Naifmvlog

Naifm vlog Gossip and News

සැතිකෝරළය පසුව සැත් කෝරළය හත් කෝරළය ආදී වශයෙන්

කෝරළ බොහෝ ගණනක් ඇති නිසා මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ “ඇති කෝරළය” යන නමිනි. එය පෘතුගීසීන් විසින් “සැටි කෝරළය” ලෙසට වැරදි ලෙස උච්චාරණය කරතිබේ. එම වරද දිගින් දිගටම යාම නිසා සිංහලයන් පවා මේ වැරැද්ද කළබව කුරුණෑගල නුවර විස්තරය පොතේ සඳහන්ව තිබේ. ඔවුන් “සළු කෝරළය” සැතිකෝරළය පසුව සැත් කෝරළය හත් කෝරළය ආදී වශයෙන් කීවේය. ලීවෝය.සත්කෝරළයේ පැරණිම වංශකතාව “කුරුණෑගල නුවර විස්තරයහත් කෝරළය ගැන තොරතුරු සඳහන් වන්නේ එම කුරුණෑගල නුවර විස්තරය හා කඩඉම් පොත්වලයි. බලංගොඩ බාන්ස් රත්වත්තේ මහතා සතුව තිබූ “කුරුණෑගල නුවර විස්තරය” පුස්කොළ පොතේ පිටපතක් එතුමාගේ පුත් ක්ලිපඞ් රත්වත්තේ මහතා විසින් රාජ්‍ය ලේඛනාගාරයට බාරදී තිබේ. එහි අංකය 3/63/119/148/63 වේ.කුරුණෑගල නුවර පිළිබඳ පුරාවෘත්ත, මේ නගරයේ විස්තර, ලක්දිව නගර අතර ප්‍රමුඛස්ථානය මේ නගරයට ලැබිමට හේතු දී විවිධ විෂයන් පිළිබඳ වාර්තා වලින් පරිපූර්ණ කුරුණෑගල නුවර විස්තරය කඩඉම් ලක්ෂණවලින් ගහන වූ නිබන්ධයකි. කුරුණෑගල රාජධානි සමයේ ලියන ලද මේ පොත ශතවර්ෂ ගණනක් මු`ඵල්ලේ නැවත නැවත අලුතින් පිටපත් කිරීමේදී අලුත් තොරතුරු ඇතු`ඵවීම නිසා මුල් ස්වරූපයට වෙනස් ස්වරූපයක් ගත් බව පෙනේ.කුරුණෑගල නුවර විස්තරයට ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු ඇතුළත්වේ.

1. ලෝක විස්තර, 2. කුරුණෑගල නුවර විස්තරය, 3. පඬුවස්නුවර හා පණ්ඩුකාභය දිවි දෙස්, 4. අනුරාධපුර නුවර විස්තරය, 5.යාපා නුවර විස්තරය, 6. බෙලිගල් නුවර විස්තර, 7. ශ්‍රි වර්ධන නුවර විස්තරය1597 පෘතුගීසි ආදායම් ලේඛනයකට අනුව සත් කොරළේ හා තදාසන්න කොරළ තුනක එකතුවකින් කෝරළ 10 ක් ලෙස ව්‍යවහාර වුවද මහනුවර රාජ්‍ය බලය තහවුරුවීමත් සමඟ එම ප්‍රදේශ මහනුවර රාජ්‍යයේ කොටස් බවට පත්විය. 1845 ලක්දිව හයවන පළාත වශයෙන් ස්ථාපනය කරන ලද්දේ වයඹ පළාතයි. බස්නාහිර පළාතට අයත්ව තිබූ හලාවත, පුත්තලම, සත් කෝරළේ කොටසක් අලුතින් වයඹ පළාතට එක් කරන ලදී. හත් කොරළයට අයත්ව තිබූ දෙමළ හත් පත්තුව 1887 දී උතුරු මැද පළාතට යා කරන ලද්දේය. ඉන් වසර දෙකකට පසුව එය නැවත වරක් වයඹ පළාතට එක් කෙරිණ.හත්කෝරළයට පහත සඳහන් ප්‍රදේශ අයත්විය.අලුත් කොරළය, පිටිගල් කෝරළය, කටුගම්පොළ කෝරළය, දේවමැදි කෝරළය, උඩපොළ කෝරළය, කුරුණෑගල් කෝරළය ,හිරියාල කෝරළය, මාදුරේ කෝරළය, විලි කෝරළය, මඟුල් කෝරළයමෙහි කෝරළ 10 ක් තිබීම සම්බන්ධව ක්වේරෝස් පියතුමා පවසන්නේ මෙයට හත් කෝරළය යන නම පටබැඳුනේ මෙරටට මුලින්ම පැමිණි පෘතුගීසීන්ගේ වරදින් බවය.

