Naifmvlog

Naifm vlog Gossip and News

කොළඹ ඉදන් ගෙදර ඇවිත් සිටි තරුණයා හදිසියේ රෝහලට

කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට පසුගිය 20 වන දින නිවසට පැමිණ ඇති 30 හැවිරිදි තරුණයෙකු හදිසි හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් මිද්දෙණිය කාරියමඩිත්ත තලාව දිසා රෝහ‍ට ඊයේ (07) රාත්‍රි ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ කාරියමඩිත්ත,කුඩාගොඩ,උඩගහවත්තේ පදිංචි වික්‍රමාරච්චි කංකානම්ගේ වජිර ප්‍රසංග නැමති 30 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර රට තුළ ක-රෝනා වෛරසය පැතිරයාම නිසා පසුගිය 20 වන දින කොළඹ සිට නිවසට පැමිණ තිබේ. එලෙස පැමිණි සිටි මෙම තරුණයාට ඊයේ (07) රාත්‍රි 10.00ට පමණ හදිසි හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් කාරියමඩිත්ත දිසා රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී මෙම තරුණයා මියගොස් තිබේ. මියගිය තරුණයාගේ සිරුර ඇඹිළිපිටිය මුලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇති අතර සිරුර පිළිබද මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතය. මියගිය පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ නිවසේ රැදී සිටිම නිසා ඒ පිළිබදව විශේෂ අවදානයක් යොමු කර පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි මිද්දෙණිය පොලිසිය පැවසුවේ.