්නේ කවදාද?” යන්නයි.2015දී ඩොලර් මිලියන 210කට අලෙවි වූ මෙම කලා කෘතිය මීට පෙර ලෝකයේ වඩාත්ම මිල අධික සිතුවම ලෙසද හැඳින්විණි.

3. “කාඩ් වාදකයන්” ලෙස නම් කෙරුණු මේ සිතුවම් පෝල් සීසැන් නම් චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද්දකි. එය ඩොලර් මිලියන 250කට අලෙවි වී ඇත. ලොව තුන්වැනි මිල අධිකම චිත්‍රය වන්නේ පෝල් සීසන්නා විසින් ඇඳි මේ සිතුවමය. එය ශිල්පියාගේ 1890 ගණන්වල එකම නමින් ඇඳ තිබෙන සිතුවම් පහෙන් එකකි.මෙම නිර්මාණය 2011දී කටාර් රාජකීය පවුල විසින් මිලදී ගන්නා ලදී.2. අන්තර් හුවමාරුව නමින් නම් කෙරුණු මේ සිතුවම විලෙම් ඩී කූනිං නම් වූ ශිල්පියා ඇඳි එකකි. එය ඩොලර් මිලියන 500කට අලෙවි වී ඇත.මිලෙම් ඩි කූනිංගේ 1955දී කළ මේ නිර්මාණයෙන් වඩාත් ආස්වාදයක් ලැබූ අතර පෞද්ගලික අලෙවියකින් මෙතෙක් ගෙවා ඇති ඉහළම මිල ලබාගත්තේ ඔහුය. එය වාර්තාවක් ද වේ.හෙජ් අරමුදල් ප්‍රකෝටිපතියකු වන කෙනත් සී. ග්‍රිෆින් එය ඩොලර් මිලියන 500ක මිලකට මිලදී ගත්තේය.ඔබට ලෝකයේ වඩාත්ම මිල අධික සිතුවමක් බැලීමට අවශ්‍ය නම් දැනට චිකාගෝහි කලා ආයතනයේ ප්‍රදර්ශනය කර ඇති මේ සිතුවම නැරැඹිය හැකිය.

1. ලියනාඩෝ ඩා වින්චි විසින් නිමා වූ මේ දුර්ලභ සිතුවම ඩොලර් මිලියන 450.3ක් තරම් මිලකට අලෙවි වී ඇත. ලියනාඩෝ ඩා වින්චි විසින් යේසුස් ක්‍රිස්තුස්ව පෙනී සිටින ආකාරයක් නිරූපණය කිරීම ලෝකයේ වඩාත්ම මිල අධික සිතුවම බවට පත් වූ බැව් කියැවේ.1605දී ප්‍රංශයේ XII වන ලුවී රජු විසින් මෙම චිත්‍රය ඇඳ ඇත. ඒ මොනාලිසාගේ සිතුවම ඇඳි කාල පරිච්ඡේදයේදීමය.කෙසේ වෙතත්, 1763 සහ 1900 අතර කොහේ හෝ තැනක සිරවී තිබුණු මෙය 2005දී බි්‍රතාන්‍ය කලා අලෙවිකරුවන් කණ්ඩායමක් විසින් නැවත සොයා ගන්නා තෙක් සියලු වාර්තාවලින් අතුරුදන් විය.ඩොලර් 10,000කට චිත්‍රය මිලදී ගත් ඔවුහු වසර හයක් එහි ඉතිහාසය ප්‍රතිෂ්ඨාපනය පිණිස විමර්ශනය කළහ.මෙම චිත්‍රය 2011 දී ලන්ඩනයේ දී ප්‍රදර්ශනය කරන ලද අතර එය ‘ලොස්ට් ලෙනාඩෝ’ ලෙස හැඳින්විය. 1909න් පසු ඩාවින්චි සොයාගත් පළමු අවස්ථාවක් ලෙසද මෙය හැඳින්විය.අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව වෙනුවෙන් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් “ලෝකයේ ගැලවුම්කාරයා” නම් මේ සිතුවම මිලදී ගන්නා ලදී.