එනම් මෙහි නම වූයේ කෝරළ බෝ ගණනක් ඇති යන අරුත සහිත “ඇති කොරළය” බවත් එය පෘතුගීසීන් විසින් ‘සැටි කෝරළය’ ලෙස දෝෂ සහිතව උච්චාරණය කරන ලද බවත් එම වරද දිගින් දිගට යාමේ ප්‍රතිඵලයක් වශයෙන් පසු කාලෙක සිංහලයන් පවා එම වරද ම අනුගමනය කරමින් එයට සත් කෝරළය යන නම ව්‍යවහාර කළ බවත්ය.මුලින්ම කෝට්ටේ රාජ්‍යය සතුව පැවැති සත් කෝරළය පළමු වන රාජසිංහ රජුගෙන් පසුව උඩරට රාජ්‍යයේ කොටසක් බවට පත්විය. ශ්‍රී ලංකාද්වීයේ කඩඉම් පොත රචිත සමයේ දී මෙම ප්‍රදේශයට දඹදෙණි රට, දේවමැද්ද රට, කුරුණෑගල්බඩ රාජ්‍යය, විල්ලි දෙගම්බඩ, මිණිසර, නාරංවින්න යන ‘රට’ නමින් හැඳින්වූ ප්‍රදේශ අයිති විය. පසුව මාතලේ දිසාව මහ දිසාවක් ලෙස සීමා පු`ඵල් කිරීමේදී සත් කෝරළයෙන් කොටසක් ද එයට එකතු කළ බව මාතලේ කඩඉම් පොත සඳහන් කරයි. සත් කෝරළය, හත් පත්තු වශයෙන් බෙදන ලද්දේ එයින් ද බොහෝ කාලයකට පසුව එනම් ක්‍රී.ව. 1836 දී ඉංග්‍රීසීන් විසිනි. 1881 දී කටුගම්පොළ හා දේව මැදි හත්පත්තුවලින් කොටසක් වෙන්කර දඹදෙණිය නමින් නව හත්පත්තුවක් නිර්මාණය කෙරිණි.

මෙයින් හත් පත්තු හයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට ද දෙමළ හත්පත්තුව පුත්තලම දිස්ත්‍රික්කයට ද අයත්වේ. එම කොටස් පහත පරිදි විය.1. වන්නි – මාඟුල් මැද, ගංදහය, මාඟුල් ඕතොට, හතළිස්පහ, කංතිහ, පහළණ විසිදෙක, මී ඔයෙන් එගොඩ කෝරළ2. හරියාල- විසි දෙක පත්තුව, හැටහය පත්තුව, ඕතොට, පත්තුව තිත්තවැලි ගන් දහය පත්තුව, මහගල්බඩ, දිවිගන්දහය පත්තුව, නිකවාගම්පහ පත්තුව3. වෑ උඩ විල්ලි- වෑඋඩ පත්තුව, ගන්නවය පත්තුව, දිවිගන්දහය පත්තුව, කුඩාගල්පොඩ පත්තුව, මාදුරේ පත්තුව, හේවා විස්ස පත්තුව, කිරගංදහය පත්තුව4. දේවමැදි- මැදගන් දහය කෝරළේ, බලදොර කෝරළේ, උඩුකහ කෝරළේ, ගිරාතලන් කෝරළේ, වල්ගම් කෝරළේ, තිස්සව කෝරළේ5. කටුගම්පොළ – කටුගම්පොළ, උඩුකහ, යටිකහ, මැද, යටිගම් කරඳ, පිටිගල්6. දඹදෙණි- උඩපොල ඕතොට පත්තුව, උඩුගහ පත්තුව, මැදිසිය පත්තුව, රුංකා පත්තු, මයුරවැටි7. දෙමළ -පණ්ඩිත පත්තුව, කුමාර වන්නි පත්තුව, පල්ලම් පත්තුව, පරවිලි පත්තුව, කරමේ පත්තුව, කිරිමැටිය පත්තුව, රාජවන්නි පත්තුවපුරාණ බෙදීම් අනුව ලංකාව රුහුණු , මායා, පිහිටි වශයෙන් තුන් හෙළයයි. මෙයින් හත්කෝරළය අයත්වූයේ මායා රටටයි. මායා රටට අයත් රටවල් විසි නවයක් විය.

