Naifmvlog

Naifm vlog Gossip and News

දිනක්ෂිගෙන් සැර උත්තරයක්

මේ දවස්වල හැමෝම කරන්න දෙයක් නැතුව ගෙදර ඉන්න වෙලාවේ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් තමයි යන්තමින් හරි පිහිටට ඉන්නේ. ඒ වගේ තත්ත්වයක් උඩ සමාජ මාධ්‍ය හරහා කෙරෙන අභියෝග පෙළක් පහුගිය දවස් ටිකේ එක දිගට දකින්න ලැබුනා.මේ අතරින් බොහොම වැදගත් අභියෝග කිහිපයක් දකින්න නොලැබුණාම නෙමෙයි.ඒ වගේ එකක් තමයි Home Gardening challenge කියලා කියන්නේ. මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ ලංකාවේ ඉන්න ජනප්‍රිය තරු. ඊට පස්සේ දේශපාලඥයන්, ගායක ගායිකාවන් වගේ ලංකාවේ ඉන්න ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන පිරිස මේකට ටිකෙන් ටික එකතු වෙලා තිබුනා.

ඉතින් මේ අභියෝගය භාරගත්ත දිනක්ෂි තමන්ගේ ගෙදර වත්තේ පුංචි මුරුංගා පැළයක් හිටවන්න වුණා. සමාජ මාධ්‍ය ඇතුලේ සක්‍රීය තාරකාවියක් වුන දිනක්ෂි මේ සම්බන්ධ පින්තූර කිහිපයක් තමන්ගේ ෆේස්බුක් ගිණුමටත් එකතු කරන්න අමතක කළේ නෑ.හැබැයි නොහිතපු විදිහට මේකට ගොඩක් අයගෙන් ලැබුනේ බොහොම නරක ප්‍රතිචාරයක්. පැළය හිටවපු දිනක්ෂි ඒකට වැන්ඳ එකත් ගොඩක් අය නරක දෙයක් විදිහට දැකලා තිබුනා. මුරුංගා පැළයක් පොඩි භාජනයක් ඇතුලේ හිටවනවා දැකපු ගොඩක් අය ඇයට හිනාවෙන්න ගත්තා. මේ හැම උපහාසයකටම දිනක්ෂි උත්තරයක් දීලා තිබුනේ මෙන්න මෙහෙම.රිද්මි පතිරණ