Naifmvlog

Naifm vlog Gossip and News

මිනිස්සු වෙනුවෙන් ගීත ගැයූ අපේ රණවිරුවෝ

කොරෝනා වසංගතයත් එක්ක මුළු රටටම ඇඳිරි නීතිය පැනවිලා හැමෝම ගෙවල්වලට කොටු වෙද්දී, පවුල් පිටින් ගම් පිටින් නිරෝධායනය වෙන්න සිද්ධ වෙද්දී රටේ වැඩිම වගකීමක් පැවරුණේ හමුදාවට.හැමදාමත් වගේ රටේ මේ ව්‍යසනයේදීත් නෑ බෑ නොකියා තමන්ගේ වගකීම් ඉටු කරන්න ඉදිරියට ආවා. මේ මොහොතේ මුළු රටේම ආරක්ෂාවට වග කියන්නේ ඔවුන්. කොරෝනා වෛරසයට බිලිවූවන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්න දවසින් දෙකෙන් රෝහල් හැදුවේ ඔවුන්.

දහස් ගණනින් අයගේ නිරෝධායන ක්‍රියාවලි සිදුකරන්නේ ඔවුන්. කෑම බීම හදන්නේ ඔවුන්. ඇඳිරි නීතිය අස්සේ කන්න බොන්න නැති අහිංසකයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඔවුන්. කොටින්ම මුළු රටේම යාන්ත්‍රණය මේ වෙද්දී ක්‍රියාත්මක කරන්නේ ඔවුන්. අපේම ආදරණිය හමුදා සහෝදරයන්.ඔබට මතක ඇති පහුගිය දවසක මරදාන ප්‍රදේශයේ පුද්ගලයෙක් මේ කොරෝනා වසංගතයෙන් මියයාමත් එක්ක ඔහු ජීවත් වුණ ගමම නිරෝධායනය කරන්න සෞඛ්‍ය අංශ තීරණය කළා.මේ අතරේ ඊයේ හවස එහි දකින්න ලැබුණු හරි අපූරු සිදුවීමක් ගැන සමාජ මාධ්‍යවල හුවමාරු වුනේ විදුලි වේගයෙන්.හමුදාවේ අපේම ආදරණිය සහෝදරයන් පිරිසක් ඇවිත් ගමේ ජනතාව වෙනුවෙන් ගීත ගායනා කරනවා.

නිකන්ම නෙමෙයි හරි අපූරු සංගීතයත් එක්කම. ඒ වෙනුවෙන් හොඳ සූදානමක් එක්ක ඔවුන් පැමිණිලා තියෙන්නේ අවශ්‍ය සංගීත භාණ්ඩත් අරගෙන ලොකු ට්‍රක් රථයකින්. මේ සියල්ල අප වෙනුවෙන්. නිරෝධායනයට ලක්වන මේ ප්‍රදේශයේ ජනතාවගේ කාන්සිය පාළුව මකාදමන්නයි මේ අපූරු උත්සාහය. කිසිවෙකුගේ බල කිරීමක් නොමැතිවම ඔවුන් ඒ වගකීමක් තමන් කරපිටට පටවාගෙන.ඇත්තටම ඔවුන් හරි අපූරු මිනිස්සු කොටසක් වෙන්නේ මේ නිසාමයි. කොහොම වුනත් මේ කතාව දැකපු ගොඩක් අය සංවේදී වෙලා තිබුනා. හමුදාවේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ස්තුතිපූර්වකව ආශීර්වාද කරන්න හැමෝම අමතක කරලා තිබුනේ නෑ. ස්තුතියි! ඔබ අප වෙනුවෙන් ගන්නා මේ මහන්සියට. අප සියල්ල ඒ වෙනුවෙන් ඔබට සදා ණයගැතියි.