Naifmvlog

Naifm vlog Gossip and News

වහකෝට්ටේට මුක්කරු අපූරු වාසගම් ලැබුණු හැටි

මුක්කුරු පරම්පරාවේ අය පවත්වා ගෙනයන පසම් හා ලතෝනි තුළ සිංහල, පෘතුගීසි භාෂා ශෛලිය අන්තර්ගත වෙයි. මේවා එම ජන වර්ගවලට ආවේණික වූ ඒවාය. එසේම මීට දමිළ භාෂාව මිශ්‍ර කොට මේ සාහිත්‍යාංග රසවත් කර තිබීමද විශේෂත්වයකි.ඒ අතර අඩුක්කු ප්‍රසංගය, කළිප්පු, වද්‍යාංගම් ආදී වචන ගණනාවක් අන්තර්ගතය. මහචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගැන පෙන්වා දෙන්නේ මෙවැන්නකි.පසන් පොතේ බහුල ලෙස භාවිත කොට ඇත්තේ එළු ස¼දැස් ලකුණෙහි ඉපැරැණි විරිත්ය. වඩාත් ද්‍රවිඩ විරිත්ය. කෝට්ටේ යුගය වන විට ද්‍රවිඩ කවි ගී ගායනය කෝවිල්වලත් රාජ සභාවේත් පැතිර පැවැති ආකාරය පරෙවි සන්දේශයේ 38, කෝකිල සන්දේශයේ 39, පවත් 40 ආදී කෘතිවලින් පෙනෙයි. ශ්‍රී නාමේ ඉංග්‍රීසි හටන ආදී කාව්‍යවල ද්‍රවිඩ විරිත් භාවිතය දැකගත හැකිය. මෙවැනි පසුබිමක රචනා විචාර ගොන්සල්වේස් පියනම ඉන්දීය ප්‍රභවය ඇති ද්‍රවිඩ උගතකු වීමත් යන කාරණා හේතු කරගෙන පසන් පොතට ද්‍රවිඩ බස් හා විරිත් මිශ්‍ර වන්නට ඇති බවකි.මෙරට අමතරව ආන්ජු, ඉගේ‍රරාජ, වියොල ආර්යයා, විව විවා කියව මිස, ආර්කාරජු බෝව, බෝලේ ඇස්පරාස් වැනි පෘතුගීසි වචනවලද කොලරාව බැසනය, සයනි ආසනය කුට්මරමක්, බෝලන්ත, පුනුර, වසක්කේඩුව විඩා බින්නර, මැරුට් පැලැස්ස ආදී හෙළ ජන සම්ප්‍රදායේ එන භාෂා රටාවන්ද යොදා ගෙන ඇත.

මේවාට ආවේණික වූ භාෂා ශෛලීන් ලෙස ඇති ධර්ම ගෝපුරනේ බව දුකට නිවාරණේ කංසාර්ග භවනෙනේ, නිති දර්පණාවනේ, සුරපුරෙහි ‍ෙදාරවනේ කාන්ති බර දේව මන්දිරයේ ක්‍රපාවරිත ප්‍රියදාතා, එක්ෂේ ඔමො වැනි මේවාටම ආවේණික වූ යෙදුම් තිබේ.ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකාවේ කිතුනුවන්ට දැඩි පීඩනයක් එල්ල විය. මේ සමයේ ගෝවේ සිට ලංකාවට පැමිණි ජුසේවාස් පියතුමා වහකෝට්ටේ ප්‍රදේශයට පැමිණ එකල ආගමික කටයුතු හොර රහසේම කරගෙන ගොස් ඇත. එම ආගමික කටයුතු රාත්‍රි කාලයේ සිදු කර ඇත. එලෙස රාත්‍රි කාලයේ මුක්කරුවන් උදෙසා ආගමික කටයුතු කළා යැයි සැලකෙන භූමියේ දැන් ජුසේවාස් මණ්ඩපය ඉදිකර ඇත. වහකෝට්ටේ ශුද්ධ අන්තෝනි මුනිඳුන්ගේ පල්ලියේ ජුසේවාස් පියතුමා එදා සිටම කුරුසිය අදද දක්නට ලැබෙයි.දෙවැනි රාජසිංහ රජ සමයේදී කළ ආගමික කටයුතු හේතුවෙන් ජුසේවාස් පියතුමා සහ එතුමාත් සමඟ පැමිණි පෘතුගීසීන් විසින් ගෙනෙන ලද ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාවද රජුගේ අත්අඩංගුවට පත්විය. එහෙත් නියඟය පහ කිරීම සහ ජුසේවාස් පියතුමා විසින් කළ ප්‍රාතිහාර්ය හේතුවෙන් රජු ජුසේවාස් පියතුමාව නිදහස් කළේය. ඉන්පසු රජුගේ අණින් අත්අඩංගුවට පත් ප්‍රතිමාව නැවත හේවිසි පෙරහරකින් වහකෝට්ටේ ප්‍රදේශයට වැඩම කරන ලදී.

