Naifmvlog

Naifm vlog Gossip and News

ලංකාවේ සෞඛ්‍ය වැඩපිළිවල

අමෙරිකාව සමඟ සසඳා බලන විට ක-විඩ් වෛරසය හමුවේ ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවල ඉතා ඉහල මට්ටමක පවතින බව ඇමරිකානු රෝහල් සමුහයක වෛද්‍ය අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරන වෛද්‍ය මාලිකා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කරනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ Nuwan’s Hour වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.ඇමරිකවේ රෝහල් සමුහයක් හොඳම රෝ්හල් බවට පත්කරමින් පසුගිය වසරේ හොදම රෝහල් අධ්‍යක්ෂිකාව වු සවුත් කැරොලිනාහි රොක්හිල් – හෙල්ත්සවුත් රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරියක වන විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරිය රොක්හිල්

හෙල්ත්සවුත් රෝහල අමෙරිකාවේ හොඳම පුනරුත්ථාපන රෝහල බවට පත් කිරීම සඳහා මූලිකත්වය ගත් වෛද්‍යවරියක ලෙස ප‍්‍රසාදයට පත්ව සිටිනවා.ඒ අනුව ඇය අමෙරිකාවේ සවුත් කැරොලිනාහි සිට අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ නිවුයෝක් මිචිගන් වැනි ප්‍රදේශ වලට ඉතාම තදින් ක-විඩ් බලපෑම ඇති වී තිබෙන බවත් අනෙකුත් ප්‍රාන්තවලත් මේ වන විට සීඝ්‍රයෙන් ක-රෝනා ආසාධිතයින් වාර්තා වන බවයි.එසේම ශ්‍රී ලංකාවේ මෙන් එරට නිරෝධායන කටයුතු සිදු නොවන බවත්, ඇතිවී තිබෙන තත්වය හමුවේ අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල් වලට ගන්නා බවත්, මේ වන විට රොහල්වල ඉඩපහසුකම් පවා නොමැති බවත් ප්‍රකාශ කළ ඇය මේ සම්බන්ධයෙන් වැඩිදුරටක් පැහැදිළි කළේය.