Naifmvlog

Naifm vlog Gossip and News

ඔබ රජ කරවන ගජ කේෂර යෝගය

මකරය, කුජ ග්‍රහයාගේ උච්ච ක්ෂේත්‍ර රාශියයි. මෙහිදී මේෂය, වෘශ්චික, ස්වක්ෂේත්‍ර රාශි දෙක වශයෙන් සඳහන් කළ හැකිය. ජන්මලාභියෙකුගේ කේන්ද්‍රයේ ශුභ ස්ථාන ගතව කුජ ග්‍රහයා බලවත්ව, තේජවන්තව සිටි විට අනිවාර්යයෙන්ම සුබ ඵල ගෙට ගෙනැවිත් දෙයි. හත, හය, එකොළහ කේන්ද්‍රයක සසඳා බලන විට කුජ ග්‍රහයාට සුබ ස්ථානය එය බව හැඟී යයි. තවදුරටත් කේන්ද්‍රව විග්‍රහාත්මකව විමර්ශනයට ලක්කිරීමේදී පහ, නවය, දහය යන ස්ථානවලද ශුභ ඵල උදාකර දෙන බව පෙනීයයි. මේ අනුව විමසිලිමත්ව සලකා බලා පරිපූර්ණ විග්‍රහයක නිරත වීමේදී ඡන්මියා මොළොව එළිය දුටු ලග්නයේ තුන, හය, එකොළහ යන ස්ථානයක් නැකම් කීමෙහි තේජවන්ත, බලවත් වැජඹීම තුළින් ගජ කේෂරී යෝගය උදා කෙරෙන බව ජ්‍යොතිෂයෙන් සනිටුහන් කර ඔප්පු කළහැකිය.ගජ කේෂරී යෝගය ගැන ගැඹුරට සිතා විග්‍රහයක් කර බැලීමේදී මෙය ඉතා සුබ ඵල දෙන ග්‍රහයෝගයක් බව සනාථ කර ඇත. මෙම සුබ ග්‍රහයෝගයන්ගේ ඇල්ම බැල්ම ආග්‍රහණය වන්නේ ජන්මීන්ට පමණක් නොව වෘක්ෂලතා ඒ වගේම සත්ව සංහතියට ද එකසේම බලපාන බව සඳහන් කළහැකිය. ඔබ පොකුරු යෝග උදාකරන බව අසා ඇතිවාට සැකයක් නැත.

මේවා බොහෝ දුරට බලපාන්නේ ස්වභාව ධර්මයේ දායාදයක් වන ඵලවලටයි, පළතුරු වර්ග, අල වර්ග සිටුවීමට ඔබ අදහස් කරන්නේ නම් ඉන් විපුල ඵල ප්‍රයෝජන ලැබීමට ඉහත කී පොකුරැ යෝග ඉවහල් කර ගත යුතුය. වෘක්ෂලතාදිය පමණක් නොව, රඹකැන්, කෑමට ගන්නා පොල් වැනි දේ සුබ ග්‍රහයෝග පෙර නිමිති උදාවන කල පොළොවට පතිත කිරීමෙන් පසු ඒවා හැදී වැඩී එනවිට ඵල හටගන්නා විට උපරිම ඵලදාවක් මෙන්ම සාකල්‍ය වශයෙන්ම හිතට සතුට ගෙන දෙන විදියේ අස්වනු නෙළා ගැනීමට ඔබ උත්සුක කෙරේ. තම ගෘහස්ථයේ සතුන් ඇති කිරීම කරන්නේ නම් ඒවාද සුබ මොහොතින් ඇරඹීම උන්ගෙන් ලබාගන්නා ඵල ප්‍රයෝජන උපරිමයෙන් උකහා ගන්නට මාර්ගයක් බව කිව යුතුය. කොයිම කාර්යයක් වුවද නැකතට පටන් ගැනීම ඉතාමත් සුලභ අත්දැකීමකි.ගජ කේෂරී යෝගයෙන් උත්පත්තිය දායාද කොට ගත් අය සැප සම්පතින් ආධ්‍යගණයේ පුද්ගලයෝ වෙති. ඓශ්චර්යයෙන් මෙන්ම ගරැ ගාම්භීර අතින් ද ස්ථානයක වැජඹෙති. මොවුන්ට ලැබෙන නොයෙක් අන්දමේ වස්තු අතරට රත්තරන්, රිදී, මිණි මුතු, තඹ වැනි දේද එක්වන්නේ කුණු තියෙන තැනට සියලුම කුණු එකතු වන්නාසේය. සැමියෙක් ලබන සම්භාවනීය, සෞභාග්‍ය වස්තු රාශියකට හිමිකම් කියන මොවුන් ඉතාමත් ආකර්ෂණීය ලෙස සුඛෝපභොගී ජීවිත ගත කරති.

කොටින්ම කියනවා නම් ගජ කේෂර යෝගයෙන් උපත ලැබුවෝ සකල විධ දේවලට අධිපති වන අතර ලැබීමට රැසියෝය. ශූරයෝය. නැති බැරිකම අඟ හිඟකම මොවුන් හීනෙන් වත් දැකනැති අතර හඳුන්වන්නේද නැත. දුක නොතේරේ. ලොවට නෙත් යොමුකර විමර්ශනය කර බලන විට පෙනී යන කරැණක් නම් මැණික්, මිනිරන්, සකලවිධ ලෝභයන්ගෙන් සැදුම්ලත් මහා පරිමාණයේ පතල්කරැවෝ ධන සම්පත්වලින් මිරිකී අහස උසට මාළිගාවල් මෙන්ම ධන සම්පත්ද, යෝධයන්ගෙන් ගජ කේෂරී යෝගයේ ආනුභාව සම්පන්ත ඓශ්චර්ය බලය සාකල්‍ය ලෙසට ලබා උපන්නෝ වෙති.මෙවන් යෝගයකට ප්‍රමාණය යම් හෙයක් දරන්නේ කුජ නොහොත් අඟහරු ග්‍රහයාය, පොළොවෙන් ලබන මිල මුදල් වස්තුවලට අධිපතියා කුජ ග්‍රහයාය. අඟහරැගෙන් මෙළොව බබලන ධන කුවේරයෝ එඩිතර බවින්, කාර්යශූර බවින් හා දැඩ ආනන්දනීය උත්සාහයෙන් පරිපූර්ණය. ඔවුන්ට එඩිතර, කාර්යශූර, අකලංක උත්සාහය නිදන් කර ඇත්තේ කුජ හෙවත් අඟහරැ ග්‍රහයා වේ. මේ ගජ කේෂර යෝගයේ අප්‍රතිහත ධෛර්යයේ ස්වභාවයයි.තවදුරටත් ගජ කේෂර යෝගය පිළිබඳ සොයා බැලීමේදී අපට පෙනී යන තවත් උදාහරණ දැක්විය හැකිය. එකොළොස් වන ස්ථානය මේෂ රාශියක් නම් ජන්මියා උත්පත්තිය ලද්දේ මිථුන ලග්නයෙනි. මෙම මේෂ රාශියේම එකොළොස් වැන්නේ කුජ ස්වක්ෂේත්‍රව යෙදෙන විට ගජ කේෂර යෝගය ජන්මියාට දායාද කොට දෙයි. කුජ ග්‍රහයා උපරිම බලවත්ව මේෂ රාශියේ තුන්වැන්නේ කුම්භ ලග්නයේ යෙදීම ද කේෂර යෝගයයි.