Naifmvlog

Naifm vlog Gossip and News

රටේම හෙදියන් සේවයෙන් ඉවත්වෙයි

ඉල්ලීම් ඉල්ලා හෙද හෙදියන් විරෝධතා.කාරණා කිහිපයක් හේතුවෙන් මූලික කර ගනිමින් තමන් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.කොරෝනා වසංගතය හමුවේ තම ජීවිත පවා අවධානය දමමින් සේවය කරන හෙද නිලධාරීන් වෙනුවෙන් අවම පහසුකම්වත් ලබානොදීම, තම සේවය අවතක්සේරු කිරීම, දීමනා කප්පාදු යන කරුණු මූලික කර ගනිමින් මෙසේ විරෝධය දක්වන බව ඔවුන් සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් පෙන්වා දෙන්නේ එළඹෙන 7 වනදාට පෙර තම ගැටලු විසඳා නොදුනහොත් සියලුම හෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවවලින් ඉවත් වීමට කටයුතු කරන බවයි.මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ තමන්ගේ සාධාරණ අවශ්‍යතාවයන් 05 වන දිනට පෙර ලබා නොදෙන්නේ නම් 6 වන සදුදා සිට රට පුරා රෝහල් හා සියලුම සෞඛ්‍ය ආයතන තුළ සේවයෙන් ඉවත් වන බවය.

හෙද වෘත්තීය සමිතිවල ඉල්ලීම් කිහිපයක් පහත දැක්වේ.කොරෝනා රෝගී ස්ථාකරයේ යෙදෙන හෙද හෙදියන්ට අවශ්‍ය පුද්ගලික ආරක්‍ෂිත උපකරණ ලබාදීමසියලු හෙද කාර්ය මණ්ඩලයට ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම්ගර්භනී සහ විවිධ රෝග තත්ත්වයෙන් පෙලෙන හෙද නිලධාරීන්ට විශේෂ නිවාඩු ලබාදීමහෙද කාර්ය මණ්ඩලය අයකරගෙන ඇති සියලුම ණය මාස 6ට අත්හිටුවීමපසුගිය මස 3තුළ ගෙවා ඇති වැටුප්, අතිකාල දිමනාවල සාමාන්‍ය අගය ගණනය කර එය වසංගතය නිමවන තුරු හෙද කාර්ය මණ්ඩලයේ වැටුප ලෙස ලබාදීම