Naifmvlog

Naifm vlog Gossip and News

පෙර භවයේ තොරතුරු කුඩා ළමයාට දැනෙන්නේද

පෙර ආත්මයේ තොරතුරු කුඩා ළමයාට දැනෙන්නේ ඇයි.පෙර භවයේදී මියගිය පුද්ගලයාට තමන්ගේ භෞතික ශරීරය අහිමිවන්නේ එහි ප්‍රානය නිරුද්ධවීමෙනි. එනම් ආශ්වාස ප්‍රාශ්වාස මගින් ලැබෙන වාතය හෘදය වස්‌තුවට ගලායන ක්‍රියාවලිය නතරවීමෙනි. එයට “අන්තිම හුස්‌ම හෙළීම” යනුවෙන් හඳුන්වනු ලැබේ. අන්තිම හුස්‌ම සමඟ ප්‍රානය නිරුද්ධ වුවද එම පුද්ගලයාගේ චෛතසික ක්‍රියාවලිය නතර නොවේ. යථාර්තවාදයට අනුව ශරීරයේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු මොළයේ මරණය සිදුවීමත් සමඟ චෛතසික ක්‍රියාදාමය හෙවත් සිතුවිලි සමුදායද නැවතේ. එහෙත් සිතුවිලි සමුදායට අලුතින් කිසිම කරුණක්‌ එකතුවීම නැවතුනද සිතුවිලි මාලාව ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව විදහා දක්‌වන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ,බැaර deaඑය eංචැරසැබජැs, හෙවත් මැරෙන්නට ගොස්‌ යළිත් වෛද්‍ය විද්‍යාව මගින් පනගන්වනු ලැබූ පුද්ගලයන්ගෙන් සනාථ වී ඇත.යථාර්තවාදීන් ප්‍රකාශ කරන පරිදි ශාරීරික ක්‍රියාවලිය ක්‍රියා විරහිතව විට අලුතින් පංචඉන්ද්‍රියන් මගින් කිසිදු හැඟීම් බිහිකළ නොහැකි බව සත්‍යයකි. එහෙත් එතෙක්‌ ක්‍රියාත්මකවූ මිනිස්‌ මනස අලුතින් පංච ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සංඥවලින් තොරව දිගින් දිගටම ක්‍රියාත්මක වේ. එකී සිතුවිලි වලට ශාරීරිකව ක්‍රියාත්මක වීමේ බලයක්‌ ඇත. ඒ නිසා මියගිය පුද්ගලයා තමා අවට සිටින පුද්ගලයන් සමඟ කතාකරන මුත් ඔවුන්ට එය ඇසෙන්නේ නැත. මියගිය පුද්ගලයගේ මිනිය අසල පාවීගොස්‌ සිටියද ජීවත්වන අයට ඔහු හෝ ඇය පෙනෙන්නේ නැත. එහෙත් පන ඇති පුද්ගලයන් කරන කතාබහ හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් මියගිය පුද්ගලයාට පෙනෙන්නේය. ඔහු අසරණව කිසිවක්‌ තේරුම්ගත නොහැකිව පාවී සිටියි.මෙසේ එයින් පසු දින 7 ක්‌ හෝ සති කිහිපයක්‌ හෝ මාස කිහිපයක්‌ මියගිය පුද්ගලයන්ගේ සිතිවිලි සමුදාය එයින් දිගටම ක්‍රියාත්මක වේ. ඒතාක්‌ එම ඇසීම් සහ පෙනීමේ ශාරීරික නොවන ශක්‌තියක්‌ තිබේ.

මෙම ශක්‌තිය ජීවත්වන පුද්ගලයන්ටද වර්ධනය කර ගත හැක. මාර්ග ඵල ලාභීන්ට “දිබ්බ සෝත” හා “දිබ්බ චක්‌ඡු” හෙවත් දිව්‍ය ඇසීම සහ දිව්‍ය පෙනීම ලැබෙන බව ඕනෑම බෞද්ධ ධර්මය හැදැරූ කෙනෙකු දන්නා කරුණකි. මෙකී ඇසින් නොවන පෙනීම සහ කනින් නොවන දැකීම මාර්ග ඵල ලාභීන්ට ජීවත්වන විට ලැබෙන නමුත්, මරණින් මතු එම ශක්‌තිය මියගිය පුද්ගලයාගේ සිතුවිලි සමුදාය තුළ දිගින් දිගටම ක්‍රියාත්මක වේ. ඊට හේතුව වනුයේ මෙම ශක්‌තිය පංච ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන අරමුණු නිසා ගිහියකුට හෝ පැවිද්දකුට ජීවත්ව සිටියදී නොලැබෙන නමුත්, භාවනායෝගීව පංච ඉන්ද්‍රියන් දමනය කරගත් පුද්ගලයාට එම ශක්‌තිය ජීවිත කාලය තුළදීම ලබාගත හැකිවීමය. එහෙත් මරණින් පසු පංච ඉන්ද්‍රියන් ක්‍රියා විරහිතවීම නිසා, ඇසින් නොබලන පෙනීම සහ කනින් නොඇසෙන ශබ්දය දිගින් දිගටම ක්‍රියාකාරීවීම සඳහා ශාරීරික ඉන්ද්‍රියන් අවශ්‍ය නොවනබව තර්කාන=කූලව පෙන්වා දිය හැකිය.ද්‍රව්‍යමය ලෝකයේ තවදුරටත් ක්‍රියාත්මක වීම මියගිය පුද්ගලයාගේ සිතුවිලි සමුදායට නොහැකි වීම නිසා නිරායාසයෙන්ම ද්‍රව්‍යමය ලෝකයේ යළිත් ක්‍රියාත්මක වීමට ඔහුට හෝ ඇයට ඇති බලවත් ආශාව හටගන්නේය. යළිත් ඉපදීම සඳහා මවක සොයා යනුයේ මෙකී සිතුවිලි සමුදායයි. යළි මිනිස්‌ ලොව ඉපදීමට සුදුසු ගර්භාසයක්‌ සඳහා තෙක්‌ සැරිසරන සිතුවිලි සමුදාය එය හමුවූ විලස කළලයක්‌ බවට පත්වේ. එසේ වීමට නොහැකිවූ විට දිගින් දිගටම අසරණව සිතුවිලි සමුදායක්‌ ලෙසින්ම ඉතිරිව සිටින විට “ප්‍රේත ආත්මයක්‌” යෑයි සමහර විට පෙනේ. නැතිනම් යළිත් කළලයක්‌ වීමට නොහැකිව ජීවත්ව සිටින දුර්වල මනසක්‌ ඇති පුද්ගලයකුගේ සිතුවිලි රටාවට රිංගා ගනී.එවිට “පෙරේතයෙක්‌ වැහිලා” යනුවෙන් අනෙකුත් ජීවත්වන පුද්ගලයන්ට පෙනීයයි. ඔවුන් එළවා දැමීමට මන්ත්‍ර යන්ත්‍රය උපයෝගී කරගනු ලැබේ. මන්ත්‍ර ශාස්‌ත්‍රයේදී කරනු ලබන්නේ මන්ත්‍ර ජප කරන්නාගේ චිත්ත ශක්‌තිය, මතුරනු ලබන වචන තුළින් ශාරීරික නොවන චෛතසික බලවේගයක්‌ බවට පත්කර ඉපදීමට තැනක්‌ නැතිව සැරිසරණ පුද්ගලයාගේ සිතුවිලි සමුදාය පලවා හැරීමය. සමහර විටක එම සිතුවිලි සමුදාය.

