Naifmvlog

Naifm vlog Gossip and News

සොඳුරු නිවෙසක් තනා ගැනීම

සතුටින් ජීවත් වෙන්න ඕනෑම කෙනෙක් ආසයි. ජීවිතයට සතුට ලබා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ලස්සන ගෙදරක ජීවත් වෙනවා කියන එක සතුට දනවන, නිහතමානීව ආඩම්බර විය හැකි කාරණාවක්. තමන්ගේ දුවා දරුවන් සමඟ දිවි ගෙවීමට හැකි සොඳුරු නිවෙසක් තනා ගැනීම අප හැමෝටම තියෙන සිහිනයක්. නමුත් ඒ හීනේ තම ජීවිත කාලය තුළ සැබෑවක් කරගන්න හම්බ වෙන්නේ කීයෙන් කීදෙනාටද. මුලින්ම ගෙයක් හදන්න ගනිද්දී නිවාස ඉදිකිරීම් පිළිබඳ දැනුවත් කමක් නොමැති වීම ගොඩක් අයට තියෙන පොදු ගැටලුවක්. නිවෙසේ තියෙන ඉඩකඩ කොහොමද, තමන්ගේ අවශ්‍යතා සඳහා ඉදිකරන නිවෙසේ කොටස් සෑහෙනවද, ඉදිකිරීම් සඳහා කොතරම් මුදලක් වැය වෙනවද, වියදම් කරන මුදලට කොතරම් ඉදිකිරීම් කළ හැකිද යන්න කාරණා ගැන නම් බොහෝ දෙනෙක් නොදැනුවත්. අන්තිමේදී අතේ තියෙන මුදල් වියදම් වෙලා වසර ගණනක් ඉදිකිරීම් ඇනහිටිනවා. එහෙමත් නැතිනම් නිවෙසේ ඉදිකිරීම් ගැන බොහෝ දෙනෙක් සෑහීමකට පත්නොවන අවස්ථා එමටයි.

නිවෙසක් ඉදිකොට අවසන් කරගත නොහැකිව අර්ධ වශයෙන් ඉදිකිරීම් කළ නිවෙසක වසර ගණනක් තිස්සේ ජීවත් වීමට හේතු සාධක වන වාස්තු දෝෂ ගැන අද අප උදාහරණයක් ඇසුරෙන් සාකච්ඡා කරමු.ඇතුගල්පුරයේ පිහිටා තිබුණු එක්තරා ගෘහයක් විශාල නිවෙසක් වශයෙන් ඉදිකිරීම් ආරම්භ කොට තිබුණද, වැඩ අවසන් කර තිබුණේ කොටස් කිහිපයක් පමණි. රජයේ ගුරුවරයකු වශයෙන් සේවය කරන අතරතුර ගෘහමූලිකයා කෘෂිකාර්මික සුළු ව්‍යාපාරයක නිරතව සිටියේය. රජයේ සේවයෙන් අඩු කලකින් විශ්‍රාම ගොස් එයින් ලැබුණු මුදල්ද, කෘෂිකාර්මික ව්‍යාපාරයෙන් ලැබුණු මුදල්ද සියල්ලම පාහේ යොදවා තිබුණේ වරින්වර මෙම නිවෙස ඉදිකිරීම සඳහාය. බොහෝ වෙහෙස මහන්සි වී තම අරමුණ ඉටුකර ගැනීමට වසර 20ක් තිස්සේ උත්සාහ කළද නිවෙස සාදා නිමකර ගැනීමට නොහැකි විය. නිවෙසක් සාදා නිම කළ හැකි තරමේ මුදලක් ඒ වන විට වියදම් වී තිබුණද, වියදමට සාපේක්‍ෂව නිවෙසේ ඉදිකිරීම් සිදුවී තිබුණේ 40%ක පමණය. නිවෙස් පරීක්‍ෂා කිරීමේදී මෙලෙස ඉදිකිරීම් අඩාළ වී නිවැසියන්ගේ ජීවිත පිරිහීමට හේතු සාධක සොයා ගැනීමට හැකිවූ අතර, නිවෙසේ වාස්තු පරීක්‍ෂා කිරීමට හේතුව එයයි. තිබූ වාස්තු දෝෂ සහ එම ගැටලු විසඳා ගැනීමට මා උපදෙස් ලබාදුන්නේ මෙසේය.

