Naifmvlog

Naifm vlog Gossip and News

නැවක සිරවූ ලාංකිකයෙක් ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

ලෝක සාවාරියක යෙදෙන MSC Magnifica නෞකාව 06 දා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේන්දුවීමට නියමිත බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට භාර ගන්නා ලෙස ජනාධිපතිතුවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම නෞකාවේ සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහතා පවසයි.නෞකාවේ සමස්ත මගින් සංඛ්‍යාව 2700 ක් පමණ බවත් ලෝක සවාරියක් නෞකාව ජනවාරි මස 5 වෙනිදා පිටත් වුවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමීමට සිදුවූ බවත් ඔහු පැවැසීය.ලෝකයේ කිසිදු රටක වාරයක් මෙම නෞකාව භාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මවු ශාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීම සඳහා දැන් ගමන් ආරම්භ කර සිටින බවත් ඔහු පැවැසීය. මේ වන විට දින 25 ක් ක කාලයක් සියලු දෙනා මෙම නෞකාවේ රැදි සිටින අතර කිසිදු කොරෝනා ආසාදිතයෙක් නෞකාවෙන් වාර්තා වී නොමැති බවත් ඔහු පැවැසීය.

මෙම නෞකාවට සැපයුම් ලබා ගැනීම සඳහා හෙට අලුයම 6 ට පමණ කොළඹ වරායට පැමිණ පැය 3 ක කාලයක් රැදි සිටින බවත් එහිදි ශ්‍රී ලංකාවට තමාව භාර ගන්නා ලෙසත් ඔහු ඉල්ලීමක් කරයි. මේ අවස්ථාවේදි තමාට ලංකාවට ඒමට බැරි වුවහොත් නැවත යුරෝපයට යෑමට සිදුවන බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීම ඉතාමත් අපහසු බවත් ඔහු පැවැසීය. තමාව හෙට දිනයේදි ලංකාවට ලබා ගැනිමට කටයුතු කරන ලෙසත් තමා මාසයක් දෙකක් හෝ නිරෝධායනයට යොමු වීමට කැමැත්ත ප්‍රකාස කර සිටින්නට කැමැති බවද ඔහු පවසයි. මෙහි අනිකුත් රටවල් වන ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල් වල පිරිස් ලබා ගැනිම සඳහා එම රටවල් වල ගුවන් යානා ලබා දුන්නත් එකම ශ්‍රී ලාංකිකයා වන තමාට එවැනි කාර්‍යක් මෙරටට කිරිමට අපහසු වන බැවින් හෙට දිනයේදි මෙරට වරායට පැමිණි පසු රටට ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.