කුප්පියක්‌ තුළට රිංගවා, කුප්පියේ පියන වසා මුහුදට හෝ ගලායන ජලයකට දමනු ලැබේ. මියගිය පුද්ගලයාගේ සිතුවිලි සමුදාය දිගින් දිගටම එහි සිරවී සිටිය යුතු නිසා, එසේ කිරීම පාප කර්මයක්‌ ලෙස හඳුන්වනු ලැබේ.කෙසේ හෝ මියගිය පුද්ගලයාගේ සිතුවිලි සමුදායට යළි ඉපදීමට ගර්භාෂයක්‌ හමුවී පුරුෂ ස්‌ත්‍රි සංයෝගයේ මිනිස්‌ ජීවිතයක්‌ බවට පත්වූ විට ජන්මියා ඉතා සතුටට පත්වේ. එතෙක්‌ කළලය වැඩෙනුයේ කලින් මියගොස්‌ යළිත් ඉපදීමට තැනක්‌ සොයමින් ගමන් කළ පුද්ගලයාගේ සිතුවිලි මාලාවේ ඇති කුසල අකුසල කර්ම අනුවය. ජීවත්ව සිටින කාලයේදී එකී පුද්ගලයා කළ අකුසල කර්ම හෙවත් මරණින් පසු ඔහුගේ හෝ ඇයගේ සිතුවිලි වල තිබෙන නිසා කළලයට ඇති වැඩීමේ ශක්‌තියට ඉන් බාධා පැමිණේ. එසේම කුසල කර්මයන් තිබේ නම් කළලය ඉතා හොඳින් වැඩී උපත ලබන්නීය.උපතින් පසු ජන්මියාගේ මනස වර්ධනය වී වයස අවුරුදු 4 ක පමණ වෙත්ම ඔහුගේ හෝ ඇයගේ පෙර ජන්මයේ සිදුවීම් මුලින්ම සිතට එන්නට පටන් ගනී.පෙර ආත්මයේ තොරතුරු කියන්නට පටන් ගන්නේ මේ වයසේදීය. යම් හෙයකින් ඔහුගේ හෝ ඇයගේ පෙර භවයේ මතක ශක්‌තීන් නව ජීවිතයට වඩා ප්‍රබල නම් පමණක්‌ මෙම සිතුවිලි ගලාඑන අතර, එකී අතීත මතක එතෙක්‌ දුබල නම් ඒවා අමතක වී යයි.දැන් විසඳීමට ඇති ප්‍රශ්නය මෙකී මතක සටහන් වැඩිවියට පත්වෙන්නට පෙර එනම් වයස අවුරුදු 8 දී පමණ අමතක වී යන්නේ ඇයි යන්නය. ඇත්තෙන්ම නව ජීවිතයේදී ඒවා අමතක වන්නේ නැත, නව ජීවිතයේදී පංච ඉන්ද්‍රියන් මගින් ලැබෙන අරමුණු නිසා නවමතයක්‌ නිර්මාණය වීගෙන යන නිසා, පැරණි මතකය උපවිඥනයට තල්ලු කරනු ලැබීමක්‌ සිදුවේ. එවිට දරුවා පෙර භවයේ දැක්‌වූ දක්‍ෂතා උපවිඥනිතව දක්‌වන්නට පටන්ගනී. සමහර දරුවෝ කුඩා කලදීම ගායනයට දක්‍ෂවෙති. වාදනයට දක්‍ෂවෙති. කෙළි සෙල්ලමට දක්‍ෂවෙති. ඉගෙනීමට දක්‍ෂවෙති. මේ සියල්ල පෙර භවයේ මතක උපවිඥනයේ තැන්පත් වීම නිසා දක්‌වන ක්‍රියාකාරකම්යි.කලක්‌ ගතවෙත්ම ඔහුගේ හෝ ඇයගේ හැසිරීම රටාව උපවිඥනිකව පරිනේය වන්නට පටන් ගනී. එවිට ඔහුට හෝ ඇයට අතීතය මතක නැතත් හැසිරීම් රටාව මගින් එකී බලපෑම ප්‍රදර්ශනය වන්නට පටන් ගනී. ඔහු හෝ ඇය උපතේදී ලබාගත් ජානයේ ශාරීරික ශක්‌තිය මත එකී හැසිරීම් රටාව ප්‍රබල ලෙස ක්‍රියාත්මක වේ.මේ නිසා බලන කල වැඩිහිටියන්ගේ හැසිරීම් රටාව අතීතයේ පෙර භවයේ මතක සටහන් උපවිඥනිකව ක්‍රියාත්මක වීම නිසා හටගන්නා ඒවාය. දරුවාට කුඩා කාලයේදීම ආගමික අධ්‍යාපනයක්‌ ලබාදීමෙන් උත්සහ කරනුයේ පෙර භවයේ නරක ගතිගුණ ක්‍රමක්‌ක්‍රමයෙන් ඉවත් කිරීමය. මෙම ලිපියේ අඩංගු කරුණු නොපිළිගන්නා පාඨකයන් වෙත ධම්මපදයේ බාලවග්ගයේ 4 වැනි ගාථාව කියවන ලෙස ඉල්ලා සිටිමි. “තමා පණ්‌ඩිතයකැයි සිතන මෝඩයා ඒකාන්තයෙන්ම මෝඩයෙකි”, එහි සඳහන්වේ.