Naifmvlog

Naifm vlog Gossip and News

ජර්මනියෙන් හදපු පියාඹන රෝහල

පහුගිය සති කිහිපය මුළුල්ලේම අපට දැක ගන්නට ලැබුණේ විවිධ වාණිජ පියාසර යාත්‍රා co – 19 විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස උපකාර කරන අන්දමය. විවිධ සමාගම්වලට අයත් ගුවන් යානා මෙසේ ප්‍රවාහන කටයුතුවල යෙදී සිටින අයුරු දකින්නට පුළුවන. ඒ අතරින් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන්නේ ජර්මනියේ “පියාඹන රෝහල (The “Flying Hospital”) නමින් හැඳින්වෙන යාත්‍රාව වෙතයි. එය විශේෂයෙන්ම කොරෝනා ආසාදිතයන් ගෙන එනු පිණිස සැකසු A-310 ගුවන් බසය (Airbus) කි. ක-රෝනා වයිරසය වැලඳුණු රෝගීන් ඉතාලියේ හා ප්‍රංශයේ සිට ගෙන එනු පිණිස මේ දැඩි සත්කාර පහසුකම් සහිත ගුවන් යානය සූදානම් කර තිබේ. ජර්මන් විදේශ අමාත්‍යවරයා මේ මෙහෙයුම පිළිබඳ දරන්නේ මෙබඳු අදහසකි. “මේ මොහොතේ හැටියට අපට රටවල් වශයෙන් වෙන වෙනම කල්පනා කරන්නට බැහැ. එනිසයි අපි අපේ ගුවන් හමුදාවට අයිති දැඩි සත්කාර ගුවන් යානාව යොදවා තියෙන්නේ දැඩි ලෙස රෝගී වී ඉන්නා පුද්ගලයන් ගුවන් මඟින් ජර්මනියට ගේන්නට මේ මොහොතේ යුරෝපය දැඩි එකමුතුවකින් කටයුතු කළ යුතු වෙනවා.

”මේ ගුවන් යානය ඇඳන් 44කින් සමන්විතය. දැඩි සත්කාර ඒකක දහසයකි. මේ හැම එකක්ම නවීන තාක්ෂණයෙන් අනූනය. නවතම වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණය, පරිගණක ගත පද්ධති, රෝග හඳුනා ගැනීමේ පද්ධති හා හුස්ම ගැනීමේ යන්ත්‍ර මෙන්ම ස්වයංක්‍රිය එන්නත් කරන ක්‍රියාවලි ආදියෙන් එය සමන්විතය. එහි ගුවන් කාර්ය මණ්ඩලයේ හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ එකතුව 25කි. ඔවුන් පවසන්නේ ශල්‍යකර්ම හැර, මෙම රෝහලකින් සිදුවන ඕනෑම කටයුත්තක් සඳහා මේ ගුවන් යානය තුළ පහසුකම් තිබෙන බවය. යානාව තුළ ඇති අනෙකුත් පහසුකම් අතර Patiente monitors, bronchoscopes, ulfrosound systems, patient worning systems හා defibrillators ද වෙයි. එහි වරකට රැගෙන යා හැකි රෝගීන් සංඛ්‍යාව 42කි. රෝහල් යානයක් ලෙස යොදා නොගැනෙන අවස්ථාවක එයට ටොන් තිහක බඩු භාණ්ඩද සාමාන්‍ය මගී ආසන 214ක් සවි කරන්නටද පිළිවන. මේ යානයේ අණදෙන්නා කර්නල් හෝර්ස්ට් ඇබ්රොබේට්ය. ඔහු පවසන්නේ ඔවුන් ඇමැතුමක් ලැබෙන කවර දෙසක හෝ පියාසර කරන්නට සූදානමින් ඉන්නා බවය. දැනටමත් මේ යානය මඟින් Bergamo සිට රෝගීන් හය දෙනකු ප්‍රවාහනය කර තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ අවශ්‍ය වුවහොත් තවත් යානා මේ ආකාරයෙන් රෝහල් බවට හරවන්නට ඔවුන් සූදානමින් පසුවන බවය.