Naifmvlog

Naifm vlog Gossip and News

පවුල්වලට උදව් කරන්න කියපු උතුම් අම්මා

අද උදේ ඉඳලා සමාජ මාධ්‍ය හරහා නිතරම දකින්න ලැබුණු මේ වීඩියෝ එක සමහරවිට මේ වෙද්දී ඔයා දැකලා ඇති. එහෙම නැති වෙන්නත් පුළුවන්. මේක මිනිස්සුන් විදිහට අපි හැමෝම අනිවාර්යෙන්ම දැකිය යුතු විදිහේ වීඩියෝ එකක් නිසාම අපි හිතුවා මේ ගැන ඔබට කියන්න.මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. මහමග තමන්ගේ ජීවිතය ගෙවන අහිංසක ජීවිත වගේම වයසක අම්මලා තාත්තලා ගොඩක් මේ හේතුව නිසා අසරණ වෙලා තියනවා.

තමන්ගේ මිනිස්සුන්ගේ අසරණකමේදී හැමදාමත් වගේ පිහිටට එන අපේ මිනිස්සු මේ වතාවෙත් දෙපාරක් හිත හිත හිටියේ නෑ. ඉතින් මේ වගේ අසරණ වුන පවුල්වලට අත්‍යවශ්‍ය යන කණ්ඩායමක් ගොඩවදිනවා එක වයසක අම්ම කෙනෙක්ගේ ගෙදරකට. ගතේ වාරු නැති, ඉන්නට හරිහමන් නිවහනක් නැති, තනියට උදව්වට දරු මුණුබුරෙක් නැති මේ වයසක අසරණ අම්මට මේ පිරිස ලබාදෙනවා ලොකු බඩු මල්ලක්.හැබැයි නිකන්ම මේක පිළිගන්නත් ඇයගේ අදහසක් නෑ. හැමෝම එපා කියද්දී තමන් අතේ තියන රුපියල් 200න් 100ක් මේ පිරිස අතට දෙන්න මේ උතුම් හදවත හිත හිතා ඉන්නේ නෑ.