Naifmvlog

Naifm vlog Gossip and News

තමන් සතු වී තොග

දිවයිනේ සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් ක-විඩ් නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවක්් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ. එම නියෝගය අනුව දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත්කිරීම කළ යුතුය. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශය තුළත් මහ පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියාකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී ඇත.

මේ වන විට මෙටි්‍රක් ටොන් මිලියන 03කට ආසන්න වී අස්වැන්නක් ලැබී තිබේ. එයින් 2/3ක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතී. එහෙයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවීම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවට දැඩි අවදානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දන්වා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය නිවේදනය කරයි.එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක් කර ඔවුන්ගේ නිවෙස්වලටම භාණ්ඩ ලබාදීමේ කාර්ය භාරයේ නිරත මේ මොහොතේ දැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවක් දී කටයුතු කරන ලෙස ලේකම්වරයා දැනුම් දෙයි.ඔසුසල, ඔෟෂධහල් (Pharmacy), බැංකු සේවාද තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලැබේ.