Naifmvlog

Naifm vlog Gossip and News

මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා විද්‍යාලයේ

ගායනයෙන් ඉදිරියට ගිය ඕමානයේ පුංචි කෙල්ල.ඕමාන් රටේ මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි දැරියකි.වයස අවුරුදු එකොළහකි.එහෙත් ඇගේ වැඩ මේ වන විටත් ජාත්‍යන්තරයට ගොසිනි. ඒ නිසාම මේ පුංචි කෙල්ල තවදුරටත් හංගා සිටිය යුතු නැත. ඒ නිසාම සඳැල්ලෙන් රටටම හඳුන්වා දිය යුතුය.යෙනුලි බිනාරා, ජාත්‍යන්තරයෙන් සම්මාන පිට සම්මාන දිනාගන්නේ ගායනයෙන් සහ කථනයෙනි.

රටක් නොව ලොවක් පිනවන්නට සමත් මියුරු හඬක් හිමි ඇය, ගීතය හා නිවේදනය තෝරා ගන්නේ ඇගේම කැමැත්තෙනි.මම පුංචි කාලෙ ඉඳලම ලස්සනට ඇඳ පැළඳගෙන සිංදු කියන්න ආසා කළා. මගේ අම්මත් තාත්තාත් දෙන්නම සංගීතයට කැමැති දෙන්නෙක්. ඒ නිසා මම සිංදු කියන කොට ඒ දෙන්නා බලා හිටියෙ සතුටින්. ඒ වගේම ඒ දෙන්නට, තේරෙන්න ඇති මට ගායන හැකියාවක් තියෙනවයි කියල.පුංචි බිනාරා සංගීතයට කැමැත්තක් ඇති වූ හැටි විස්තර කළේ එලෙසය.‘‘පහුගිය අවුරුද්දෙ ස්වීඩන් රටේ තිබුණා ගායනා තරගයක් ‘සින්ග් වර්ල්ඩ්’ කියලා. මේ තරගය ගැන දැනගත්තු මගේ තාත්තා අයදුම් පතක් යවලා තිබ්බා. ලෝකෙ විවිධ රටවල් හතලිස් දෙකක ළමයි මේ තරගාවලියට සහභාගී වුණා. මම ගායනා කළේ රොක් ශෛලියෙ ගීත. ඒ තරගයෙන් ‘පළවෙනි රනර් අප්’ විදිහට තෑග්ගක් එක්ක.

ප්‍රේක්ෂකාගාරය සතුටු කළ ගායිකාව විදිහට තෑග්ගකුත් මට ලැබුණා.’’බිනාරා ඉන්පසු ජර්මනියේ පැවැති සංස්කෘති අංගයකටද සහභාගී වූවාය.‘‘ඒ තරගය තිබ්බේ බර්ලින් නුවර. ඒ තරගාවලියෙන් මට ලැබුණා ජූරියේ විශේෂ සම්මානයක්.’’මේ විදිහට සම්මානිත වූ පුංචි බිනාරා විවිධ තරගවලදී හොඳම නිවේදිකාව විදිහටද තරග වලින් ජයග්‍රහණය කර තිබේ.‘‘මම ඉන්නෙ ඕමාන් රාජ්‍යයෙනේ. ඉතින් එහෙ විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථා වලින් තවත් කෙනෙකුට පිහිටක්, උපකාරයක් වෙන්න පුළුවන් නිසා. ඒ අවස්ථා වලට මම ඉදිරිපත් වෙන්නෙ සතුටින්. වතාවක් මම එහෙ මානසික රෝහලට ආධාර පිණිස පවත්වපු සංදර්ශනයක සිංදු කිව්වා. ඒ විදිහට මිනිසුන්ට උදව් කරන්න ලැබීම මං හිතන්නෙ වාසනාවක් කියලා. ඒ වගේම ඒක අපේ යුතුකමක් කියලයි මගේ අම්මත් තාත්තාත් මට කියලා තියෙන්නෙ. අපි මිනිසුන් විදිහට තවත් මිනිසකුට උදව් කළ යුතුයි’’බිනාරා පුංචි වුණත් ඇගේ දැක්ම පුංචි එකක් නොවේ. අනාගතයේ තම හඬින් ලොවට යම් මෙහෙයක් කිරීම ඇගේ බලාපොරොත්තුව සහ ආශාවයි.