Naifmvlog

Naifm vlog Gossip and News

කලා නිර්මාණ බොහෝමයකට නර්තනයෙන් දායක වී ඇත

නර්තන කියන්නෙත් කියන්නේ මගේ ජිවිතේ.දක්ෂ නර්තන ශිල්පිනියක් වන ඉමාෂා රවිහාරි ජයසිංහ සමගින් තරු කතා බහ අපි මෙළෙස ආරම්භ කළේමු. දැනට කලා නිර්මාණ බොහෝමයකට නර්තනයෙන් දායක වී ඇති ඇය වර්තමානයේ නර්තන ගුරුවරියක් ලෙසද කටයුතු කරමින් සිටියි.ඉමාෂා නර්තන ශිල්පිනියක් වෙන්නේ කොහොමද?තෙරේන කාළේ ඉඳලා මම නර්තනයට ගොඩක් කැමතියි. ඒ නිසා පාසල් අධ්‍යාපනය ලබන කාළේ ඉඳලා මම නර්තනය හැදෑරුවා. මීට වසර දෙකකට පෙර මම ප්‍රවිණ නර්තනවේදි ලලිත් පැරකුම් සර්ගේ නර්තන පාසලට සම්බන්ධ වුණා. එතැන තමයි මගේ නර්තන දිවියේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි. වර්තමානය වනවිට මම එම පාසලේ නර්තන ගුරුවරියක් විදිහටත් කටයුතු කරනවා.නර්තන ශිල්පිනියක් වුණත් ඔබ දැනට බොහෝ කලා නිර්මාණවලටත් දායක වෙලා තියෙනවා නේද?ඔව්, ගීත රූප රචනා කිහිපයකටම මම නර්තන ශිල්පිනියක් විදිහට දායක වෙලා තියෙනවා. බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණ සකූ, ක්වීන් හා දාංගලේ කියන ටෙලි නාට්‍යයවල තේමා ගීත සඳහා මම නර්තනයෙන් දායක වෙලා තියෙනවා දැනට.

ඉදිරියේදී ටෙලි නිර්මාණයක් සඳහා රංගනයෙන් එකතු වෙන්නත් මට ආරාධනා ලැබිලා තියෙනවා.කලා ක්ෂේත්‍රය ගැන ඔබ දරණ අදහස මොකක්ද?අපි දැනගෙන නිවරැදිව කටයුතු කළොත් හොඳ ක්ෂේත්‍රයක් කියලා මම හිතනවා. ක්ෂේත්‍රය ගැන විවිධ මතවාද තියෙනවා. නමුත්, අපි හොඳට අපේ නම රැකගෙන මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කළොත් දිගු ගමනක් මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතනවා.නර්තනය කියන්නේ ඔබේ වෘත්තියද?ඔව්, මම එහෙම හිතනවා. මොකද දැනට මම නර්තන ගුරුවරියක් විදිහටත් කටයුතු කරන නිසා.දිගටම කලා ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නද අදහස?ඔව්, නර්තනය කියන්නෙත් කලාවෙම කොටසක් නේ. නර්තනය කියන්නේ මගේ ජීවිතේ. මට හැකිතාක් මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා කටයුතු කරනවා. ඒ වගේම හොඳ කලා නිර්මාණවලට දායක වෙනවා. අදහසක් තියෙනවා නර්තනය වගේම රංගනයටත් වැඩිපුර ඉදිරි කාලයේදී යොමු වෙන්න.උදව් කරපු පිරිසකුත් ඉන්නවාද ඔබට?ඔව්. මුලින්ම මගේ පවුලේ අයව මතක් කරන්න අවශ්‍යයි. මොකද ඔවුන්ගේ උදව් නැත්නම් අද මම නර්තන ශිල්පිනියක් විදිහට මේ තරම් ලොකු ගමනක් එන්නේ නැහැ. ඊට අමතරව ලලිත් පැරකුම් සර්ව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඔහුගේ මඟ පෙන්වීම ගුරුහරුකම් නිසා තමයි මම අද නර්තන ශිල්පිනියක් වෙලා ඉන්නේ.