Naifmvlog

Naifm vlog Gossip and News

රෝහල වෙත උපකාරක සේවයක්

ඇය නමින් මෆාෂා රෂීඩ් ය. ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයක සේවය කරන ඇය සමස්ත සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියල්ලන්ටම විශාල පාඩමක් කියාදෙමින් සිටිනවා.කොළඹ ජාතික රෝහලෙන් IDH රෝහල වෙත උපකාරක සේවයක් ලෙස දින 14ක අඛණ්ඩ ප්‍රතිකාර සේවා ලබා දුන් අතර එහි පළමු කණ්ඩායම අප්‍රේල් 10 වන දින නැවත පිටවගොස් තිබුණා. මෆාෂා එහි සාමාජිකාවක්.

කුමන දහමක් ඇදහුවත් රෝගී වීම, ජරාවට පත්වීම හා මරණය පොදු දහමක් බව හොදින්ම අවබෝධ කරගත් ඇය සේවා සපයන්නට වූයේ සෑම විටම ශ්‍රී ලාංකීයත්වය පෙරටු කොටගත් හෙදියක් ලෙසයි. ඉන් එහා කිසිවක් ඇයට වැදගත් නැහැ. සියල්ලන්ම ඇයට යහලුවන්, මව්පියන්, සහෝදර සහෝදරියන් බවයි ඇය කියන්නේ.විටින් විට ඇය පළකරලා තියන අදහස් ඊට හොඳ උදාහරණයක්.තෙරුවන් සරණයි, බුදු සරණයි, දෙවි පිහිටයි, අල්ලාහ්ඩ කාවල්, ඔය මොන විදිහට ප්‍රාර්ථනා කරත් මට නම් ප්‍රශ්නයක් නෑ, ඒ ප්‍රාර්ථනාව හදවතින්ම කරන දෙයක් වෙන්ඩයි ඕන.

Nurse කෙනෙක් විදිහට ලබන්න පුලුවන් උපරිම තෘප්තිය හා ආඩම්බරයක් එක්ක අපි පහලොස් දෙනාගෙ කණ්ඩායම අද IDH රෝහලෙන් පිටවී ආවා!!! ක-රෝනා හැදිලා මං මළත් පුච්චනවා..මේ ඇයගේ අදහස්වලින් කිහිපයක්. ඇය තවත් ජාතියකට අයත් හෙදියක් නොව ශ්‍රී ලාංකික හෙදියක් බවට මීටත් වඩා සාක්ෂි සාධක අවශ්‍ය නැහැ.තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහාද ඇය සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටම වැදගත් පණිවිඩයක් දෙමින් සිටින බව ඔබටත් වැටහේවි.අපට එක්වීමට තවත් සීතීමට කාලය නැහැ. මේ මොහොත අප සැමගේමයි. ශ්‍රී ලාංකීයත්වයට ජය වේවා.