Naifmvlog

Naifm vlog Gossip and News

රෝගය චීනයට ආව ඇත්තම විදිහ

නව ක-රෝනා හෙවත් වයිරසය ඊසාන දිග චීනයට ඉකුත් ඔක්තෝබර් මාසයේදී කඩා වැටෙමින් පුපුරා ගිය ධූම කේතුවකින් පෘථිවියට ඇතුළු වූවක් බව ශ්‍රී ලංකාවේ උපත ලැබූ කීර්තිමත් තාරකා විද්‍යාඥයකු හා ගණිතඥයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. වයිරසය විද්‍යාගාරයක මිනිසා විසින් සෑදූවක් බවටත් විශේෂයෙන්ම චීනය විසින් සාදන ලද්දක් බවට ඇමෙරිකාවත් ඇමෙරිකාව විසින් සාදන ලද්දක් බවට චීනයත් ආදී වශයෙන් උනුන්ට චෝදනා නඟමින් සිටියදී මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් ඉදිරිපත් කරන මෙම මතයට ලෝකයේ අවධානය යොමුව තිබේ.

2019 වසරේ ඔක්තෝබර් 11දා රාත්‍රි 12.16ට පමණ ඊසාන දිග චීනයට ඉහළ අහසේදී පුපුරා ගිය ධූම කේතුවකින් මෙම පිටසක්වළ වයිරසය පෘථිවි ගෝලය තුළට ප්‍රවේශ වන්නට ඇති බවට මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් මුලින්ම හෙළිදරව් කොට තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදීය.මෙකී ධූම කේතුවේ පුපුරායෑම නිසා ඇති වූ ආලෝකයෙන් ඒ රාත්‍රියේ එම ප්‍රදේශය දහවල් මෙන් ආලෝකවත් වූ බව විදෙස් මාධ්‍ය මඟින්ද වාර්තා කර තිබිණි. අද ද මීට අදාළ වාර්තා හා වීඩියෝපට අන්තර්ජාලයෙන් දැක බලාගත හැකිය.මෙම ධූම කේතුව පුපුරා යෑමේදී විසිරුණු තුනී කාබන් දුහුවිලි සමඟ ට්‍රිලියන සිය ගණනක වයිරස අංශු පෘථිවිය මත පතිත වන්නට ඇතැයි මහාචාර්ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.ඉහළ අභ්‍යවකාශයේ ඇති වයිරස පාථිවියට ඇද වැටීමට හෝ පෘථිවිය වටා භ්‍රමණය වන වායු ධාරාවන්ට එක්වෙමින් පෘථිවිය මත පැතිර යා හැකි බව මහාචාර්ය වික්‍රමසිංහයන් ප්‍රකාශ කළ බව ඩේලිමේල් වෙබ් අඩවිය සඳහන් කරයි.

ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල කිහිපයකම මහාචාර්ය ධුරය දැරූ චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ අභ්‍යාවකාශ ජීව විද්‍යා පිළිබඳ බකිංහැම් මධ්‍යස්ථානයේ සේවය කරයි.මහාචාර්ය වික්‍රමසිංහ ඔහුගේ ගුරු උපදේශකයකු මෙන්ම පර්යේෂණ සගයකු වූ බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ශ්‍රී මත් ෆ්‍රෙඩ් හොයෙල් (Sir Fred Hoyle) සමඟ වසර 40ක පමණ කලක් පෘථිවියට ආගන්තුක පිටසක්වළ වයිරස මඟින් කලින් කල පෘථිවියේ මිනිසුන්ට වසංගත රෝග බෝවීම පිළිබඳ පර්යේෂණ කළේය. පිටසක්වළ වයිරස පෘථිවියට ළඟාවීමෙන් මිනිසුන් අතර නව රෝග පැතිර යන බවට මතවාදයක් ලොවට ඉදිරිපත් කළ විද්‍යාඥයන් දෙදෙනා ලෙස මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හා ෆ්‍රෙඩ් හොයෙල් සැලකේ.1918 දී ලෝකයේ පැතිරුණු උණ වසංගතය, පෝලියෝ පැතිරීම, උමතු ගව රෝගය (mad Cow disease) මෙන්ම සාර්ස් (SARS) රෝගයද පිටසක්වළ සිට පෘථිවියට ප්‍රවේශ වූ වයිරසවලින් වැලඳුණු රෝග බව ඔවුන්ගේ මතය විය.