Naifmvlog

Naifm vlog Gossip and News

අවිෂ්කගෙන් ආදර්ශමත් උපන්දින සැමරුමක්

ක-විඩ්  වයිරසය නිසා දිවයින පුරා උද්ගතව තිබෙන ව්‍යාකූල තත්ත්වයට මුල් තැන ලබා දුන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දු ඔහුගේ 22 වැනි උපන් දිනය යෙදුණු පසුගියදා ගම්පහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ රැසක් බෙදාදීමට පියවර ගෙන තිබීම බොහෝ දෙනකුගේ ප්‍රසාදයට ලක්ව තිබේ.ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් කිහිපයක් සඳහා වියළි සලාක බෙදා දීමට අවිශ්ක තීරණය කර තිබිණි.

එහිදී ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ අවට ප්‍රජාවගේ සවිය ඇතිව එම කටයුත්ත සාර්ථකව සිදු කිරීමට ඔහුට හැකියාව ලැබී ඇත. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නව ක-රෝනා හෙවත් ක-විඩ් වයිරසය හේතුවෙන් ජන ජීවිතය අඩාල වූවන් සඳහා විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබීමද කැපී පෙනේ.මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් “නිවසට වී ආරක්ෂිතව ඉන්න” යන පණිවුඩය ජනතාව අතරට රැගෙන යාමද විශේෂත්වයකි.