එදා සිට අද දක්වාම වහකෝට්ටේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාව වැඩම කරවන විට සාම්ප්‍රදායික හේවිසි පෙරහර සිදු කරනු ලබයි. එසේම වහකෝට්ටේ දේවස්ථානයේ සාම්ප්‍රදායිකව පැවත එන මුහුප්පු පදවියද ජුසේවාස් පියතුමා විසින් ආරම්භ කළා යැයි සැලකෙයි. බීට් අමරසිංහ පියතුමා විසින් එම ස්ථානයේ දේවස්ථානයක් ඉදි කළ බව කියැවෙයි.වහකෝට්ටේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයට ආවේණික වූ විශේෂ කිතුනු භක්ති අභාසය පිළිවෙත් ලෙස තහංචි කිරීම් දැකගත හැකිය. මේ භක්ති අභ්‍යාසය අවස්ථා දෙකේදී වහකෝට්ටේ ග්‍රාම්‍ය කේන්ද්‍ර කොට ගෙන කරනු ලබයි. ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ගේ මංගල්‍ය ජනවාරි 20ත් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍ය ජුනි 13ත් පැවැත්වෙයි.මේසා ඉතිහාසයක් ඇති වහකෝට්ටේ ගම තුළ පෘතුගීසි අභාසය සහිත මුක්කරු පරම්පරාවේ අය ජීවත් වෙති. මොවුන්ට ඇත්තේ මොවුන්ටම ආවේණික වූ ගති පැවතුම් ඔවුන්ටම පැවතීම නිසා මොවුන් විශේෂ වෙයි.

මොවුන්ගේ වාසගම් දෙස බැලීමේදී ඔවුන් වහකෝට්ටේට පැමිණි දිශාව පෙන්වා දෙයි. වහකෝට්ටේ මුල්ම පදිංචිකරුවන් වහකෝට්ටේ රාලලාගේ ගෙදර ලෙසත් කොළඹින් පැමිණි අය කොළඹ ගෙදර ලෙසත් මාත්ගමුවෙන් පැමිණි අය මාත්ගමුවේ ගෙදර ලෙසත් බෝවත්තෙන් පැමිණි අය බෝවත්තේ ගෙදර ලෙසත් මැදගෙදරින් පැමිණි අය මැදගෙදර ලෙසත් හඳුන්වා තිබේ.මීට අමතරව කොහොඹගහ ගෙදර, සමරකෝන් ගෙදර, මැටියම්පොත ගෙදර, තුම්පනේ ගෙදර, පිටියේ ගෙදර, වෑඋඩ ගෙදර, මිරිහල්ලේ ගෙදර යන අයද වහකෝට්ටේ පදිංචිකරුවෝ වූහ.මුල් කාලයේදී පිටියේ ගෙදර, කොහොඹගහ ගෙදර යන වාසගම් සහිත කාන්තාවන් හා විවාහ කරගෙන ඇත්තේ කාරියප්පෙරුම, අබේපිටිය ඒකනායක මුදියන්සේලාගේ යන වාසගම් සහිත පුරුෂයන්ය. ඔවුන්ගෙන් බිහි වූ දරුවන්ට මවු පාර්ශ්වයේ වාසගම ලැබී තිබේ. වර්තමානය වන විටද මෙම වාසගම් වහකෝට්ටේ ප්‍රදේශයේ භාවිත වෙයි.පෘතුගීසි භාවිතයට අනුව ඔවුන්ගේ ක්‍රිස්තියානි නම්වලට පෙර කාන්තාවන්ට දෝන සහ පුරුෂයන්ට ‍ෙදාන් යන නාමය යොදාගෙන ඇත. එසේම මුල් කාලයේ නම් අගට අප්පුහාමි යන නම්බු නාමයද භාවිතයට ගෙන ඇත. පසුකාලීනව අප්පුහාමි නාමය වෙනුවට විජේරත්න යන නම්බුනාමය යොදා ගෙන ඇත. වහකෝට්ටේ සිට පැවත එන මුක්කරු පරම්පරාවේ අය ගල්ගමුව ප්‍රදේශයේද අදද ජීවත් වෙති. ඔවුන්ගේ නම මුලට ‍ෙදාන් සහ දෝන යන නම් ලැබී තිබේ.