Naifmvlog

Naifm vlog Gossip and News

ක්‍රිකට් නිසා මගහැරුණු

අපි මේ දවස්වල ක්‍රීඩාවට අදාළ දේකට කෙරෙන්නේ අපේ යෝග්‍යතා ව්‍යායාම විතරයි. අපිට තනි තනියම කරන්න යෝග්‍යතා ව්‍යායාම් මාලාවක් අපේ පුහුණුකරුවන් ලබාදීලා තියෙනවා. දවසින් දවස වෙනස් වන විදිහටයි ඒවා සැකසිලා තියෙන්නේ. බරපතළ ව්‍යායාම් නැතිව සැහැල්ලු ව්‍යායාම් තමයි ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි පුහුණුකරුවන් සමග දුරස්ථව සම්බන්ධ වෙලා තනි තනි වශයෙන් පුහුණුවීම් සැසි සිදුකරනවා.ඒ හැරුනාම ක්‍රිකට්වලට අදාළ වෙනත් දේවල් නම් කරන්න යන්නේ නැහැ. ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ කාලයක ගෙදර ඉඳගෙන අපි ක්‍රීඩා කරපු වීඩියෝ ආදිය බලල අපට අපේ තාක්ෂණික අඩුපාඩු ආදිය තේරුම්ගන්න මේ කාලය යොදාගන්න පුළුවන් කියලා.

නමුත් අපි එහෙම කරන්නේ නැහැ. මොකද ඒ වැඩේ කරන්න ඕනේ පුහුණුකරුවෙක් එක්ක එකට ඉඳගෙනයි. එතකොට තමයි අපේ අඩුපාඩු මොනවද කියලා හරියටම අඳුනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එහෙම දේට අපි යොමුවෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ව්‍යායාම් හැරුණු විට ක්‍රිකට් කියන දේ වැඩිපුර ඔළුවට අරගෙන නෙවෙයි මේ කාලය ගෙවෙන්නේ. මොකද මේ වාතාවරණය විසඳෙන්න මොනතරම් කාලයක් යයිද කියලා කියන්න බැහැ. එහෙම තියෙද්දි අපි ක්‍රිකට් කියන දේ ඔළුවෙ තියාගෙන ඒ ගැන වදවෙන්න ගියොත් ඒක අතිරේක මානසික පීඩනයක් වෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රිකට්වලට අදාළ වෙනත් දේට අපිට උපදෙස් ලැබිලා නැහැ.ඇත්තටම අපිට මේ මොහොතේ ක්‍රිකට් කියන එක මගහැරුණට, ක්‍රිකට් නිසා අපිට මගැහරුණු ගොඩක් දේවල් දැන් ලැබෙනවා.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමත් එක්ක ඇතිවුනු කාර්යබහුලත්වය නිසා අපට අපේ ගෙවල්වල උදවියත් එක්ක ඉන්න ලැබුනෙම නැහැ. නමුත් පළවෙනි වතාවට අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. අම්මලත් එක්ක එහෙම හිටපු කාලයක් තිබුනෙම නැති තරම්. ඒ විතරක් නෙමෙයි පොඩියට ගෙවතු වගාවකුත් පටන් ගත්තා. ඇත්තටම මම පොත් කියවීමේ පුරුද්දක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ දවස්වල චිත්‍රපටි නම් බලනවා. ගොඩක් වෙලාවට මානසිකත්වය නැංවෙන චිත්‍රපටි බැලෙනවා.ඊට අමතරව සමාජ සේවා කටයුතුවලත් පුළුවන් විදිහට යෙදෙනවා. ඔබට මම කතා කරන මේ වෙලාවෙත් අපි සෞඛ්‍ය අංශවල ප්‍රයෝජනයට ආරක්ෂක ඇඳුම් කට්ටල වගයක් බෙදන්න යන ගමන් තමයි ඉන්නේ.