Naifmvlog

Naifm vlog Gossip and News

කොළඹ වරායේදී ගොඩ බස්සවා ගැනීමට නාවික හමුදාව තීරණය කරයි

ජාත්‍යන්තර වෙළෙඳ නෞකාවකින් එන තමා බේරා ගෙන මෙරටට ගොඩබා ගන්නා ලෙසට ෆේස්බුක් සමාජ මාධ්‍ය මඟින් ජනාධිපතිවරයාගෙන් ආයාචනා කළ ශ්‍රී ලාංකික තරුණයකු කොළඹ වරායේදී ගොඩ බස්සවා ගැනීමට නාවික හමුදාව තීරණය කළ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ‘මව්බිම’ට පැවැසීය. ලොව අතිසුඛෝපභෝගී දැවැන්ත මගී නෞකාවක් වන MSC Magnifica නෞකාව අද (06) දින කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා මෙම මගී නෞකාව කොළඹ වරායට පැමිණෙනු ඇත.කෙසේවෙතත් ක-රෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මේ වන විට කොළඹ වරායට පැමිණෙන මගී නෞකාවල මගීන්ට, මෙරටට ගොඩ බැසීමට අවසර හිමිවන්නේ නැත. මෙවැනි තත්ත්වයක් තුළ නෞකාවේ සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන අනුර හේරත් විසින් අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදා හරිමින් ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ශ්‍රී ලංකාවට තුළට ඇතුළත් වීමට අවසර ලබා දෙන ලෙසයි.

මෙලෙස සැපයුම් ලබා ගැනීමෙන් පසු MSC Magnifica නෞකාව නැවත යුරෝපය බලා ගමන් අරඹන අතර මෙහිදී අනුර හේරත් වැඩිදුරටත් පවසන්නේ එලෙස යුරෝපයට ගිය පසු ගමන්ට නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීම ඉතාමත් අපහසු කටයුත්තක් වනු ඇති බවයි.“මං වැඩ කරන්නේ MSC Magnifica කියන නෞකාවේ. ලෝකයේ කිසිදු රටක් මේ නෞකාව වරායකට ලබා ගැනීමට කටයුතු නොකිරීම නිසා මෙම සමාගමේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය සඳහා නෞකාව පිටත් වීමට ගමන් ආරම්භ කර තිබෙනවා මේ වෙනකොට. දැනට කිසිදු වෛරස තත්ත්වයක් මෙහි මතු වී නැහැ. මෙහි සැපයුම් ලබා ගැනීම සඳහා අප්‍රේල් මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා පැය 03 ක කාලයක් සඳහා.““එහිදී මම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගරු ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත් සහාය බලාපොරාත්තු වෙනවා. මොකද අප නෞකාවෙන් මට ලංකාවට එන්න බැරි වුණොත් නැවත යුරෝපයට ගියාට පස්සේ එන එක ඉතාම අපහසු වෙනවා. මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා, හැකියාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකා වරාය තුළින් මාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස“, යනුවෙන් මොහු සිය ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

මෙම ශ්‍රී ලාංකික තරුණයා රැගත් වෙළෙඳ නෞකාව ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් තිබියදී සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිකුත් කළ වීඩියේ හඬපටයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ අද (6දා) පැය තුනක කාලයකට කොළඹ වරායට එන නෞකාවේ සිටින තමා ගොඩබිමට ගන්නා ලෙසයි.මෙම වීඩියෝ පටය අඩංගු දර්ශනය ඊයේ (5දා) මෙරට ෆේස්බුක් සමාජ ජාලා හරහා සතර අත පැතිර ගිය අතර එය දුටු නාවික හමුදාව ඔහු නෞකාවෙන් ගොඩබා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම කළ බවද නාවික හමුදාපතිවරයා කීය.ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් එම නෞකාවේ දේශීය නියෝජිතයන් සම්බන්ධ කරගෙන මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.කොරෝනා (ක-විඩ් – 19) වයිරසය නිසා මෙම තරුණයාට මෙරටට ඒමට නොහැකි වුවත් මේ මොහොතේ ඔහු භාරගෙන නිරෝධායනය සඳහා යොමු කරන බවද නාවික හමුදාපතිවරයා පැවැසීය.