Naifmvlog

Naifm vlog Gossip and News

ඉවතලන ද්‍රව්‍ය වලින් නිමවූ ස්වසන යන්ත්‍රය

වැල්ලවාය ප්‍රදේශයේ තරුණයෙකු විසින් ක-විඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට කෘතිම ස්වසන යන්ත්‍රයක් නිපදවා තිබේ.මෙම තරුණයා විසින් ඉවතලන ද්‍රව්‍ය සහ නිවසේ තිබූ ද්‍රව්‍ය කිහිපයක් උපයෝගී කර ගනිමින් මෙම යන්ත්‍රය නිපදවා ඇති අතර එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව යන්ත්‍රය නිපද වූ තරුණයා පැවසීය.මෙම උපකරණය විදෙස් රටකින් මෙරටට ලබා ගන්නේනම් ලක්ෂ විස්සකට වඩා වැඩි මුදලක් වැය වන බවත් එය මෙරටටදී රුපියල් පහලොස් දහසක මුදලකට නිපදවීමට හැකි බවත් ඔහු පැවසීය.

මෙම උපකරණය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් විමේන් පසු විමල් වීරවංශ ඇමැති වරයා මේ සම්බන්ධයෙන් අදාල තරුණයාට අවශ්‍ය පහසුකම් ලබා දී යන්ත්‍රය වැඩි දියණු කිරීමට දායකත්වය ලබා දෙන බව ද පවසා ඇත.මෙම යන්ත්‍රය නිරීක්ෂණය කිරීම සදහා අද දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතාද පැමින තිබේ.