Naifmvlog

Naifm vlog Gossip and News

බේරෙන්න සෞඛ්‍යාරක්ෂක හිස් වැසුමක්

කරෝනා (කවිඩ් ) වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා විශේෂ හිස් ආවරණයක් සකසා ඒවා නොමිලේම ග්‍රාම සේවක මහතුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ලබාදීමට තලපත්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සමත්ව සිටී. මොහු නමින් සංජීව ගනේගොඩ නමැති හෙල්මට් නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙකි.

ශ්‍රී ජයවර්ධනපුර, තලපත්පිටිය, කනත්ත පාර, තුන්වැනි මඟේ පදිංචි ඒ මහතා මේ වනවිටත් මෙම විශේෂ සෞඛ්‍යාරක්ෂිත හිස්වැසුම් 2,200ක් පමණ බෙදා දී ඇත. මේ සම්බන්ධයෙන් “මව්බිම” කළ විමසීමකට පිළිතුරු දෙමින් සංජීව ගනේගොඩ මහතා කීයා සිටියේ, කොරෝනා වයිරසයට ගොදුරුවන පිරිස් හා එම වයිරසය හමුවේ රාජකාරි කරන රජයේ නිලධාරීන් සඳහා නොමිලේම මෙම හිස් වැසුම් ලබාදෙන බවයි.