Naifmvlog

Naifm vlog Gossip and News

කම්කරු සභා මන්ත්‍රීවරියක

නිවුන් දරුවන් සිව් දෙනෙකුගේ හා වැඩිමල් දියණියකගේ ආදරණීය මව වූ ශබ්නම් සාදික් නම් 39 හැවිරිදි මවක බ්‍රිටිෂ් එයාර්වේස් හි චීන මගීන් වැඩිපුර ගැවසුණු ස්ථානයක සේවයේ නිරතව සිටියදී ඇයට ඉඟියෙන් මෙන් දැණුනු ක-රෝනා බිය පිළිබඳව සිය ආදරණීය සැමියා වෙන ස්කයිප් ඇමතුමක් හරහා දැනුම් දී තිබුණා.ස්ලොග්හි කම්කරු සභා මන්ත්‍රීවරියක වූ සාදික්ට සිය සැමියා සමඟ පවුලේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා පාකිස්තානයට යාමට දින කිහිපයකට පෙර කැස්සක් ඇති වී තිබෙනවා.

ඇගේ සැමියා කිස්රාන් සාදික් සඳහන් කළේ, රෝහල්ගත කිරීමට දින දෙකකට පෙර ඇය, ඔහු සහ දරුවන් පස්දෙනා සමඟ ස්කයිප් ඇමතුමකින් සම්බන්ධ වූ බවයි.එහිදී ඇය පවසා ඇත්තේ,”මම ආයේ එන්නෙ නැහැ. එපමණයි. මගේ ජීවිතය අවසන්..” කියා යි.තත්ත්වයේ බරපතලකම වටහා නොගත් සාදික් ඇගෙන් විමසා ඇත්තේ,”ඇයි ඔයා මෝඩයෙක් වගේ කතා කරන්නේ. ඒක ඒ වගේ දෙයක් නෙවෙයිනේ” කියායි.ඇගේ දරුවන් සිතුවේ ඇය වෙහෙසට පත්ව ඇති බවයි.

දින දෙකකට පසු සාදික් හදිසියේම කඩා වැටුණු නමුත් ඉස්ලාමාබාද්හි රෝහල් දෙකක් ඇයගෙන් රෝගය පැතිරෙනු ඇතැයි යන බිය නිසා ඇයව ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.අවසානයේදී ඇය නගරයේ පිම්ස් රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඇය පසුගිය සඳුදා මිය යාමට පෙර දින 24 ක් එම රෝහලේ කාල ගත කර තිබුණා.කෙසේ වෙතත්, සාදික් මහතා ඇගේ හදිසි වියෝව ගැන කනස්සල්ලෙන් සහ පුදුමයෙන් පසු වනවා.ඔහු පැවසුවේ,”චීන ගුවන් ගමන් සමඟ ගනුදෙනු කළ නිසා ඇය වෛරසයේ ගොදුරක් බවට පත්වීමට සිදුවූ බව ඇය තමා හා සඳහන් කළ බවයි…

“ඇගේ මරණය සම්බන්ධයෙන් කම්පනයට පත්ව ඇති පිරිස් ඇගේ ඡායාරූප බොහෝමයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.ඇගේ සොහොයුරිය අංජිම් ඉක්බාල් මෙසේ පැවසුවා,,”ඇය සැබවින්ම පුදුම සහගත කෙනෙක්. බොහෝ මිනිසුන්ගේ ජීවිත ස්පර්ශ කළ අයෙක්. ඇය මිනිසුන්ට, විශේෂයෙන් අනාථ දරුවන්ට, නිවාස නොමැති අයට සහ අඩු වාසනාවන්තයින් වෙනුවෙන් හුඟාක් උදව් උපකාර කළ තැනැත්තතියක්…”