Naifmvlog

Naifm vlog Gossip and News

දුර්ලභ දෙමුහුම් ක්‍රමය

වනාන්තරය කියන්නේ කුතුහලය පිරුණු තැනක්. සත්ව හැසිරීමත් ඒ වගෙයි. අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි.මේකත් ඒ වගේ කතාවක්. සීබ්‍රාවක් සහ බූරුවෙක් ගැන. හැමෝම පුදුම වන කතාවක්. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලත් වේගෙන් පැතිරුණු කතාවක්.ෂෙල්ඩ්‍රික් වන ජීවී භාරයේ නිලධාරීන්ගේ ජංගම පශු වෛද්‍ය ඒකකයට දුරකථන ඇමතුමක් එන්නේ පසු ගිය මැයි මාසේ දවසක.

ඒක ඔත්තුවක්. සැවෝ නැගෙනහිර ජාතික වනෝද්‍යානයෙන් පැනලා ගිහින් උද්‍යානයට මායිම් වුණු ගම්මානයක අයාළේ යමින් ඉන්න සීබ්‍රාවක් ගැන තමයි ඒ ඔත්තුව ලැබුණේ. මෙයා ඒ වෙද්දිත් ගමේ ගෙදරක කාන්තාවක් ඇතිකළ ගව රංචුවක ගෞරවනීය සාමාජිකාවක් වෙලා ඉඳලා තියෙනවා.මෙයාව ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න ෂෙල්ඩ්‍රික් වනජීවී භාරයේ නිලධාරීන් උදව්කළා.මේ වෙනකොටත් මිනිසුන්ට හුරු වෙලා නිසා සීබ්‍රාව යවන්නේ චියුලු ජාතික වනෝද්‍යානයේ කඳවුරකට.එහේ ටික දවසක් ඉද්දි සීබ්‍රාව ගැබ් ගත්තා.

සීබ්‍රාවකගේ ගර්භනී කාල සීමාව මාස දොළහක්. ඉතින් පැටියා ලැබුණට පස්සෙ හැමෝටම පුදුමයි. පැටියා මඩවළකවත් වැටුණද කියලායි කට්ටියට හිතුණේ. එළියට ඇවිත් තිබුණේ සාමාන්‍ය සීබ්‍රා පැටියෙක් නෙවෙයි. Zonkey පැටියෙක්.Zonkey කියන්නේ සීබ්‍රා සහ බූරුවෙක් අතර ඉතා දුර්ලභ දෙමුහුමකින් බිහිවන සත්ව කලාපයක්.ඇය ප්‍රජාව සමඟ ජීවත් වූ කාලයේ පැහැදිලිවම විනෝදකාමී බූරුවකු දැන හැඳිනගෙන ඇත. ඒ ප්‍රේමයේ ඵලය වුණේ බූරුවෙකුගේ ශක්තිමත් සිරුරට සීබ්‍රා මවගේ ලස්සන ඉරි සහිත කකුල් එකතු වෙලා අපූරූ සත්වයෙක් නිර්මාණය වීමයි.