Naifmvlog

Naifm vlog Gossip and News

රස කර කර විස කනවද විස කාලා විඳවනවද

වර්තමානයේ අප බොහෝ දෙනා ආහාරපාන ගනු ලබන්නේ කඩේ මුදලාලිගේ උපදෙස්‌වලට සහ විවිධ ප්‍රචාරක දැන්වීම්වලට අනුවය. ගන්න නෝනා මේ බීම වර්ගය හොඳයි. අලුත්ම ජාතියක්‌. මිලත් අඩුයි. මුදලාලිගේ උපදෙස්‌ අනුව බොහෝ කාන්තාවෝ කිසිදු ගුණයක්‌ නැති ආහාර පාන මල්ලක්‌ ගෙදරට රැගෙන එති.තාත්තේ… අපට අර කෑම ජාතිය අරගෙන දෙන්නකො. ඒව කෑවහම ඇඟ ශක්‌තිමත් වෙනවලු. මොළේ වර්ධනය වෙනවලු. හොඳට ක්‍රීඩා කරන්නත් පුළුවන්ලු. දරුවන්ගේ ඉල්ලීම අහක දැමීමට නොහැකිව තාත්තා පඩිපත සතයටම වැයකර දරුවන් ඉල්ලන කෑම බීම ගෙනවිත් දෙති.මෙලෙස කඩේ මුදලාලිටත් ප්‍රචාරක දැන්වීම්වලටත් හසුවන බොහෝ දෙමාපියන් ඉන්පසු තම දරුවන් රැගෙන යන්නේ රෝහල් හෝ දොස්‌තරවරුන් වෙතය.අනේ ඩොක්‌ටර්… පුතා දැන් ටික දවසක ඉඳන් බඩ රිදෙනවා කියලා කියනවා. ඇඟත් මහතයි. පොතක්‌ පාඩම් කරන කොට නිදිමත හැදෙනවා තියනවා. ඇඟට පණක්‌ නැහැලු.වෛද්‍යවරයා දරුවා පරීක්‍ෂා කර බලා දෙමාපියන්ගෙන් විමසන පොදු ප්‍රශ්නයක්‌ ඇත.”මොනවද ළමයින්ට කන්න දෙන්නේ.” යනුයි.එවිට දෙමාපියෝ ඊට පිළිතුරු ලෙස සුපිරි කෑම වට්‌ටෝරු ගැන කියති.ඇයි ළමයින්ට ධාන්‍ය වර්ග මුකුත් දෙන්නේ නැතිද? එතකොට පලතුරු වගේ දේවල් වෛද්‍යවරු අසති.වෛද්‍යවරයාගේ එම පැනය හමුවේ දෙමාපියන්ගෙන් ලැබෙනුයේ තවත් සුපිරි පිළිතුරකි. අපෝ… ඩොක්‌ටර් ඒවා අපේ ළමයි කන්නේ නැහැ.

ඒවා ගොඩේ කෑමනෙ…. බොහෝ දෙමාපියෝ මෙම පිළිතුරු දෙන්නේ තම සමාජ තත්ත්වය පිළිබඳ ආඩම්බරයකින් ද විය හැක. එහෙත් ඔවුන්ට තමන් හැදුණු වැඩුණු ගම අමතකය. එදා ඔවුන් ආහාරයට ගත් අල බතල, මුංඇට, කඩල, කොළ කැඳ අද ඔවුන්ට මතක නැත. එසේ තම දෙමාපියන් පුංචි කාලයේ තමන්ට ලබාදුන් පෝෂ්‍යදායී ආහාර නිසා වයස අවුරුදු 25 – 35 පමණ වනතුරු දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් වැනි බෝ නොවන රෝග ඇති නොවූ බව ඔවුන් සිහිපත් කරන්නේ නැත. තම දරුවන් මෙන් එදා තමුන් බෝල ගෙඩි ලෙස තරබාර නොවූ බව ද අමතක කරති.දෙමාපියන්ගේ මෙම වරද නිසා වර්තමානයේ බොහෝ දරුවෝ අවුරුදු 10 – 12 සිටම රෝගීහු බවට පත්ව සිටිති. බඩවැල්වල මතුවන ආහාර ජීර්ණ අපහසුතා රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යැම, හෝමෝන අසමතුලිතතාවය, ප්‍රොaටීන් විටමින් වර්ග ඌනතාවය, මුත්‍රා ආසාදන මෙලෙස වර්තමානයේ ළමා පරපුර අතර බහුලව දක්‌නට ලැබෙන රෝගාබාධ ලෙස හැඳින්විය හැකිය. මෙම රෝග සියල්ලටම ප්‍රධාන හේතුව කෘත්‍රිම ආහාරපාන බහුලව භාවිත කිරීමයි.කෘත්‍රිම ආහාරවල අහිතකර බවවර්තමාන වෙළෙඳපොළේ දක්‌නට ඇති කෘත්‍රිම ආහාරපාන විශාල ප්‍රමාණයක්‌ නිසි ප්‍රමිතියෙන් තොරය. එනිසා ඒවායේ ඇති පෝෂණ ගුණය අඩුය. එසේම එම ආහාරපාන කල් තබා ගැනීම සඳහා භාවිත කරන කෘත්‍රිම රසායන ද්‍රව්‍යවල ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇත.කෘත්‍රිම ලෙස සකස්‌ කළ මස්‌ වර්ග සහිත ආහාරපාන නිතර භාවිතය නිසා බඩවැල් පිළිකා ඇතිවන බව වෛද්‍ය පර්යේෂණ අනුව හෙළිවී ඇත. එසේම එම ආහාරවල ඇති තන්තුමය බව අඩු නිසා ආහාර ජීර්ණ ගැටලු හටගනී.