සිරිලක් කඩයිම් පොතේ දැක්වෙන අන්දමට මායා රටේ විසිපස්වෙනි වැකියන රට කුරුණෑගල්බඩ රාජ්‍යයයි. (කඩයිම් පොත පිටුව 16 ගිරාතලාන උන්නාන්සේ අතීතයේ “කුරුකැටි නෑයෝ” විසූ හෙයින් කුරුණෑගල යන නම ඇතිවූ බව මතකයක් පවතී.කුරුරටින් ආ නෑයින් විසූ ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළය ලෙස හැඳින්වුවද එදා සත්කෝරළය (1836)වෑඋඩවිල්ලි හත්පත්තුවහිරියාලේ හත්පත්තුවදෙව්මැදි හත්පත්තුවදඹදෙණි හත්පත්තුවකටුගම්පල හත්පත්තුවවන්නි හත්පත්තුවදෙමළ හත්පත්තුවයන පත්තු හයකින් සමන්විත විය. පත්තුව ,කෝරළය හෙවත් පළාතක කොටසකි. පත්තුවක් තුළ කුඩා කෝරළ විශාල සංඛ්‍යාවක් තිබූ බව පහත සඳහන් උදාහරණ වලින් පෙනේ. මෙයින් එක කෝරළයකට ගම් විශාල සංඛ්‍යාවක් අයිති විය.1. වෑඋඩවිල්ලි හත්පත්තුව ගම්1. මාදුරේ කෝරළය 1022. ගන්නෑව කෝරළය 193. ගම්දහය කෝරළය 564. හේවාවිස්ස කෝරළය 505. මහගල්බඩ එගොඩ සහ මෙගොඩ කෝරළය 936. කුඩාගල්බඩ කෝරළය 437. තිරගම් දහය කෝරළය 73එයට අයත් කෝරළ ගම්1. දිවිගන් දහය කෝරළය 902.නිකව ගම්පහ කෝරළය 1113. ඉහළ ඕතොට කෝරළය 604. තිත්තවැලි ගම් දහය කෝරළය 655. මහගල්බොඩ එගොඩ කෝරළය 1116. ගැටහයේ කෝරළය 967. ඉහළ විසිදෙකේ කෝරළය 683. දෙවමැදි හත් පත්තුවකෝරළ හා ගම්1. උඩගහ කෝරළය 512. වල්ගම් පත්තු කෝරළය 2223. මැදගම් දහය කෝරළය 724. බලදොර කෝරළය 1325. ගරාතලාන කෝරළය 1176. තිස්සව කෝරළය 1077. අංගමු කෝරළය 494. දඹදෙණී හත්පත්තුව1. රැකෝ පත්තුව2. උඩපොල මැදපත්තුව3. උඩපොල ඕතොට4. උඩකන නැගෙනහිර/බටහිර

5. මයුරාවතී මැදපත්තුවකටුගම්පොල හත්පත්තුවකෝරළ1. මැද්දේ කැටිය කෝරළය2. යටිකහ කෝරළය දකුණ3. යටියන කෝරළය උතුර4. කරදාපත්තු කෝරළය5. කිනියමපත්තු කෝරළය6. යහම්පත්තු කෝරළය7. කටුගම්පොළ කෝරළයු8. මැදපත්තු කෝරළය නැගෙනහිර /බටහිර9. පිටිගල් කෝරළය6. වන්නි හත්පත්තුවකෝරළ ගම්1. මී ඔයෙන් එගොඩ කෝරළය 1212. හතලිස්පහේ කෝරළය 1323. හතළිස්පහේ කෝරළය නැගෙනහිර 1954. පහලවිසිදෙකේ කෝරළය 1685. ගම්තිහ කෝරළය 1416. මාගුල් මැදගන් දහය කෝරළය නැගෙනහිර 797. මාගුල් මැදගන් දහය කෝරළය බටහිර 898. මාඟුල් ඕතොට කෝරළය 1009. කටුවන්නා කෝරළය 1217. දෙමළ හත්පත්තුවකෝරළ ගම්1. රාජවන්නි පත්තුව 442. කිරිමැටියා පත්තුව 923. පේරවිලි පත්තුව 304. කරඬේ පත්තුව 505. පණ්ඩිත පත්තුව 576. කුමාර පල්ලම් පත්තුව 69’කුරුණෑගල අවධිය’ ලෙස සැලකෙන්නේ අඩසිය වසක පමණ කෙටි කාලපරිච්ඡේදයකි. ක්‍රි.ව. 1273 – 1283 දක්වා රජ කළ ලෝකේකබාහු නොහොත් භුවනෙක බාහුගේ පුත් දෙවැනි වත්හිමි භුවනෙකබාහු (1293 – 1302) රජවීමත් සමඟය. වත්හිම් භුවනෙකබාහු කුරුණෑගල රාජධානියේ මුල්ම රජු ලෙස ඉතිහාස ගතවී ඇත. ඔහුගේ ඇවෑමෙන් දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු ක්‍රි.ව 1303 සිට ක්‍රි.ව 1333 දක්වා රජකම් කළේය. අනතුරුව තුන්වැනි බුවෙනකබාහු රජවිය. මේ රජතුමා හැඳින්වූයේ වන්නි බුවනෙකබාහු නමිනි. ක්‍රි.ව. 1334 දිට 1335 දක්වා එතුමා රජකම් කළේය.