Naifmvlog

Naifm vlog Gossip and News

ලෝකෙම හෙල්ලෙන්න ලංකාවේ තරුණියක් කළ අපුරු නිර්මාණය

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිමේදි දිනකට කීපවරක් රෝගියා පැත්ත පෙරලීමේ අවදානම් කටයුත්ත කිරිමට දුරස්ථපාලන රෝගී පැතිපෙරළනයක් නිර්මාණය කිරීමට කළුතර, නාගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පළමු වසරේ හෙදි පුහුණු ශිෂ්‍යාවක් කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර අත් සේදිමට පසුගිය දා ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය වන සෞඛ්‍ය විද්‍යායතනයේ පළමු වසරේ හෙදි පුහුණු ශිෂ්‍යාවක වන අසුරුමුණි සදලි නිප්මා මෙනෙවිය තම පියා සහ බාප්පා වන චන්දන ප්‍රසන්නජිත් මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම නිර්මාණය කර ඇත. දුරස්ථ පාලකයක් මගින් රෝගියා පැත්ත හැරවීම, ඉණෙන් උඩ කොටස කෙළින් කිරීම හෝ ඉනෙන් පහළ කොටස ඉහළට එසවීම ආදිය මෙම ස්වයංක්‍රීය මෙට්ටය මගින් සිදු කළ හැකිය. දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන මෙට්ටයක් මෙතෙක් නිපදවා නැති අතර මෙම නිර්මාණය සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් ජාත්‍යන්තර මට්ටමින් නිපදවිය හැකි බව එහි නිර්මාණකරුවන් පවසනවා.