එනම් බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ. නිසි ලෙස ආහාර ජීර්ණය නොවීම නිසා දරුවන්ට නිසි පෝෂණය සිරුරට නොලැබේ.කාබනික ජලය මිශ්‍ර බීම වර්ග වසර දහයකට වැඩි කාලයක්‌ නිතර නිතර පානය කරන දරුවන්ගේ අස්‌ථිවල ශක්‌තිමත් බව අඩුවන බව හෙළිවී තිබේ. එසේම එවැනි කෘත්‍රිම බීම වර්ග පානය නිසා වකුගඩු ආබාධ ඉතා පහසුවෙන් ඇතිවිය හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවීමයි.කෘත්‍රිම ආහාර ගනු ලබන දරුවාදිනපතා කෘත්‍රිම ආහාර ගනු ලබන දරුවන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. ඔවුන් බොහෝ දෙනෙක්‌ අධික තර බාරුය. තව පිsරිසක්‌ ඉතා කෙට්‌ටුය. එනම් නිසි ශරීර බර ප්‍රමාණය නොමැත. රත්තහීනතාවයෙන් පෙළේ. ඇස්‌පෙනීමේ දුර්වලතා පවතී. සම වියළි ස්‌වභාවයකින් යුක්‌තය. හිසකෙස්‌ අකලට පැසීම අසාමාන්‍ය ලෙස හිසකෙස්‌ ගැලවී යැම දැකිය හැක. දැඩි අලස බවක්‌ දක්‌වයි. නිතර නිතර ආහාරපාන ගැනීමේ අවශ්‍යතා මතුවේ.විශේෂයෙන්ම ගැහැනු දරුවන් කුඩා කල සිට කෘත්‍රිම ආහාරපාන අධිකව ගැනීම නිසා අඩු වයසින් වැඩිවියට පත්වේ. මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වේ. මාසික ඔසප්වීමේදී අධික වේදනාවක්‌ මතුවේ. එහි ප්‍රතිඵලය වන්නේ අනාගතයේදී දරුවන් ලැබීමේ හැකියාව අඩුවීමය.පෝෂ්‍යදායී ආහාරඅප බොහෝදෙනා පෝෂ්‍යදායී ආහාර ලෙස සලකන්නේ මිලෙන් වැඩි ආහාර පාන ය. නමුත් ධාන්‍ය වර්ගවල, කුඩා මාළු වර්ග, පලාවර්ග, එළවළු වැනි ආහාරවල ඇති පෝෂණය ඉහළය. දරුවන්ගේ ආහාරපාන සකස්‌ කිරීමේදී පොල්තෙල් ස්‌වල්පයක්‌ එක්‌කිරීම හෝ ගිතෙල් භාවිත කිරීම තුළින් සිරුරට අවශ්‍ය මේද ප්‍රමාණය ලබාගත හැකිය.

