Naifmvlog

Naifm vlog Gossip and News

උයන්න නම් ඉගෙන ගත්තා

මේ දවස්වල තරග නැති නිසා ලංකාවෙ තමයි ඉන්නේ. ඇත්තටම විවේකයක් නම් නැහැ. මොකද මගෙ බිරිඳ මේ දවස්වල ජපානයේ ඉන්නේ. දුවලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මම තනියෙම ඉන්න නිසා කෑමබීම හදාගන්න එකේ ඉඳලම තනියම කරගන්න වෙනවා. හැබැයි ඒකෙත් හොඳ මානසික තෘප්තියක් තියෙනවා. මේ කාලෙ ඇතුළත හොඳට කෑම උයන්න නම් ඉගෙන ගත්තා. අද මම උයන කෑම වේලක් කෑවොත් ඔයා කියයි ‘ඩිලන්ත අයියා රෙස්ටුරන්ට් එකක් දාන්න’ කියලා.

ඒ විතරක් නෙමෙයි කෑම පාලනයත් හොඳටම කළා. ගොඩක් දවස්වලට එක ප්‍රධාන ආහාර වේලකින් විතරක් යැපෙන්න පුරුදු වුණා. ඇඟේ බර කිලෝ දෙකකින් අඩුවෙලා. හැමදාම කොත්තමල්ලිත් බොනවා. ශරීර සෞඛ්‍යය බොහොම හොඳයි.හැමදාම රෑට ෆේස්බුක් එකේ ලයිව් ඇවිත් ලෝකෙ වටේම ඉන්න ලංකාවේ අයව දිරිමත් කරනවා. ඒක මගෙ දින චරියාවේ සතුටින්ම කරන කාරණය වෙලා. මොකද මේ කොවිඩ් වසංගතයත් එක්ක ලංකාවෙ වගේම ලෝකෙ වටේම ඉන්න ලාංකිකයො සෑහෙන පිරිසක් තනිවෙලා ඉන්නවා. ඉතින් මම ෆේස්බුක් එකෙන් ලයිව් ඇවිත් ඒ අයව මානසිකව ශක්තිමත් කරන්න මගෙ අත්දැකීම් ඇසුරින් කතා කරනවා.

තව මනුෂ්‍යයෙක් වෙනුවෙන් උපකාරයක් කරන එක තරම් සතුටක් තවත් නැහැනේ. ඒ විතරක් නෙමෙයි මේ වැඩේදි අපට සම්බන්ධ වෙන ලංකාවේ උදවිය ඉතාම හොඳ වැඩසටහන් යොදාගන්නවා. මුහුණු ආවරණ හදන මැෂිමක් හදන්න යෝජනා වුනෙත් ඒකෙදි තමයි. අපි තව සුමාන දෙකක් විතර ඇතුළත ආරක්ෂක අංශ වෙනුවෙන් මේ මැෂින් එක ගානෙ නොමිලේ දෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ.තරගත් නැති, දින චරියාවෙ අනිත් දේවලුත් අහෝසි වුණු මේ ආපු කාලෙ වගේ කාලයක් නම් ජීවිතේටම ඇවිල්ලා නැහැ. ඒත් දවස පුරාම මොන මොනවා හෝ දෙයක් කෙරෙනවා. මම කොහොමවත් චිත්‍රපටි බලන්නෙ නම් නැහැ. ගෙදර ගොඩක් පොත්පත් එහෙමත් නැහැ. ඒත් මම ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් කියවනවා. ඇත්තටම ජීවිතේ දිහා, ලෝකෙ දිහා ආපහු හැරිලා බලන්න හොඳ අවස්ථාවක් මේක.