Naifmvlog

Naifm vlog Gossip and News

සීතල යැයි සම්මත ගොටුකොළ

ක-රෝනා අවදානමට රටවැසියන් මුහුණපා ඇති මේ මොහොතේ අප එක් එක් අයකුට අපගේ පවුල මෙන්ම රට වෙනුවෙන්ද ඇති වගකීම අතිමහත්ය. අපගේ නිරෝගී බව රැකගැනීම මේ මොහොතේ අපගෙන් ඉටුවිය යුතු ජාතික යුතුකමක් බව සිහි තබාගන්න.මේ දිනවල අප සෑම ආහාර වේලක් සඳහාම ප්‍රතිශක්තිය වැඩි කරන දේශීය කෑම පිළියෙල කරගෙන පරිභෝජනයට ගත යුතුයි. ප්‍රතිශක්තිය නංවන කැඳ වර්ග, ආහාර මෙන්ම පාන වර්ගද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා.විශේෂයෙන්ම අප අක්මාව නිරෝගීව තබා ගැනීම අතිශයින්ම වැදගත්. අක්මාවේ විස නසන, එය පිරිසුදු කරන හීන්බෝවිටියා, මුස්සැන්න, යකිනාරං, මොනරකුඩුම්බිය, පිටවක්කා, ගැටතුඹ, කරපිංචා, එළබටු කොළ වැනි කැඳ වර්ග මේ සඳහා ඉතාම ගුණදායකයි. විශේෂයෙන්ම එළබටු කොළ කැඳ ශ්වසන රෝග දුරලන්නට ඉවහල් වෙනවා.

මෙවැනි වකවානුවක සෙම වඩන කැඳ වර්ග භාවිතයෙන් ඔබ අනිවාර්යයෙන්ම වැළකිය යුතුයි. සාමාන්‍යයෙන් සීතල යැයි සම්මත ගොටුකොළ, මුගුණුවැන්න, හාතාවාරිය වැනි කැඳ වර්ග භාවිතයෙන් වළකින්න.ඒ වගේම වස විස මිශ්‍ර එළවළු, පලතුරු භාවිතයෙනුත් ඔබ වැළකිය යුතුයි. දෙමුහුන් එළවළු හා පලතුරුත් ඊට අයත් බව මතක තබාගන්න. පලා වර්ග හැටියට කතුරුමුරුංගා වගේම කොහිල දලුත් ඉතාම ගුණදායකයි. ඒ වගේම වෙරළු, දෙළුම්, ලාවුළු, සීනි කැකිරි, දිවුල්, බෙලි, වරකා වැනි පලතුරුවල ප්‍රතිශක්තිය නංවන ගුණය ඉතාම ඉහළයි.එමෙන්ම කුරුඳු මිශ්‍ර තේ පානය අක්මාවට මෙන්ම ප්‍රතිශක්තිය ඉහළ නැංවීමටත් සමත් වෙනවා. වයස අවුරුදු 01 සිට ඉහළට පුංචි දරුවන්ට පවා කුරුඳු කුඩු, ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක් ගුළි කරගෙන මී පැණි කවලම් කර ගිලින්නට දෙන්න. වැඩිහිටි අය කුරුඳු කුඩු තේ හැඳි කාලක පමණ ප්‍රමාණයක් මී පැණි සමඟ මිශ්‍ර කර අනුභව කරන්න.

බෙලිමල්, රණවරා, වේළපු බෙලි කොළ, කරපිංචා වැනි දේවල් තේ වෙනුවට පානයට ගන්න. මේ හැම එකකටම ඉඟුරු කැබැල්ලක් මිශ්‍ර කරන්න අමතක කරන්න එපා.කෙසෙල් ගෙඩි අනුභවය සඳහා ගැනීමේදී මේ වකවානුවේ ආනමාළු, ඇම්බුම් වැනි වර්ග භාවිතයට ගැනීමෙන් වළකිනවා නම් හොඳයි. ඒවා යම් තරමකට සෙම වඩන පලතුරු නිසා සෙම් රෝග ඇතිවීම කෙරෙහි බලපාන්න පුළුවන්.එමෙන්ම බටහිර ඔෟෂධ භාවිත කරන දියවැඩියාව වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන අයට ඔෟෂධ සපයා ගැනීමේ අපහසුකම් ඇති නම් රාත්‍රි ආහාරය වෙනස් කරන්න. බත්, කැඳ පානය කරන්න. එහෙම නැති නම් කුරහන්වලින් හදාගත් කෑම වර්ගයක් අනුභව කරන්න.ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇති වේගෙන එනවා නම් හෝ වැලඳී ඇත්නම් දෙහි දලු, නික දලු, කුප්පමේනියා දලු, යකි නාරං දලු, අමු ඉඟුරු, සුදු ලූනු, ආඩතෝඩා දලු කොටා පොට්ටනියක් හදාගෙන එය වණ්ඩුවේ තම්බා ඉන්පසුව කෝප්පයකට මිරිකාගෙන ඊට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර උදේට පානය කරන්න.

එමඟින් සෙම් ගතිය පහව යනවා. ඒ වගේම උණ ගතිය, හුස්ම ගැනීමේ අපහසුව ඇති අය වගේම දිගු කාලීනව ඇදුම රෝගයට බෙහෙත් ගන්නා අයට මෙය ඉතාම ගුණදායකයි.එමෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට නින්ද කියන සාධකය අතිශයින්ම වැදගත්. මේ දිනවල කිසිලෙසකින්වත් වුවමනාවට වඩා නිදි වරමින් තමන්ගේ ජීවන රටාව අක්‍රමවත් කරගන්න එපා. නිදාගන්නේ පැය 6ද 8ද ඒ වේලාව උපරිමයෙන් නින්ද සඳහා වැය කරන්න වග බලාගන්න.ස්නානය කිරීමේදී හිරු එළිය පවතින වේලාවේ ඒ සඳහා යොදාගන්න. රාත්‍රි කාලයේ නෑමෙන් වැළකීමද ඉතාම වැදගත් බව සිහි තබාගන්න.