ධාන්‍ය වර්ගවල ඇති කෙඳි සහිත බව නිසා ආහාර ජීර්ණය ඉතා හොඳින් සිදුවේ.කුඩා මාළු වර්ගවල ඇති කැල්සියම් සහ ප්‍රොaටීන් ගුණය ඉහළය.පලාවර්ග නිතර ආහාරයට එක්‌කිරීමෙන් සිරුරට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ ඉතා පහසුවෙන් ලබාගත හැකිය.පෝෂ්‍යදායී ආහාර ගනු ලබන දරුවන්වයස අවුරුදු 18 පමණවනතුරු දරුවන්ගේ අස්‌ථි වර්ධනය වේ. එම වයසේදී නිසි පෝෂණය ලබන දරුවා නිසි කලට නිසි උස මහත බව ලබයි. සම පැහැපත්ය. දීප්aතිමත් ඇස්‌ දෙකක්‌ පවතී. හිස කෙස්‌ දීප්තිමත් කළු පැහැයෙන් යුක්‌තය. අකලට හිස කෙස්‌ සුදුවීම, ගැලවී යැම සිදු නොවේ.නිසි පෝෂණය ලබන දරුවා ක්‍රියාශීලීය. මතක ශක්‌තිය ඉහළය. නිතර නිතර කුසගින්න මතු නොවේ. වෛරස්‌, බැක්‌ටීරියා වැනි බෝවන රෝගවලට නිතර ගොදුරු නොවේ. බෝවන රෝග වැළඳුන ද දරා ගැනීමේ ශක්‌තිය ඉහළය. එම රෝග කල්ගත නොවී ඉතා ඉක්‌මනින් සුවවේ. අඩු වයසින් අක්‌ෂි ආබාධ ඇති නොවේ.පෝෂ්‍යදායී ආහාර වේලක්‌උදේ ආහාරය – බත් හෝ ධාන්‍ය වර්ගයක්‌ සමඟ කොළ කැඳ පානයක්‌.දවල් ආහාරය – පිෂ්ටය සහිත (බත් හෝ ඒ ආශ්‍රිත හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදනයක්‌) ප්‍රධාන ආහාරයට එළවළු, පලා මැල්ලුමක්‌, මාළු හෝ මස්‌ හෝ සෝයා ආශ්‍රිත ව්‍යංජනයක්‌, පරිප්පු වැනි ධාන්‍ය වර්ගයක්‌.රාත්‍රී ආහාර – සුප් පානයක්‌ සමඟ සැහැල්ලු ආහාරයක්‌.අතුරුපසබොහෝදෙනා ආහාරයෙන් පසු ගනු ලබන අතුරුපසට සීනී මිශ්‍ර පැණි රස ආහාර වර්ග ගැනීමට පෙළඹෙති. නමුත් ගස්‌ලබු, කෙසෙල්, ජම්බු, වෙරළු, අඹ වැනි පලතුරක්‌ ආහාරයට ගත හැකිය.චොක්‌ලට්‌, පුඩින්, අයිස්‌ක්‍රීම්, ජෙලි වැනි අතුරුපස දිනපතා ආහාරයට එක්‌කරගත යුතු නැත. එසේම එම අතුරුපස විශාල ප්‍රමාණයක්‌ ආහාරයට ගැනීම ද සුදුසු නැත.ක්‍ෂණික ආහාර වර්ග ගැනීමේදීපාන්, බනිස්‌, කෙටි ආහාර වර්ග ආදිය ගැනීමේදී ඒවා නිතර නිතර භාවිතය සහ දවසේ වේල් තුන සඳහාම ගැනීම නොකළ යුතුය.පාන්, රොටි, තෝසේ, ඉඳිආප්ප, ආප්ප වැනි පිටි සහිත ආහාරයක්‌ ගන්නා විට පොල් සම්බෝල, පරිප්පු, මාළු, මස්‌ වැනි ව්‍යංජනයක්‌ද එක්‌කර ගත යුතුය.වැරැදි ආහාර පුරුදුආහාර ගැනීමෙන් පසු පැයක්‌ පමණ යැමට පෙර කෝපි, තේ, වැනි පාන වර්ග ගැනීමට හුරු නොවිය යුතුය. එමෙ පාන වර්ග වල ඇති කැෙµaන් නමැති රසායන ද්‍රව්‍යය ආහාරවල ඇති යකඩ සිරුරට උරා ගැනීමට බාධා පමුණුවයි. පොල්පලා යනු ඖෂධයකි. එබැවින් එය නිතර පානයක්‌ ලෙස නොගත යුතුය. ඉන් වකුගඩු ආබාධ ඇතිවේ.වෛද්‍ය උපදෙස්‌මත සැකසිණි.