Naifmvlog

Naifm vlog Gossip and News

චීනයෙන් ලෝකෙටම පැතිරුණු සුපිරි රහස

ජින්සෙං නමැති ශාකය මේ වෙද්දී අප රටටද හඳුන්වා දී ඇති නිසා එය ඔෟෂධීය ශාකයක් වශයෙන්ද සුවිශේෂී වැදගත්කමක් උසුලනවා. මෙය ඇත්තෙන්ම ඔෟෂධීය ශාකයක් වශයෙන් ප්‍රධාන වන්නේ සහ ප්‍රකට වන්නේ චීනයේය. ඒ නිසාම කොරියාව, තායිලන්තය මැලේසියාව වැනි රටවලටත් පැතිරී ගොස් ප්‍රකට වී තිබෙනවා.අරලියාසේ කුලයට අයත් මෙම ශාකයේ විශේෂයන් දෙකක්. පැනැක්ස් ජින්සෙං හා ෂීක්වින්ක්වෙපෝලියුස් යනු ඒ දෙවර්ගයයි. මෙයින් පැනැක්ස් ජින්සෙං වගාව අතින් ප්‍රසිද්ධ වී තිබෙන්නේ කොරියාවයි. එනිසාම මෙම ඔෟෂධය ‘කොරියන් ජින්සෙං’ කියාත් ප්‍රසිද්ධයි. දෙවැන්න එනම් ක්වින්ක්වෙපෝලියුස් 1870 සිට උතුරු ඇමෙරිකාවේ වගා කරනු ලබනවා. මෙම ශාකවල මුල් වේළා චීනය හා සෙසු අග්නිදිග ආසියාතික රටවලට සපයනු ලබනවා. ලංකාවේද මෙය වගාවක් ලෙස වගාකර තිබෙනවා.

ගෙවතුවලද වගා කළ හැකි මෙම ශාකය වසර 5ත් 8ත් කාලය තුළදී පරිණත වෙනවා. හොඳින් වැඩුණු ගසක මුල මිනිස් රුවට සමානයි කියා හිතෙනවා.ජින්සෙං වගා කිරීමේදී තරමක සෙවණක් ඇති තෙත පස් සහිත ස්ථානයක් තෝරා ගත යුතුයි. එහි අඩියක් පමණ ගැඹුර ඇති කානු කපා, සිනිඳු පස්, වියළි ගොම හා කොම්පෝස්ට් මිශ්‍රණයකින්, මී. 1.8ක් පමණ උසට තිබෙන සේ සකස් කර ගත යුතුයි. කානු අතර පරතරය මී. 0.9ක් පමණ විය යුතුයි. තවානක වපුරා පැළකරගත් මසක් පමණ වයස ඇති කුඩා ජින්සෙං බීජ පැළ එම කානුවල මී. 0.6ක් පමණ අෑතින් සිටුවන්නට ඕනෑ. පැළය සිටුවීමත් සමඟ පස තෙත් කළ යුතුයි. දින 10කින් පමණ පැළෑටියක් පාසා යූරියා රසායනික පොහොර මේස හැන්දක් ද දැමිය යුතුයි.

ඉන් පසුව මාස තුනකින් පමණ නැවත පොහොර දැමීම ප්‍රමාණවත්.ජින්සෙං ගසේ ඔෟෂධීය වටිනාකම දරා සිටින්නේ එහි මුල් සහ මල්. එමඟින් වයින් නිස්සාරණයද පැණි වර්ග හා උත්තේජක පාන වර්ග ලබා ගැනීමද සිදු කරනවා. වැඩිම වටිනාකමක් ඇත්තේ මුල්වලින් ලැබෙන නිෂ්පාදනවලටයි. පාරම්පරික වෛද්‍ය මතයට අනුව ජින්සෙං ඔෟෂධය ආයු වර්ධනය කරන අතර නිරෝගීභාවයද ලබාදෙන බව කියැවෙනවා. තවද ඇස් පෙනීම දියුණු කරන මෙය රුධිර සංසරණය ක්‍රමවත් කර ස්නායු උත්තේජනය කරයි. ඒ වුණත් මෙය මෙරට පවා ජනප්‍රිය වී ඇත්තේ වාජීකරණ ඔසුවක් ලෙසයි.