ගෘහ පිණ්ඩය සම්පූර්ණ නොවීමනිවෙසක ගෘහ පිණ්ඩය හෙවත් සැකිල්ල සම්පූර්ණ වීමට නම් අත්තිවාරම සහ බිත්ති, වහලය යන අංග තුනෙන්ම සම්පූර්ණ වී ආරක්‍ෂා විය යුතුය. එමෙන්ම සම්පූර්ණයෙන් දොර, උළුවහු තබා තිබිය යුතුය. (අවම වශයෙන් ප්‍රධාන දොර උළුවස්ස සහ මුළුතැන්ගේ උළුවස්ස තබා තිබිය යුතුය.) ඉදිකිරීම් අර්ධ වශයෙන් සිදුකළ බොහෝ නිවෙස්වල මෙන්ම මෙම නිවෙසේද කොටස් කිහිපයක් පමණක් ඉදිකොට තිබීමෙන් දොර, ජනෙල් නිසි ලෙස නොතැබීමෙන්ද ගෘහ පිණ්ඩය අසම්පූර්ණ විය.එයින් ගෘහය පල නොදෙන තත්ත්වයට පත්විය. මෙලෙස සිදුවීමෙන් ඉදිකිරීම් ආදිය වසර ගණනක් ඇනහිටී. ගෙහිමියාට සම්පූර්ණයෙන් නිවෙස ඉදිකිරීමට වත්කමක් නොමැති හෙයින් ඉදිකිරීම් ආරම්භ කිරීමට සර්වප්‍රකාරයෙන්ම වැඩකටයුතු සාර්ථක වන නිවාස නැකැතක් ලබාදී ගෘහ පිණ්ඩය සම්පූර්ණ වන ලෙසට නිවෙස කොටසින් කොටස ඉදිකරන ආකාරයට උපදෙස් දුණි. විශේෂයෙන් අර්ධව ඉදිකළ නිවෙසක් සම්පූර්ණයෙන් සාදා නිම කිරීමට නම් ප්‍රථමයෙන් ජීවත්ව සිටින කොටස් වාස්තු විiානුකූලව සකස් විය යුතුය.

නිරිත දිශාවට වූ ඉඩමේ බෑවුමමුළු ඉඩමේම වැසි වතුර ගලා බසින්නේ නිරිත දිශාවෙන්ය. එය අසුබ වෙයි. මෙලෙස භූමිය පිහිටි විට සියල්ල හානි වන අතර, ජීවිතයේ පසුබෑම් ඇති වෙයි. වතුර බස්නාව සුබ දිශාවක් වන බස්නාහිර දිශාවෙන් බැස යන ලෙසට සකස් කරගන්නා ලදී.ප්‍රධාන දොරක් නොමැති නිවෙසමෙම නිවෙසට ප්‍රධාන උළුවස්සක් නොමැති විය. කාමර කිහිපයකට උළුවහු යොදා තිබිණි. නිවෙසට ඇතුළු වීමට භාවිත කර තිබුණේ මුළුතැන්ගෙයි වූ දොරය. මෙලෙසින් පරිවාර දොරවල් භාවිත කිරීමෙන් නිවෙසක් පල නොදේ. මන්ද ප්‍රධාන දොරක් නොමැති නිවෙස හිසක් නොමැති මිනිසකු වැනිය. එනම් කවන්ධයක් සේය. විශේෂයෙන් ප්‍රධාන උළුවස්ස නිවෙසේ අනෙක් උළුවහුවලට වඩා විශාල විය යුතුය. (පළල මෙන් දෙගුණයක් උස් විය යුතුය.)නිවෙසේ ක්‍රියාකාරිත්වය සක්‍රීය වන ලෙස නිවාස නැකැතකට ප්‍රධාන දොර උළුවස්ස ධන පාදයට තැබීමෙන් එම දෝෂය ඉවත්කරන ලදී.විශාල නිවෙසක් ඉදිකිරීමට ආරම්භ කළද නිසි පරිදි ඉදිකිරීම් සිදුකර ගැනීමට නොහැකිව තිබූ මෙම නිවෙස දැන් මේ වන විට සාදා නිම කොට ඇති අතර, ගෙහිමියා ඇතුළු දූදරුවන් සැනසිලිදායී දිවියක් ගතකරයි.