Naifmvlog

Naifm vlog Gossip and News

ඉඩමට අරක් ගත් භෛරව කරදරවලින් ඔබ මුදවන ඉතා බලගතු යන්ත්‍රයක්

ඉඩකඩම්වලට, පොළොව යට තැන්පත් වූ මුතු මැණික් ආදී වස්තුවට, ධන නිධානවලට අධිගෘහිත භෛරව නමින් දේවතා කොට්ඨාසයක් ඇත. ඒ භෛරව නාමයෙන් හඳුන්වන සතර දිශා, සතර අනුදිශා සහ උඩ, යට යන දස දිශාවට අධිපති භෛරව දෙවියන්ය.භූමියට ආශාවෙන් උපන් කොටසක් වන දස දිශාපති භෛරවයන් මෙම යන්ත්‍රය බලෙන් ඉඩම්වලින් එළවා දැමීමට හැකිය.භෛරවයන් අරක් ගෙන සිටින භූමිවල ගෙවල් ‍ෙදාරවල් සෑදීමට පටන් ගන්නා අයට කොතෙක් මුදල් තිබුණත් අතරමඟ අඩාල වේ. සමහර විට අත්තිවාරම පමණක් හෝ මඳක් නිමවා නතර වෙයි. ගේ හිමියා කරදරවලට පැටලීම, ව්‍යාපාර බිඳ වැටීම, පන්සලට මහජන ප්‍රසාදයක් නැතිවීම, අඹුදරුවන් ලෙඩ වීම, ව්‍යාපාරික ස්ථානයට හෝ හදන තැනට යන්නට පවා හිත් නොදේ.අප පරම්පරාවේ කෞතුක වස්තුවක් සේ රැකගෙන ආ ඉපැරැණි පුස්කොළ පොතෙන් රැගෙන මහජනයාගේ ප්‍රයෝජනය තකා ඉදිරිපත් කරමි.යන්ත්‍ර ඇඳීමසතියේ ගුරු – ශනි යන දෙදිනෙන් එකක් තෝරා ගෙන රාහු කාලයෙන් මරුට පිටුපා 2 × 2 පස්ලෝ තහඩු 08ක් සකස් කරගෙන මහා මන්ත්‍ර දේවේන්ද්‍රයාණන් ප්‍රධාන ඉටු දෙවියන් වෙනුවෙන් පහන් දල්වා තමා පිරිසුදුව සිට යන්ත්‍ර පතට සහ පන්හිඳට සුවඳ දුම් දී යන්ත්‍රය ඇඳීම ඇරැඹිය යුතුය.

යන්ත්‍රය ඇඳීමෙන් පසුව නෙලුම් මල් රේණු, නාමල් රේණු, වියළි කහ, එළවරා, කොකුම් පොතු, කස්තුරි, ගෝරෝචන යන මේවා දුම්මල තෙලෙන් අඹරා කළු මැද සිය නිවෙසේ පිරිසුදු සහ ආරක්‍ෂිතව තබා ගත හැකි කාමරයක සතර සීමා වෙන්කර උඩු වියන් බැඳ මලලොඹු එල්ලා වට තිර ඇද සීමාව තුළ සඳුන් කිරි පැනින් දියකර ගත් ගොම ඉස පිරිසුදු කර අඩි එකහමාරක් පමණ උසට සාදා ගත් අසුනක සුදු පිරුවටක් එළා නාග වල්ලි බුලත් කොළ 5ක්, එළකිරි ගොටු 5ක්, මී පැණි ගොටු 5ක්, විළඳ, පුළුටු ගොටු 5ක්, රීරි ගොටු 5ක්, පලතුරු වර්ග 5ක්, කිරිබත් ගොටු 5ක්, කපුරු, රිදී කාසි 5ක් රතු කහ නිල් තැඹිලි පැහැති මල්, දෙහි ගෙඩි 5ක් ඇතුළු පූජා ද්‍රව්‍ය සමඟ යන්ත්‍ර 08ක් තබා හොඳට සුවඳ දුම් අල්ලා දිනක් යන්ත්‍ර පේකර පාන්දර රාහු කාලෙන් තොරව කතා නොකර යන්ත්‍ර 08 වළලන්න. ගින්නට දිය දැමුවා සේ භෛරව ‍ෙදාස් ඉවත්ව යනු ඇත.මෙය මා හොඳින් අත්දුටු ඉතාම පැරැණි ගුරුකමකි. නියම විශ්වාසයෙන් යුතුව කරනු.යන්ත්‍රය නාගර අක්‍ෂර වර්ග දෙකක් ඇත. පේ කරන හා ජප කරන අක්ෂරයි. මෙම යන්ත්‍රය පේ කරන යන්ත්‍රයි.මෙය රූපයක් නොව ඉතාම දුර්ලභ නාගර අක්‍ෂර