Naifmvlog

Naifm vlog Gossip and News

ලොරි වල නැඟ රට වටේම ගිය කාන්තාව

ඉතා අනාරක්ෂිත ලෙස ඇදීරිනීතිය අවස්ථාවේදී දිවා රාත්‍රී දෙකෙහිම නගරවල සැරිසරමින් ලොරි රථවල නැග විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් සිටින ගැබිනි කාන්තාවක් 08 දින දහවල් දඹුල්ල නගරයේදී අල්ලා රෝහල් ගත කිරීමට දඹුල්ල පොලිසිය පියවර ගනු ලැබීය.පසුගියදා කන්තලේ ප්‍රදේශයේදී ද මේ ආකාරයෙන්ම ලොරි වල නැඟ විවිධ ස්ථානවලට යන කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම කාන්තාව ද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන ලොරි රථවලට නැඟ විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව දඹුල්ල නගරයේදී දඹුල්ල පොලීසියේ නිලධාරීන් මෙම කාන්තාව පාගමනින් ගමන් කරමින් සිටියදී අල්ලාගනු ලැබීය.මෙම කාන්තාව ද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන ලොරි රථවලට නැඟ විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව දඹුල්ල නගරයේදී දඹුල්ල පොලීසියේ නිලධාරීන් මෙම කාන්තාව පාගමනින් ගමන් කරමින් සිටියදී අල්ලාගනු ලැබීය.

මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ ඇයට හැඳුනුම්පතක් නොමැති බවත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක බවය.මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ ඇය ලොරි රථ වල ගමන් කරන බවත් තවත් කාන්තාවන් පිරිසක් ද මේ ආකාරයෙන් අත්‍යවශ්‍ය ලාංඡන යටතේ ගමන් කරන ලොරිවල නැඟ යන බවය.කෙසේ වෙතත් මෙම කාන්තාව එක ලොරියක පමණක් ගිය බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.කෙසේ වෙතත් ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙම කාන්තාව ද දැඩි ආරක්ෂිතව දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය.