Naifmvlog

Naifm vlog Gossip and News

උපදෙස් දීමට පෙර සිතීමට යමක්

කො-රනා වෛරසය වේගයෙන් පැතිරෙද්දී ආසාදනය වීමෙන් වැළකීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන නිතිපතා වෛi උපදෙස් ද ලැබෙයි. ඒ අතර තරමක විවාදාත්මක උපදෙසකි. ඒ නිරෝගි අයට මුඛ ආවරණ පැළඳීම අනවශ්‍යය ඒ යන්නය.වෛරසය ශරීර ගතවන්නේ කිවිසුම්වලින් පිටවෙන බිඳිති මගින් නම් කෙනෙකු ඉදිරියේදී කිසිදු චාරයක් නොමැතිව කිවිසුම් යවන, සෙම් සොටු කාරන ඉවත යවන පුද්ගලයන් සිටින රටක මේ උපදේශයන් පළක් වේද? අශීලාචාර නූගත් මිනිසුන් කොතරම් එපා කීවද දෙනෝදාහක් ඉදිරියේ කිවිසුම් යවනුයේ ඒ උපදෙස් නොතකමිනි. මෙකී පුද්ගලයන් සැබැවින්ම කො-රනා ආසාදිතයන්ද නැතිද යන්න අපි නොදනිමු.

එවන් අවස්ථාවලදී ආරාවුල් ඇතිකර ගැනීමට අකමැති සාමාන්‍ය මිනිසුන්ට ඇති එකම රැකවරණ මුඛ ආවරණය නොවේද?ඇඳිරි නීතිය ඉවත් කළ පසුව දෙනෝදාහක් දෙනා මගතොටේ වෙළෙඳපොළේදී හැසිරුණු ආකාරයද මුඛ ආවරණයක අවශ්‍යතාව මැනවින් ප්‍රදර්ශනය කළ අවස්ථාවකි. වෛiවරුන් උපදෙස් දෙන විටදී සලකා බලනු ඇත්තේ එක් පාර්ශ්වයක් බව සමහරක් විටෙක සිතේ. ඔවුහු උපදෙස් දුන්නද ඒවා නිසි ලෙස පිළිනොපදින ගණන් නොගන්නා විශාල පිරිසක් සිටින බව අමතක කරති. කිවිසුම් යවන විට ටිෂූ කඩදාසියක් පාවිච්චි කරන පිරිස් අල්පය. ඒ සඳහා පිරිසිදු ලේන්සුවක් භාවිත කිරීමට උපදෙස් නොදෙනුයේ ඇයිද යන ප්‍රශ්නයද පැන නගී.

ටිෂූ කඩදාසි භාවිතයෙන් පසුව ඉවතලෑමට සිදුවේ. ඉන්පසුව නියමිත ලෙස ඒවා බැහැර කරන්නට බොහෝ දෙනාට පුරුද්දක් නැත. වසංගතය හමුවේ රටේ වැඩිදෙනාගේ හැසිරීම යහපත් නැත. නොඑසේ නම් විදේශගතව සිට පැමිණි පිරිස්වලින් සමහරු සැඟවී සිටින්නටත්, රෝහල් ගතවෙද්දී විදේශගතව සිට පැමිණි බව හෝ එවැන්නෙකු ඇසුරු කළ බවට පවසන්නට මැලිවන්නේ නැත. මෙවන් වාතාවරණයක නිරෝගී අයකුට වුවත් ආරක්ෂාවීමට සිදුවන බව වෛi උපදෙස් දෙන විශේෂඥවරු සිහිකල්පනාවට ගැනීම වෛරසය පැතිරීම වළකා ගැනීමට හේතුවක් වේ.