Naifmvlog

Naifm vlog Gossip and News

සූපවේදී අනුර හේරත් මුදාගත් මෙහෙයුම

ඉතාලි සුපිරි නෞකාවේ සිටි සූපවේදී අනුර හේරත් මුදාගත් මෙහෙයුම ගැන නාවික හමුදාව හෙළි කළ කතාව.රටේ තත්ත්වය ගැන සාර්ථක පෙරහුරුවක් කළා..නාවික හමුදාපතිගේ සංකල්පයක් මතයි ක්‍රියාත්මක වුණේ..ඔහු පූර්ණ නිරෝධායනයක් සඳහා යොමු කරනු ලැබුවා..ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදි අනුර හේරත්, ආරක්ෂිතව අද පෙරවරුවේ කොළඹ වරායට රැගෙන ආවා.අනතුරුව ඔහු දින 21ක නිරෝධායන කටයුතු සඳහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළු කර තිබෙනවා.

සූපවේදී අනුර හේරත් විසින් ඊයේ (05) සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම මගී නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා අද (06) කොළඹ වරායට සේන්දුවීමට නියමිත බැවින් එම අවස්ථාවේදී තමන්ට ශ්‍රී ලංකාව තුළට ඇතුලුවීමට අවසර දෙන ලෙසටයි.අනුරගේ එම ඉල්ලීමට කන්දෙමින්, ඔහුව මුදාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.මේ අතර, අනුර හේරත් මුදාගත් නාවික හමුදාවේ මෙහෙයුම ගැන, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මෙසේ අදහස් පළ කළා.