Naifmvlog

Naifm vlog Gossip and News

චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?මේ දවස් ටිකේ නම් ගෙදරට වෙලානේ ඉන්නෙ අපි හැමෝම. රූගත කිරීම් සියල්ල නැවතිලා තියෙන්නෙ. මේ කොරොනා වසංගත තත්ත්වය නිසා හැම වැඩක්ම නවතිලානේ. ‘රාවණ – 2’ රූගත කිරීම් තමයි මේ දවස්වල යෙදිලා තිබුණේ.’රාවණ – 2’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?රාවණ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර හොඳයි. මම එහි රංගනයෙන් දායක වෙන්නෙ ‘ජලී’ කියන චරිතයට. මම රංගනයෙන් දායක වුණු කොටස්වලින් එක කොටසයි තවම විකාශය වුණේ. නමුත් එයටත් ලැබෙන ප්‍රතිචාර හොඳයි. ‘රාවණ – 2′ ෂූට් තියෙන්නෙ රිවස්ටන්වල.’ජලී’ ගැන කතා කරමු?මම කැමතිම විදිහේ චරිතයක් තමයි මට ලැබුණේ. සටන් ජවනිකා තිබෙන චරිතයකට මම ආසාවෙන් හිටියෙ. මට මුලින්ම ලැබෙන්න තිබුණේ වෙන චරිතයක්. නමුත් රාවණහි අධ්‍යක්ෂවරයා මාව හරියටම ෆලෝ කරලා මට මේ චරිතය ලබා දුන්නා.

මම හිතනවා මම උපරිම සාධාරණයක් මේ චරිතයට ඉටු කරයි කියලා.ඊට අමතරව දායක වුණු වැඩකටයුතු මොනවාද?තවත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. එකක් ‘ඉලංදාරියා’ කියලා. ඒක මේ මාසයේදි විකාශය වෙන්න නියමිතව තිබුණා. නමුත් දැන් ඒක කල් ගිහිල්ලා. ඒක අප්‍රේල් මාසෙදි විතර විකාශය වෙයි කියල හිතනවා. අනිත් එක ‘ධවල හෝරාව’ නාට්‍යය. එය ස්වර්ණවාහිනියේ විකාශය වෙයි ඉදිරියේදි. ඊට අමතරව චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.නිරූපණය අත් හැරලාද දැන්?නැහැ. නමුත් රූගත කිරීම් නිසා නිරූපණයට සම්බන්ධ වෙන්න වෙලාවක් වෙන් කරගන්න අමාරුයි. ඒ නිසා බොහෝවිට සම්බන්ධ වෙන්නේ ෆොටෝ ෂූට්වලට තමයි. නිරූපණය අත් හරින්නෙ නෑ කොහොමත්.මේ ලැබුණු කෙටි නිවාඩුවත් සමග දවස ගෙවෙන්නෙ කොහොමද?එක් පැත්තකින් හරිම කම්මැලියි. මොකද මම වැඩක් නැතිම වුණොත් ජිම් එකට හරි යනවා. මම කොච්චර බිසී වුණත් ජිම් එකට යනවාමයි. නමුත් මේ තත්ත්වය නිසා ඒකත් කරන්න බැහැ. ඒ වුණාට මේ හැමදේම කරන්නේ අපේ ආරක්ෂාවට, අපේ හොඳටනේ. මේ වෙලාවෙ ගෙදරට වෙලා ඉන්න එක ජනතාව විදිහට අපේ වගකීමක්. නීති කඩ කරලා අපේ වුවමනාවට වැඩ කරලා අපි අසනීප වුණොත් අපිටමයි දුක් විඳින්න වෙන්නේ.

ඔබ Zumba ට්‍රේනර් කෙනෙක් නේද?ඔව්. නමුත් මගේ රූගත කිරීම් නිසා මගේ ක්ලාස් එක නම් මට නවත්වන්න සිදුවුණා. මම සතියට දින තුනක් ක්ලාස් එක පැවැත්වූවා. ඒත් රංගන කටයුතු නිසා දැන් එය සිදු කරන්නෙ නැහැ. නමුත් පර්සනල් ට්‍රේනින් කරනවා. ඒක මගේ ගනුදෙනුකරුවන් සමග කතා කරගෙන කාලය හදාගෙන කරගෙන යනවා.ඉදිරි වැඩකටයුතු ගැන කියමු?ෆිල්ම් එකේ වැඩ තමයි ඉදිරියේදි කරන්න තියෙන්නේ. ෆිල්ම් එක ගැන මම ඉස්සරහට කියන්නම්. ඊට අමතරව දැන් සම්බන්ධ වෙලා තියෙන ටෙලි නාට්‍ය තුනේ රූගත කිරීම්වල නිරත වෙන්න තියෙනවා.මම වෙනස් චරිත කරන්න කැමතියි. පෙම්වතියට වඩා වෙනස් වෙනස්, ලොකු කැපකිරීම් කරන්න පුළුවන් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආසයි. මට ලැබුණු චරිතත් එකිනෙකට වෙනස්. ඉදිරියේදීත් ලැබෙන නිර්මාණ වලට වෙනස් චරිත කරන්න බලාපොරොත්තු වෙනවා.මේ වෙලාවේ ඔබේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නෙ මොකද්ද?ඇත්තටම මේ වෙලාවේ ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක මණ්ඩලය දාලා තියෙන නියෝග අපි කඩ නොකර ඉමු. මේ වෙලාවේ අපිට හැමදේටම වඩා වටින්නේ අපේ ජීවිතයයි. අපි එලියට ගිහිල්ලා ලෙඩේ බෝ කරගෙන ආවොත් ඒක හැදෙන්නේ අපිටම විතරක් නෙවෙයි. අපේ පවුලටම හැදෙනවා. ඉතිං මම හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා රටේ මේ වෙලාවේ පවතින නීතිවකට පිටින් යන්නේ නැතිව ඉමු කියලා.