Naifmvlog

Naifm vlog Gossip and News

අභ්‍යවකාශ තරණය පිළිබඳ පුහුණුව ලබා

අභ්‍යවකාශය පිළිබඳ පර්යේෂණ ඈත අතීතයේ සිටම අද වනතුරුත් ලෝකයේ විවිධ රටවල් තරගයක් ලෙස ක්‍රියාත්මක කරනවා. මෙහිදී ඔවුන් පර්යේෂණ සඳහා යොදා ගන්නේ මිනිසුන් පමණක් නොවෙයි. හෙළ රහස් තුලින් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ අභ්‍යවකාශ ගත වුන ප්‍රථම චිම්පන්සියා ගැන විස්තරයි.අභ්‍යවකාශ තරණය පිළිබඳ පුහුණුව ලැබූ හැම්නාසා ආයතනය තමන්ගේ ව්‍යාපෘතියක් වූ බුධ ග්‍රහයා වෙත ගමන් කිරීම සඳහා වූ පර්යේෂණයකට සතුන් සිය ගණනක් බඳවා ගනු ලැබුවා. 1957 උපත ලැබූ හැම් නමැති චිම්පන්සියා එවකට කැමරූන් හි සිට එක්සත් ජනපද ගුවන් හමුදාව ස්වදේශික වනාන්තරයෙන් සොයාගන්නට සමත් වුණා. ඉන් අවුරුදු තුනකට පසුව ගුවන් හමුදාව විසින් සතුන් දුසිමකට වැඩි ප්‍රමාණයක් අප්‍රිකාවේ සිට එක්සත් ජනපදයට පියාසර කරමින් නව මෙක්සිකෝහි ඇලමගෝර්ඩෝ හොලොමන් හමුදා කඳවුරේ තිබූ අභ්‍යවකාශ චිම්පන්සි සඳහා පාසල ලෙස හැදින්වූ ස්ථානයට ඇතුළත් කළා.

හැම් සිය ගුවන් ගමනට පෙර හැඳින්වූයේ අංක 65 ලෙස වන අතර ඔහුගේ පුහුණුකරුවන් මේ චිම්පන්සියාව හැදින්වූයේ “චොප් චොප් චෑං” ලෙසයි. සාර්ථක පුහුණුවකින් අවසානේ 1961 ජනවාරි 31 වන දින හැම් එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහනේ මර්කරි ව්‍යාපෘතියක කොටසක් වන මර්කරි-රෙඩ්ස්ටෝන් 2 මෙහෙයුමට පියාසර කළා. ඔහුගේ ගුවන් ගමන සාර්ථක වීමත් සමග අංක 65 වෙනුවට “හැම් ද චිම්ප්” සහ හැම් ද ඇස්‍රට්‍රොචිම්ප්” ලෙස හඳුන්වනු ලැබුවා.හැම් ගේ පුහුණුව1959 ජූලි මාසයේ සිට අවුරුදු දෙකක් වයසැති චිම්පන්සියාව විදුලි පහන් සහ ශබ්ද වලට ප්‍රතිචාර වශයෙන් සරල කාලානුරූපී කාර්යයන් කිරීම සඳහා හොලොමන් ගුවන් හමුදා කඳවුරේ ගුවන් වෛද්‍ය ක්ෂේත්‍ර විද්‍යාගාරයේ ස්නායු විද්‍යාඥ ජෝශප් වී බ්‍රැන්ඩි ගේ මගපෙන්වීම යටතේ පුහුණු කරනු ලැබුවා. පියාසර කිරීමේ පෙර පුහුණු අතරතුර නිල් ආලෝකයක් දැක තත්පර 5ක් ඇතුලත ලීවරයක් තල්ලු කිරීමට උගන්වනු ලැබුවා.

