Naifmvlog

Naifm vlog Gossip and News

නාවුල ප්‍රදේශයේ කාන්තාව

ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.1990 නාවුල පොලීසියට අයත් ගිලන් රථයෙන් මෙම හැත්තෑපස් හැවිරිදි කාන්තාව ඊයේ (06) දින පස්වරුවේ රැගෙනවිත් තිබෙන බවත් ඇය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටීම නිසා මෘත ශරීරාගාරය ප්‍රදේශයට ගිලන් රථය රැගෙන ගොස් වෙනත් අයට ළං නොවන ආකාරයෙන් තබා තිබෙන බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා පැවසීය.75 හැවිරිදි මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවත් ඇයගේ පුතෙකු මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට මීට දින දහයකට පමණ ඉහතදී නිවසට පැමිණ තිබුණු බවත් දින කිහිපයක සිට මෙම කාන්තාව උණ රෝගය හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පෙළි තිබෙන බව කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නොගෙන සිටින අතරතුරදී රෝග තත්ත්වය උත්සන්න වී ග්‍රාම නිලධාරි වරයාට දැනුම් දීමෙන් පසු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් කාන්තාව දඹුල්ල රෝහලට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගත් බව 1990 ගිලන් රථයේ සේවය කරන පිරිස පොලීසියට පැවසූහ.

අසනීප තත්ත්වයෙන් පෙළුණු මව ගිලන් රථයෙන් රැගෙන එද්දී ඇය ගේ පුතා පැමිණීමට මැලිකමක් දැක්වූ නිසා ඇය පමණක් රැගෙන ආ බවද කාන්තාව ගිලන් රථයට ඇවිදගෙන පැමිණ ගොඩවූ බවද අතරමගදී මියගිය බව ගිලන්රථ සේවකයෝ පොලීසියට පැවසූහ. නිවසේ රැඳී සිටින අනිත් දෙදෙනා ද අසනීප තත්ත්වයකින් පෙළෙන බව ද ගිලන්රථ සේවකයෝ පොලීසියට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසුහ . මෙම මියගිය රෝගී කත සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතාගේ උපදෙස් පරිදි වෛද්‍යවරුන් කාර්යමණ්ඩලය වහාම ඉතා ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගෙන මළසිරුරු රුධිර කොටස් ලබාගැනීම සිදුකරනු ලැබීය.දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතා කියා සිටියේ රුධිර සාම්පල් මහනුවර මහ රෝහල වෙත යවන බවත් මියගිය කාන්තාවගේ මෘතදේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය. මෙම කාන්තාවට ක-රෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂණ කටයුතු නිම කරන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවත් කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් මත සැක සිතා සියලුම පරීක්ෂණ කටයුතු ඒ මත සිට සිදුකරන බව රෝහල් බලධාරීහු පැවසූහ.මෙම සිද්ධිය වාර්තාවීමත් සමග වහාම මෙම කාන්තාව සිටින් නිවස සහ නිවසේ සිටින පුද්ගලයන් පිළිබඳව වහාම නාඋල පොලීසිය දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවද සඳහන් කළේය.

1990 ගිලන් රථයේ සේවය කළ පිරිස මෙම කාන්තාවගේ නිවසට ගිය ග්‍රාම නිලධාරීවරයා සහ ඊට සම්බන්ධ සියලු දෙනා පිළිබඳව කඩිනමින් අවධානය යොමු කොට ඔවුන් සුරක්ෂිතව ආරක්ෂා කරන ලෙස පොලීසියට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.1990 නාවුල පොලීසියට අයත් ගිලන් රථයෙන් මෙම හැත්තෑපස් හැවිරිදි කාන්තාව ඊයේ (06) දින පස්වරුවේ රැගෙනවිත් තිබෙන බවත් ඇය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටීම නිසා මෘත ශරීරාගාරය ප්‍රදේශයට ගිලන් රථය රැගෙන ගොස් වෙනත් අයට ළං නොවන ආකාරයෙන් තබා තිබෙන බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා පැවසීය.75 හැවිරිදි මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවත් ඇයගේ පුතෙකු මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට මීට දින දහයකට පමණ ඉහතදී නිවසට පැමිණ තිබුණු බවත් දින කිහිපයක සිට මෙම කාන්තාව උණ රෝගය හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පෙළි තිබෙන බව කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නොගෙන සිටින අතරතුරදී රෝග තත්ත්වය උත්සන්න වී ග්‍රාම නිලධාරි වරයාට දැනුම් දීමෙන් පසු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් කාන්තාව දඹුල්ල රෝහලට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගත් බව 1990 ගිලන් රථයේ සේවය කරන පිරිස පොලීසියට පැවසූහ.

අසනීප තත්ත්වයෙන් පෙළුණු මව ගිලන් රථයෙන් රැගෙන එද්දී ඇය ගේ පුතා පැමිණීමට මැලිකමක් දැක්වූ නිසා ඇය පමණක් රැගෙන ආ බවද කාන්තාව ගිලන් රථයට ඇවිදගෙන පැමිණ ගොඩවූ බවද අතරමගදී මියගිය බව ගිලන්රථ සේවකයෝ පොලීසියට පැවසූහ. නිවසේ රැඳී සිටින අනිත් දෙදෙනා ද අසනීප තත්ත්වයකින් පෙළෙන බව ද ගිලන්රථ සේවකයෝ පොලීසියට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසුහ . මෙම මියගිය රෝගී කත සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතාගේ උපදෙස් පරිදි වෛද්‍යවරුන් කාර්යමණ්ඩලය වහාම ඉතා ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගෙන මළසිරුරු රුධිර කොටස් ලබාගැනීම සිදුකරනු ලැබීය.දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතා කියා සිටියේ රුධිර සාම්පල් මහනුවර මහ රෝහල වෙත යවන බවත් මියගිය කාන්තාවගේ මෘතදේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය. මෙම කාන්තාවට ක-රෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂණ කටයුතු නිම කරන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවත් කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් මත සැක සිතා සියලුම පරීක්ෂණ කටයුතු ඒ මත සිට සිදුකරන බව රෝහල් බලධාරීහු පැවසූහ.මෙම සිද්ධිය වාර්තාවීමත් සමග වහාම මෙම කාන්තාව සිටින් නිවස සහ නිවසේ සිටින පුද්ගලයන් පිළිබඳව වහාම නාඋල පොලීසිය දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවද සඳහන් කළේය. 1990 ගිලන් රථයේ සේවය කළ පිරිස මෙම කාන්තාවගේ නිවසට ගිය ග්‍රාම නිලධාරීවරයා සහ ඊට සම්බන්ධ සියලු දෙනා පිළිබඳව කඩිනමින් අවධානය යොමු කොට ඔවුන් සුරක්ෂිතව ආරක්ෂා කරන ලෙස පොලීසියට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.