Naifmvlog

Naifm vlog Gossip and News

පිහිටට ආපු පොලිස් නිළධාරියා

කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිර යමින් අපේ රටේ මිනිස්සුන්ව වට්ටන්න උත්සහ දරණ අතරේ එය පරයා ඉහළ නැගුනු මනුස්සකම් එකිනෙකාට ශක්තියක් වෙමින් තත්ත්වය බොහොම හොඳින් පාලනය කරගනිමින් ඉන්නවා. අපේ මිනිස්සුන්ගේ මනුස්සකම් ඒ තරම්ම හයියයි. ඒ තරම්ම වටිනවා.පහුගිය කාලය පුරාවටම මෙහෙම මනුස්සකම් ගැන කතා කෙරුණු බොහෝ අවස්ථා ගැන අපිට අහන්න දකින්න ලැබුනා. මේ කියන්න හදන්නෙත් පහුගිය දවසක සමාජ මාධ්‍යයේ ලොකු කතා බහක් ඇතිකරපු මනුස්සකම උතුරන ඡායාරූපයක් ගැන.මේ සිදුවීම වෙලා තියෙන්නේ කොහේද කියලා හරියටම දැනගන්න නැති වුනත් වෙලා තියෙන්නේ මොකක්ද කියන එක මේ පින්තූරය දිහා බලපු ගමන් ඔබට වැටහේවි. මේ ඉන්න අහිංසකයා දැඩි ලෙස අසරණ වෙලා ඉන්න අවස්ථාවක එයාගේ උදව්වට වට පිටාවේ කවුරුත් නෑ. මොකද මුළු රටටම ඇඳිරි නීතිය දාලා.

කඩ සාප්පු වෙළඳසැල් හැම එකක්ම වහලා දාලයි තියෙන්නේ. ඉතින් කවුරුත් නැති මොහොතක අසරණ වුන මේ අහිංසක ජීවිතය බේරගන්න දෙවි කෙනෙක් එතනට එන්නේ මෙන්න මේ මොහොතෙයි. ඒ ඇඳිරි නීති කාලයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරී මහත්තයෙක්. බලන්න පොඩි දරුවෙකුට වතුර පොවනවා වගේ බොහොම පරිස්සමෙන් මේ සතාට වතුර පොවන හැටි. එයත් තමන් දන්නා කෙනක් උදව් කරනවා වගේ කලබලයක් නොකර ඉන්න හැටි.ඒ ඇඳිරි නීති කාලයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරී මහත්තයෙක්. බලන්න පොඩි දරුවෙකුට වතුර පොවනවා වගේ බොහොම පරිස්සමෙන් මේ සතාට වතුර පොවන හැටි. එයත් තමන් දන්නා කෙනක් උදව් කරනවා වගේ කලබලයක් නොකර ඉන්න හැටි.