එසේ කිරීමට අපොහොසත් වීමෙන් ඔහුගේ පාදවලට විදුලි සැර වැද්දුව අතර නිවැරදි එම ක්‍රියාව සිදු කර විට ඔහුට කෙසෙල් ගෙඩියක් ලැබුණා.1961 ජනවාරි 31 වන දින හැම් MR2 ලෙස නම් කරන ලද ව්‍යාපෘති මර්කර් මෙහෙයුමක දී ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි උප නාගරික ගුවන්යානයකින් දියත් කරනු ලැබුවා. පසුව පරිඝණක ඔස්සේ ඔහුගේ වැදගත් සංඥා සහ කාර්යන් සංවේදක මගින් නිරීක්ෂණය කරනු ලැබුවා. කැප්සියුලයට පියාසර කරන අතරතුර අර්ධ වශයෙන් පීඩනය අඩු වුණු නමුත් හැම්ගේ අභ්‍යවකාශ ඇඳුම් ඔහුට කිසිදු හානියක් සිදුවීම වැළැක්වනු ලැබුවා. නිරීක්ෂණ වලින් පැහැදිලි වුණේ හැම්ගේ ලීවරය තල්ලු කිරීමේ ක්‍රියාවලිය අභ්‍යවකාශයේදී පෘථිවියට වඩා තත්පරයක් පමණ මන්දගාමී බවයි.

හැම්ගේ මේ සාර්ථක ගුවන් ගමනට විනාඩි දාසයයි තප්පර තිස් නවයක් ගත වූ අතර නැවත ගොඩ බෑමේදී ඔහුට සිදු වූ එකම ශාරීරික තුවාලය වන්නේ නසයේ ඇතිවූ තැල්මයි.හැම්ගේ විවේකී සමයහැම් එම ගුවන් ගමනෙන් පසු වොෂින්ටන් හි පිහිටි ඩී සී ජාතික සත්වෝද්‍යානයේ අවුරුදු දාහතක් පමණ ජීවත් වුණා. 1983 දී ඔහුගේ මරණින් පසු හැම්ගේ දේහය සන්නද්ධ ව්‍යාධි හමුදා විද්‍යා ආයතනය වෙත ගෙන ගියා. ලොව පුරෝගාමී අභ්‍යවකාශ සුනඛයන් වන බෙල්කා සහ ස්ට්‍රෙල්කා සමඟ සෝවියට් පූර්වාදර්ශය අනුගමනය කරමින් ඔහු ස්මිත්සෝනියන් ආයතනයේ පුළුන් පුරවා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කළා. කෙසේ වෙතත් ඊට සෘණාත්මක මහජන ප්‍රතිචාර ලැබීමත් සමඟ ඉන්පසුව එම සැලැස්ම අතහැර දමනු ලැබුවා. අවසානයේ ඇටසැකිළි බවට පත්වූ හැම්ගේ දේහය නිව් මෙක්සිකෝවේ ඇලමගෝර්ඩෝ හි පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ ශාලාවේ තැන්පත් කරනු ලැබුවා.

හැම් සමග බුධ වැඩ සටහනේ පුහුණුව ලැබු එකම කාන්තා චිම්පන්සිය හැදින්වූයේ මිනි නමින්. මර්කරි වැඩසටහනේ ඇගේ භූමිකාව අවසන් වීමෙන් පසුව මිනි ගුවන් හමුදා වැඩසටහනක කොටස්කරුවකු බවට පත්වුණා. එහිදී ඇය දරුවන් නව දෙනකු බිහි කළ අතර චිම්පන්සි ජනපදයේ තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුගේම දරුවන් ඇතිදැඩි කිරීමට ඇය උපකාරි වුණා. නමුත් ඇයත් 1998 මාර්තු 14 වන දින මිය ගිය අතර ඒ වන විට ඇයට වයස අවුරුදු 41ක් වුනා.අභ්‍යවකාශ තරණයේ පූර්ණ අයිතිය සහ ගෞරවය මිනිසුන් විසින් තනිවම භුක්ති විදීමට උත්සාහ කලත් එයට සතුන්ගේ නොමද දායකත්වයක් ලැබුණු බවට හොඳිම උදාහරණය වන්නේ මේ වීර චිම්පන්සියා හැම්.